[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හෙයියන්තුඩුව ඩී.ජේ.ගනේගොඩ පරිත්‍යාගශීලි පදනම 2024 වසරේ “අසරණයින්ට පිහිට වෙමු” යන පාඨය තේමා කොට ගනිමින්, අසරණ පවුලකට නිවසක් තනාදීමේ පළමු පියවර පසුගිය පෙබරවාරි මාසයේ දී ආරම්භ කළ අතර, එම නිවස පසුගිය 21 වැනි දින පියා අහිමි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් අසරණ පවුලක් වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී.

ගල්කිස්ස බෞද්ධායතනයේ දහතුන්වැනි ශිෂ්‍යත්ව ප්‍රදානය

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති, මහෝපාධ්‍යාය ආචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව ප්‍රධාන බෞද්ධායතනයට සම්බන්ධ සංවිධාන හා හිතවතුන්ගේ පරිත්‍යාගයෙන් පවත්වා ගෙන යන දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍ර ශිෂ්‍යත්ව අරමුදල දහතුන්වැනි වරටත් ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අයැදුම්පත් කැඳවා ඇත. දිවියාගහ යසස්සි නා හිමියන්ගේ 80 වැනි ජන්ම දිනය නිමිති කොට ගෙන 2015 ජනවාරි මස 02 වැනි දින මෙම ශිෂ්‍යත්ව අරමුදල නාහිමියන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ආරම්භ කරන ලදී. 2015 වසරේ සිට සෑම වසරක ම බුදුසරණ පුවත්පතේ පළ කළ තොරතුරු මඟින් අයැදුම්පත් කැඳවා විශේෂ පරීක්ෂණ මඟින් තෝරා ගනු ලබන සිසුන් වෙත මසකට රුපියල් 2500/- බැගින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරේ. 2016 වසරේ සිට දිස්ත්‍රික්ක 20ක සිසුන් 350ක් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් දීපව්‍යාප්ත වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙම අරමුදල මඟින් ශිෂ්‍යත්වයක් ලැබීම සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් වෙත රුපියල් ලක්ෂ සියයකට අධික මුදලක් 2024 ජූලි මස අවසන් වන විට පරිත්‍යාග කොට ඇත.


බිනර පුර අටවක

සැප්තැම්බර් 10 අඟහරුවාදා අ.භා. 11.10 පුර අටවක ලබා
11 බදාදා අ.භා. 11.44 ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]