[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ලද මොහොතේ ම පින් කර ගන්න පසුවට කල් නොතබන්න

අතීතයේ ශ්‍රී ලංකාව පිහිටි, මායා, රුහුණු කියලා කොටස් තුනකට වෙන් වෙලා. තිබුණා. රුහුණු රට කිව්වේ වර්තමාන දකුණ හා නැඟෙනහිර ප්‍රදේශවලට. ඉතා විශාල භූමි භාගයක් මේ රටට අයත් වුණා. වෙනම පාලනයකුත් මේ ප්‍රදේශයේ තිබුණා. වැඩි හරියක් ම මේ රට ප්‍රසිද්ධ වුණේ ගොයම් සඳහායි. එහෙමත් නැත්නම් වී වගාවට බොහෝ ම සරුසාර භූමියක් වුණා. අදටත් ඒක එහෙම ම තමයි. මේ රටේ අතීතයේ ගමක් තිබුණා ‘කාකද්දවී‘ කියලා. ඒ ගමේ ‘මහාචූලී‘ කියලා ශ්‍රද්ධාවන්ත දානපතියෙක් හිටියා. ඔහු භික්ෂූන් වහන්සේට නිතර දන් දුන්නා. අසරණයන්ට උදව් කළා. ඒ නිසා ම ඔහුගේ කීර්තිය හැම තැන ම පැතිර ගියා. වෙනත් ගම් පළාත්වල මිනිසුන් මේ දානපතියා හැඳින්නුවේ ‘කාකද්දවී මහාචූලී දාන්පතියා’ කියලා, ඒ ගමේ නමත් එක්කමයි. අද වගේ ම එදත් හිටියා කොතරම් පින් දහම් හා හොඳ දේ කළත් ඒ අයට විරුද්ධ වන, ඊර්ෂ්‍යා කරන අය. මේ ගමේත් හිටියා එහෙම කෙනෙක්. ඔහුට ඕනෑ කොහොම හරි මහාචූලී උපාසකට ලැබෙන කීර්ති ප්‍රශංසා අඩු කිරීමට. සමාජයේ ඔහුට විරුද්ධ මතයක් ඇති කිරීමට. ඇත්තම කියනවා නම් මේ මහාචූලී දානපතියා දන් දෙන්න ධනය හොයා ගන්නේ කුඹුරු වගා කරලා. එක කන්නක දී මොහු වී අස්වනු ගැල් දහසක් ලබනවා. එහෙම වුණාට ලෝභයෙන් ඒවා තියාගෙන ඉන්නේ නෑ. ඊළඟ කන්නය එන කොට ඒවා අඹුදරුවන්ට කන්න බොන්න දීලා, භික්ෂූන් වහන්සේට හා අසරණයින්ට දන් දීලා ඉවර කරනවා. මෙහෙම ජීවත් වන මේ මහාචූලී මහ කන්නයේ කුඹුරු වගා කාලය පැමිණියාට පස්සේ කුඹුරු සී සෑවා. වී වපුරන දිනයත් උදා වුණා. මේ කාර්යය කරන්නේ බොහෝම උත්සවශ්‍රීයෙන්. ඒ නිසා දින වකවානු හැම දෙනා ම දන්නවා. මේ ගමේ හිටියා වෛරී, ඊෂ්‍යා සහගත පුද්ගලයෙක් ඔහු මෙහෙම දෙයක් කළා. දවසක් ‘කාකද්දවී‘ ගමට සමීප ගම්මානවලටත්, අවට ප්‍රදේශවලටත් ගිහින් එහි තිබුණු විහාරවල හා ආරණ්‍යවල වැඩ සිටිය භික්ෂූන් වහන්සේ පන්සිය නමකට ආරාධනා කළා. ‘ස්වාමිනි, ඔබ වහන්සේට හෙට උදේ අපගේ මහාචූලී උපාසක තුමාගේ ගෙදර දනට වඩින්න, එතුමා ආරාධනා කරන්න කිව්වා‘යි කියා භික්ෂූන් පන්සියයකට ආරාධනා කර මේ ඊර්ෂ්‍යාකාරයා ප්‍රදේශයෙන් සැඟ වී ගියා. පසු දින උදා වුණා. භික්ෂූන් වහන්සේත් ආරාධනාවට අනුව සිවුරු උභයාංශ කර ගෙන පාත්‍ර අතැති ව සංවර ගමනින් මහාචූලී උපාසකගේ නිවසට වැඩම කරන්න පටන් ගත්තා.


නිකිණි පුර අටවක

අගෝස්තු 12 සඳුදා පූ.භා. 07.55 පුර අටවක ලබා 13 අඟහරුවාදා පූ.භා. 09.30 ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]