[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මිහින්තලේ මිහිඳු මහ සෑ රදුන් වහන්සේ

නිකිණි පුර අටවක

අගෝස්තු 12 සඳුදා පූ.භා. 07.55 පුර අටවක ලබා 13 අඟහරුවාදා පූ.භා. 09.30 ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

 

සාමණේර හිමිවරු රැක ගන්නට නිසි ක්‍රමවේදයක් අත්‍යවශ්‍යයි

ළමා වයස ගැන අමුතුවෙන් කිවයුතු නැත. සෙල්ලක්කාර වයස, ගති පැවතුම් අතින් වෙනස් කොට සැකසෙනු ඇත. ඒ සඳහා පදනමක් ද ඇත. ජන්මෙට වඩා පුරුදු ගති පැවතුම් එකපාරට ම වෙනස් කිරීම අපහසු ය. ඒ සඳහා පුරුදු පුහුණු භාවයක් අවශ්‍යය. ඒ අනුව පළමුව ළමයා පන්සලට හෝ පිරිවෙනට ගෙන යෑමෙන් පසු අවුරුද්දක් හෝ ඊට ආසන්න කාලයක් ඇබිත්තියකු වශයෙන් පුහුණුවක් ලැබීම අවශ්‍යය. බණ දහම්, වැඳුම් පිදුම්, වත් පිළිවෙත්, ඒ ළමයාට පුහුණුවීමට සිදු වේ. ගෙදරින් ආ ළමයා නොව චර්යාමය වශයෙන් ද, මනෝභාවයන්ගෙන් ද වෙනස් කෙනෙකු ලෙස සසුනට ඇතුළත් කිරීම, ඇතුළත් වීම සිදු වේ. හිස බෑම, පාත්‍රා සිවුරු පරිහරණය, වටාපත, ගොටු අත්ත, බණ පොත ආදිය ලැබීමෙන් ඔහු හික්මීමෙන් යුක්ත, දඩබ්බර ළමයින් අතරින් මතුවුන ශික්ෂාකාමී සාමණේර නමක් (හෙරණ කෙනෙක්) වනු ඇත. පැවිදි වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව වැටහෙන්නේ එය ක්‍රමානුකූල ව හා ප්‍රමිතියට සිදුවීමෙන් පමණි. නමුදු වර්තමානය එදාට වඩා හාත්පසින් ම වෙනස් ය. රෑ දකින ළමයා උදේ වෙන විට සිවුර දරා සිටී. නමුදු එහි අසාර්ථකත්වය කල් යෑමෙන් ඉස්මතු වනු ඇත. චීවරයක් දැරීමට පින් තිබිය යුතු ය. චීවරයට ගැළපෙන පිරිපුන් රූප සම්පත්තියක් තිබිය යුතු ය. අද වන විට පිනකට නොව අසරණකමට පැවිදි වන්නෝ හා පැවිදි කරන්නෝ එමට ය. පොඩි වුව ද පොඩියි, සැහැල්ලුයි, යනුවෙන් නොසිතිය යුතු වන්නේ නියම විදියට පොඩිහාමුදුරුකම ලැබුණොත් පමණි. රජකුමරු, ගින්දර, සර්පයා, පොඩි හාමුදුරුවෝ යන හතර කොට්ඨාශය ම සැහැල්ලුවෙන්, සුළුවෙන් නොසිතිය යුතු ය. වර්තමාන යුගය තුළ පින්බර පොඩි හාමුදුරුවරු දැකීම උගහට ය. බහුල වශයෙන් දැකිය හැක්කේ දඩබ්බර, අකීකරු, පොඩි හාමුදුරුවරු ය. වැඩිහිටියන්ට ගරු සරුකමක්, වැඩිහිටියන් උදෙසා වත් පිළිවෙත් සිදු කිරීමක් දැකීම අසීරු ය. ගුරුවරයා විසින් ගෝලයාගේ කටයුතු කර දීමට සිදු වී ඇති තත්ත්වයක් උදා වී ඇත. ඒ බව කොසොල් රජු දුටු සිහින 16 තුළින් ද ප්‍රකාශ වී ඇත. පැවිදි වීමෙන් පොඩි හාමුදුරුවෝ කෙරෙහි ගිහි පක්ෂයට කරුණු දෙකක් විදහා දැක්විය යුතු ය.

ලද මොහොතේ ම පින් කර ගන්න පසුවට කල් නොතබන්න

අතීතයේ ශ්‍රී ලංකාව පිහිටි, මායා, රුහුණු කියලා කොටස් තුනකට වෙන් වෙලා. තිබුණා. රුහුණු රට කිව්වේ වර්තමාන දකුණ හා නැඟෙනහිර ප්‍රදේශවලට. ඉතා විශාල භූමි භාගයක් මේ රටට අයත් වුණා. වෙනම පාලනයකුත් මේ ප්‍රදේශයේ තිබුණා. වැඩි හරියක් ම මේ රට ප්‍රසිද්ධ වුණේ ගොයම් සඳහායි. එහෙමත් නැත්නම් වී වගාවට බොහෝ ම සරුසාර භූමියක් වුණා. අදටත් ඒක එහෙම ම තමයි. මේ රටේ අතීතයේ ගමක් තිබුණා ‘කාකද්දවී‘ කියලා. ඒ ගමේ ‘මහාචූලී‘ කියලා ශ්‍රද්ධාවන්ත දානපතියෙක් හිටියා. ඔහු භික්ෂූන් වහන්සේට නිතර දන් දුන්නා. අසරණයන්ට උදව් කළා. ඒ නිසා ම ඔහුගේ කීර්තිය හැම තැන ම පැතිර ගියා. වෙනත් ගම් පළාත්වල මිනිසුන් මේ දානපතියා හැඳින්නුවේ ‘කාකද්දවී මහාචූලී දාන්පතියා’ කියලා, ඒ ගමේ නමත් එක්කමයි. අද වගේ ම එදත් හිටියා කොතරම් පින් දහම් හා හොඳ දේ කළත් ඒ අයට විරුද්ධ වන, ඊර්ෂ්‍යා කරන අය. මේ ගමේත් හිටියා එහෙම කෙනෙක්. ඔහුට ඕනෑ කොහොම හරි මහාචූලී උපාසකට ලැබෙන කීර්ති ප්‍රශංසා අඩු කිරීමට. සමාජයේ ඔහුට විරුද්ධ මතයක් ඇති කිරීමට. ඇත්තම කියනවා නම් මේ මහාචූලී දානපතියා දන් දෙන්න ධනය හොයා ගන්නේ කුඹුරු වගා කරලා. එක කන්නක දී මොහු වී අස්වනු ගැල් දහසක් ලබනවා. එහෙම වුණාට ලෝභයෙන් ඒවා තියාගෙන ඉන්නේ නෑ. ඊළඟ කන්නය එන කොට ඒවා අඹුදරුවන්ට කන්න බොන්න දීලා, භික්ෂූන් වහන්සේට හා අසරණයින්ට දන් දීලා ඉවර කරනවා. මෙහෙම ජීවත් වන මේ මහාචූලී මහ කන්නයේ කුඹුරු වගා කාලය පැමිණියාට පස්සේ කුඹුරු සී සෑවා. වී වපුරන දිනයත් උදා වුණා. මේ කාර්යය කරන්නේ බොහෝම උත්සවශ්‍රීයෙන්. ඒ නිසා දින වකවානු හැම දෙනා ම දන්නවා. මේ ගමේ හිටියා වෛරී, ඊෂ්‍යා සහගත පුද්ගලයෙක් ඔහු මෙහෙම දෙයක් කළා.

 

දුක් පීඩා කරදර වැඩි නම් පින බලවත් කර ගන්න

අපි මොන තරම් හොඳින් ජීවත් වුවත් අපගේ හොඳ ගතිගුණ, හොඳ ක්‍රියා, හොඳ සිතිවිලි ඇතැම් විට මේ ජීවිතයේ දී ම ප්‍රතිඵලයක් ලෙස ලැබෙන්නේ නැහැ. අප සිතින්, කයින්, වචනයෙන් සිදු කරන කර්ම ක්‍රම තුනකට රැස් වෙනවා. ඒ අනුව දිට්ඨධම්මවේදනීය කර්මය, මේ ජීවිතයේ දී ම විපාක ලැබෙනවා. උපපජ්ජවේදනීය කර්මය ඊළඟ ජීවිතයේ දී විපාක ලැබෙනවා. අපරාපරියවේදනීය කර්මය, සංසාරේ කොතැනක හෝ විපාක දී අවසන් වෙනවා. ඇතැම්විට අප කළ කලු කර්මය මේ ජීවිතයේ දී කළ දෙයක් වෙන්න පුළුවන්. එහි විපාකය කල්ප කෝටි ගණනක් ජීවිත ගෙවා දැමූ පසුවයි ලැබෙන්නේ. එහෙම බියකරු සසරකයි අප ගමන් කරන්නේ. ඇතැම්විට අප මේ ජීවිතයේ කරන බොහෝ කර්ම ඊළඟ ජීවිතයේ විපාක පිණිස ආසන්න වෙන්න පුළුවන්. එසේ ආසන්න වුණත් සසරේ යම් කලු කර්මයක් ඉදිරිපත් වෙලා සුදු කර්මය යට යන්නත් පුළුවන්. මේ ජීවිතයේ දස කුසල් කරමින් යම් කෙනෙක් ජීවත් වෙනවා. නමුත් ඔහු මිය ගිය පසු නිරයේ වුවත් උපදින්නට පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒකට හේතුව සංසාරේ කළ නරක කර්මයක් බලවත් ව ඉදිරියට ඇවිත් ඔහුව නිරයේ උපතකට ඇද දමන්නට පුළුවන්කම තිබෙනවා. අද සමාජයේ වුවත් ඉතාමත් ශ්‍රද්ධාවෙන්, කිසිවකුට වචනයකින්වත් බරක් නොවී ඉතා දුක් මහන්සියෙන් ධනය උපයා ගෙන, දානමාන පින් කරමින් ජිවත් වන අය සිටිනවා. ඒත් ඒ අයට නිතර ම කරදර එනවා. දරුවන්ගේ ප්‍රශ්න, ලෙඩදුක්, අමනුස්ස බය ආදියෙන් පීඩා විඳිනවා. එවිට ඔවුන්ට සිතෙන්නට පුළුවන් මෙ තරම් හොඳින් ඉන්න මට ඇයි මෙ තරම් කරදර කියලා.භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා උපමාවක් වදාළා. ඔහු දැන් හොඳින් ජීවත් වුණාට සංසාරේ වූ අකුසලයක් කලු කර්මයක් ලෙස ඉදිරිපත් වෙන බව. ඒක හරියට තරාදියකට බරක් වැටුණා වගේ කියනවා.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]