[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

හෙළ කලාවේ අභිමානය මන නෙත් පිනවන අසිරිමත් මංගල්‍යය

සිරිසුගත තථාගත අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසූහාර දහසක් දහම් කඳින් පහස ලද ශ්‍රීමත් දළදා වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගාව බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනය කරන්නා සේ ම ඉතා විචිත්‍ර කලාත්මක නිර්මාණ නිසා ජනතා නෙත් සිත් ප්‍රසාදයට පත්වන්නේ ය. සම්බුද්ධ ශාසනයේ චිර කාලීන පැවැත්ම උදෙසා ධර්ම විනය මෙන් ම ප්‍රායෝගික වශයෙන් ජනකාන්ත විෂයයන් ද අනිවාර්යයෙන් අවශ්‍ය වන්නේ ය. බුදු දහම ජන ජීවිතයට සම්බන්ධ කිරීමේ දී ප්‍රථමයෙන් පරිකල්පනයට අවධානය යොමු කොට ක්‍රමයෙන් ප්‍රඥාවට යොමු කළ වග ශාසන ඉතිහාසයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ ය. අප බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේගේ චිත්ත සන්තානය ධර්මයට යොමු කළේ මනෝවිද්‍යානුකූල ව උපක්‍රමශීලීව ය. අංගුලිමාල, පටාචාරා, කිසාගෝතමී ආදී චරිත කතා එයට නිදර්ශන වන්නේ ය. ප්‍රකෘතියෙන් ප්‍රභාශ්වර වූ සිත ආගන්තුක අරමුණු නිසා සසල වන විට එය රුචි කරන අරමුණු කරා ම ගමන් කරන්නේ ය. එයින් ලබන වින්දනයට අවශ්‍ය විෂය ධාරාවන්ගෙන් ප්‍රධාන වන්නේ කලාව යි. විශේෂයෙන් බුදුදහම ජනකාන්ත කලාවන් බිහිවීමට උසස් තෝතැන්නක් වන්නේ ය. ශ්‍රී දළදා මාලිගාව මෙ තරම් මනස්කාන්තවීමට ප්‍රධාන හේතු කීපයකි. ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටීම, ශ්‍රී දළදා මාලිගාවේ විවිධ නිර්මාණ, පෙරහර මංගල්‍යය, සුන්දර පරිසරය, ඇඳුම් පැළඳුම් සොබාදහමේ මනස්කාන්ත දර්ශන උතුම් ලොව්තුරු සැපත ලබා ගැනීමට මහෝපකාරී වූ ආකාරය ථේරථේරී ගාථාවලින් දක්නට පුළුවන. කඳු හෙල්, ඇළ දොළ ගංගා මෙන් ම ආකශයේ ඉගිලෙන විහඟුන්ගේ දර්ශනය, සුමිහිරි නාදය චිත්තාකර්ෂණීය මෙන් ම එම සොබාදහමේ ඇති පරිණාම ස්වභාවය අරමුණු කර ගෙන නිර්වාණගාමී ප්‍රතිපදාවට පිළිපන් වග එම චරිත කතාවලින් ප්‍රත්‍යක්ෂ වන්නේ ය. අප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ රජවරුන්, සිටුවරුන් හා මහජනතාව ඉතා අනර්ඝ මාලිගා මන්දිර වෙහෙර විහාර කරවා, සත්රුවන්මය ආසන පනවා වඩා හිඳුවා මහා පුද පෙරහර කළ වග බුද්ධ චරිතයෙන් ප්‍රකට වන්නේ ය.


බිනර පුර අටවක

සැප්තැම්බර් 10 අඟහරුවාදා අ.භා. 11.10 පුර අටවක ලබා
11 බදාදා අ.භා. 11.44 ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]