හීනටිකුඹුර පුරාණ විහාරයේ වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය -  දේශාන් මධුරංග

බක් අමාවක

මැයි 07 අඟහරුවාදා පූ.භා. 11.44 අමාවක ලබා 08 බදාදා
පූ.භා. 08.55 ගෙවේ.
07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

 

 

නිති යහපතෙහි ම අප්‍රමාද වන්න

බෞද්ධ පින්වන්තයෙකුගේ පරම බලාපොරොත්තුව බවට පත් වන්නේ ද, බෞද්ධ දර්ශනයේ මූලික අරමුණු වන්නේ ද උත්තම වූ නිර්වාණයයි. මේ සඳහා කළ යුතු ක්‍රියාදාමය ධර්ම මාර්ගය තුළ බෞද්ධ දර්ශනයෙන් මූලිකව ම උගන්වයි. එය එසේ වන්නේ සංසාර දුක නැමැති අන්ධකාරයෙන් මිදීමට ඇති එකම මඟ නිවන වන හෙයිනි. අප බහ තෝරන අවදියේ පටන් ධර්ම දේශනා ශ්‍රවණය කරනු ලබනවා. මේ පින්වත් හැම කෙනෙකු ම උපන්දා සිට මේ වනතුරාවට ම හා සසර පුරාවට ම කොතෙකුත් ධර්ම දේශනා ශ්‍රවණය කර ඇත. නමුත් බොහෝ දෙනකුට අවම මාර්ග ඵලයක්වත් අවබෝධ කර ගැනීමට නො හැකි වී ඇත්තේ කුමක් නිසාද යන්න පිළිබඳ සොයා බැලිය යුතු ය. ඒ පිළිබඳ හරවත් දේශනාවක් අංගුත්තර නිකායේ ඡක්ත නිපාතයේ සඳහන් වේ. එම සූත්‍ර දේශනාව නමින් “ආවරණ සූත්‍රය” වන අතර මෙම දේශනාවෙන් තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ කොපමණ දහම් ශ්‍රවණය කළත් නිවන අවබෝධ කර ගැනීමට නො හැකි වන්නේ කරුණු කිහිපයක් මුල් කොට ගෙන බවයි. එහෙයින් එම කරුණු මොනවා ද යන්න මඳක් විමසා බැලීම තුළින් අපට ද, අප සතු අඩුපාඩු හඳුනාගෙන එය සකස් කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇත.

මවුපියන් නිවැරැදි නම් දරුවන් හරි මඟට එනවා

අද සමාජයේ ජීවත්වෙන ඇතැම් මවුපියන් දරුවාගේ ස්වභාවය තේරුම් ගෙන නැහැ. දරුවන් හා මවුපියන් අතර බොහෝ ගැටලු උද්්ගත වී තිබෙන්නේ නොතේරුම්කම නිසයි. මේ ගෙවා දමන යුගය, තමන් කුඩා කාලයේ ගෙවා දැමූ ආකාරයට වඩා බොහෝ වෙනස් බව තේරුම් ගත යුතු වෙනවා. එනිසයි දරුවන්ගේ ආකල්ප ගැන මීට වඩා විමසිලිමත් විය යුත්තේ. ධර්මානුකූල ව දරුවෙක් හදාවඩා ගැනීම මවුපියන්ගේ මුලික යුතුකම වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරැදි මාර්ගය යි. ඇතැම් මවුපියන් දරුවන් හදන්නට උත්සාහ කරතත් මවුපියන් තුළ තිබෙනවා අගුණ, අධර්මය, අවිශ්වාසය, නිහතමානිකම නැති බව, දරා නො ගැනීම, එකටෙක කිරීම ආදිය. එ නිසාම මවුපියන්ට නොහැකි වෙලා තිබෙනවා දරුවාට යහපත් දේ කියාදීමට. මවුපියන් හොඳ ගුණධර්මවල පිහිටා කටයුතු කරනවා නම්, ඔවුන්ට යහපත් දරුවෙක් සමාජයට දායාද කරන්න පුළුවන්. දරුවා ඉදිරියේ මවුපියන් නිතර නිතර අඬදබර කර ගන්නවා නම්, එකිනෙකාගේ වැරැදි කියා ගන්නවා නම් නිතර ම අනෙක් කෙනාගේ වැරැදිම පමණක් දකිනවා නම්, නින්දා අපහාස කරනවා නම් ඒ නිවසේ සාමය, සතුට, සමාදානය පවතින්නේ නැහැ. ඒ වගේම ඇතැම් පිරිස් නිතරම ඥාතීන්ගේ අඩුපාඩු, ගමේ මිනිසුන්ගේ අඩුපාඩු සමාජයේ වැරැදි කතා වෙනවා නම් ඒ හඬත් සමඟ දරුවා කුඩා කාලයේ සිට එකතු වෙනවා. ඒ නිසා තමාගේ දරුවා මුරණ්ඩු නම්, මව්පියන්ගේ හඬට කන් යොමන්නේ නැති නම් මවුපියන් මොහොතක් නැවතී ආපස්සට සිතා බලන්න ඕනෑ කොතැනක දී හරි අපට වැරදුණා ද කියලා. තමන් කෙ තරම් කාර්යබහුල වුණත් තෙරුවන් වන්දනා කරන්න සෑම නිවසක ම කාලයක් වෙන්කර ගත යුතු වෙනවා. සමහර විට ඇතැම් දරුවන් වන්දනාවට අකැමැති වෙන්න පුළුවන්. වන්දනා කරන්න බැහැ කියලා කියන්න පුළුවන්.

 

උපයාගත් සුළු දෙයින් වුව සතුටු සිතින් දන් දෙන්න

අපේ රටේ ශ්‍රද්ධාවන්තම රජතුමා තමයි සද්ධාතිස්ස රජතුමා. මෙතුමා පාලනය ගෙන ගියේ රුහුණු රට වාසභුමිය කරගෙන. තම ජීවිතයෙන් වැඩි කාලයක් ම ජීවත් වුණේ දිගාමඬුල්ල දනව්වේ දීඝවාපිය ගමේ. මේ ගමට සමීපයේ තිබුණා සෝකධූමික කියලා ගමක්. මෙහි ජීවත් වුණා දුප්පත් අඹු-සැමි දෙදෙනෙක්. තරුණයා ප්‍රසිද්ධ වුණේ කම්බුද්ධ කියලා. මේ කතාවට අනුව නම් බිරිඳගේ නමක් සඳහන් වෙන්නේ නෑ. මේ දෙන්නාගේ දුප්පත්කම දැක්ක පින්වන්ත මනුෂ්‍යයෙක් ඇල්හාල් නැළි භාගයක් දීලා ‘කම්බුද්ධ, ඔබ මේ ඇල්හාල්වලින් ජීවිතය ජය ගන්න කියා කිව්වා. කම්බුද්ධ තරුණයත් කැලෑවක් කපලා කුඹුරක් සකස් කර ගත්තා. ඇල්හාල් නැළි භාගය ම වැපුරුවා. කුරුල්ලන්ගෙන්, අලින්ගෙන්, ඌරන්ගෙන් ආදි වනසතුන්ගෙන් දුක්විඳ බෝගය ආරක්ෂා කර ගත්තා. කොහොම හරි ගෙට ගේන්න පුළුවන් වුණේ ඇල්හාල් නැළියක් පමණයි. ඒවා බිත්තර වී විදිහට තියා ගත්තා අනෙක් කන්නට වපුරන්න. දෙවැනි අවුරුද්දේ ඇල්හාල් නැළිය ම වපුරලා ඇල්හාල් නැලි දෙකක් ගත්තා. තුන්වැනි අවුරුද්දේ ඇල්හාල් නැළි දෙකම වපුරලා නැළි හතරක් ගත්තා. දැන් මේ දෙදෙනාට හරිම සතුටුයි. හතරවැනි කන්නෙන් විශාල වී ප්‍රමාණයක් ගෙට ගන්න පුළුවන් කියලා දැන ගත්තා. කම්බුද්ධ දවසක් උදෙන් ම අවධිවෙලා බිරිදට කිව්වා ‘මා බිරිඳ, මම කුඹුරට යනවා, මේ කන්න හොඳට කර ගන්න ඕන. මේ පාර සාර්ථක වුණොත් ජීවිත කාලය ම ගොඩ යන්න පුළුවන්. ඊළග කන්නට ඇල්හාල් බත් කන්න පුළුවන්. අපි දෙන්නා කන්න තුනක් ම ඇල්හාල් දිහා බල බලා වන පලතුරුත්, අල වර්ගත් කෑවා. අපේ වී වලින් ම බතක් හදාගෙන කනකම් මට නම් ඉවසුමක් නෑ.

 

සැපවත් ජීවිතයකට වැඩිය යුතු ගුණ සතරක්

යහපත් ජීවිතයකට අත්‍යවශ්‍ය ගුණ හතරක් පිළිබඳ ධම්ම පදයේ සඳහන් වේ. බෞද්ධ ජනතාවට නිතර ඇසෙන ගාථාවක් තුළින් එම ගුණ පිළිබඳ විවරණය වේ. ගිහි පින්වතුන් භික්ෂූන් වහන්සේට වඳින විටදී භික්ෂූන් වහන්සේගේ මුවින් නිරන්තරයෙන් නිකුත් වන්නේ එම ගාථා රත්නයයි. එය ඇතුළත් වන්නේ ධම්මපදයේ සහස්ස වග්ගය තුළයි. ඉන් ලැබෙන ගුණ සුළුපටු නොවේ. එම ගාථාව වන්නේ, අභිවාදන සීලිස්ස, නිච්චං වුද්ධා පචායිනො, චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති, ආයු වණ්ණො සුඛං බලං සිල්වතුන්ට නිතර වඳින්නා වූ, ගුණයෙන් වැඩි උතුමන්ට ගරු කරන්නා වූ පුද්ගලයාගේ ආයුෂය, වර්ණය, සැපය, බලය යන ගුණ සතර වැඩේ. වැඳීමේ දී අප නියම විධියට වැඳිය යුත්තේ පසඟ පිහිටුවා ය. නළල, දෑත, වැළමිට, දෙදණ, දෙපා ආදී වශයෙන් පසඟ පිහිටුවා නියම වැඳීමේ ක්‍රමය වුව ද අද බොහෝ දෙනෙක් එසේ නොකරති. සමහරු ආචාර කරන්නා සේ ද, තව සමහරෙක් ආයුබෝවන් කියන්නා සේ ද විවිධ ක්‍රම ඔස්සේ වන්දනාමාන කිරීමට හුරු වී සිටිති. ඕනෑකමින්, ගෞරවයෙන් වඳින්නෝ ඉතා සුලබ ය. සිල්වතුන්ට වැඳීම ඉතා වටිනා පින්කමක් සේ ම උතුම් ගුණධර්මයකි. සිත, කය, වචනය යන ත්‍රිවිධ ද්වාරයෙහි පිරිසුදු භාවය හා සංවර භාවය සීලය යනුවෙන් හැඳින්වේ. එය එක් එක් පුද්ගලයන් තුළ අඩු වැඩි වශයෙන් පවතී.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]