[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගලහිටියාව රාජමහා විහාරස්ථානයේ වැඩ සිටින සෑ රදුන් වහන්සේ

නවම් පුර අටවක

පෙබරවාරි 16 සිකුරා පූ.භා. 08.59 පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08.20 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

අවබෝධයෙන් පින් කළ හැකි නම් අනුසස් මහත්ඵලයි

අප කවදා හෝ දිනක මේ ජීවිතය අත්හැර යා යුතු ය. එයින් පසු තවත් ආත්ම භවයක හට ගැනීම අනිවාර්ය වේ. නමුදු ඊළඟ ආත්මභාවය කුමන අයුරින් සැකසෙන්නේ ද යන්න නිශ්චිත ව කීමට අපහසු ය. එය කුසලාකුසල කර්ම තුළින් ම නිර්ණය වේ. චුති චිත්තයට අනුව ද ඊළඟ භවයේ සුබ අසුබ පැති නිර්මාණය වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. කෙසේ නමුදු අප නිරතුරු සිදු කරන්නේ කුසල කර්ම නම්, ඊළඟ භවය සුගතිගාමී වීමේ ප්‍රවණතාව වැඩියි. එවිට ඊළඟ භවය ගැන බියවීමට අවශ්‍ය නැත. නිරතුරුව ම පින්දහම් කරන අයට ලැබෙන ආරාධනා ද ඉතා ඉහළ මට්ටමකින් සිදුවේ. බලගතු ය. එවැනි උසස් ආකාරයෙන් ආරාධනාවක් ලැබීමට තරම් භාග්‍යවන්ත වීම ඉතා දුර්ලභ කරුණකි. බුදුරදුන් කල ධම්මික උපාසකතුමාට දිව්‍ය ලෝක හයෙන් ආරාධනා ලැබීම මොනතරම් වාසනාවක් ද? ඒ බව ධම්මපදය තුළින් විවරණය වේ. ධම්මික නමින් උපාසකතුමෙක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කල සැවැත්නුවර විසීය. ඔහුට දියණිවරු හත් දෙනෙක් හා පුතණුවරු හත් දෙනෙක් වශයෙන් වූහ. ධම්මික උපාසකතුමා ඉතා ශ්‍රද්ධාවන්තයෙක් ය. තුණුරුවන්ට නිරතුරුව ම පුදසත්කාර කරමින් ධාර්මික ජීවිතයක් ගත කළේ ය. ධම්මික උපාසකතුමාගේ ස්වාමි දියණිය ද, දූ දරුවන් ද ඒ ආකාරයෙන් ම පිනට දහමට ලැදි ය. වයෝවෘද්ධ ව රෝගාතුර වී මරණ මඤ්චකයෙහි සිටින ධම්මික උපාසකතුමා දූදරුවන් ළඟට කැඳවා ඔවුනට ආමන්ත්‍රණය කරන්නේ තමන්ට සතිපට්ඨාන සූත්‍රය ඇසීමට අවශ්‍ය බවත්, ඒ සඳහා භික්ෂූන් වහන්සේ වඩම්මවා දෙන ලෙසත් ය. ඒ අනුව දූ දරුවෝ ද එම යුතුකම ඉටු කරනු වස් භික්ෂූන් වහන්සේ දහසය නමක් නිවසට වඩම්මවා තම පියාට සතිපට්ඨාන සූත්‍රය ඇස්සවීමට සැලැස්වීය.

අනගාරික ධර්මපාල චින්තනය නැවත කියවමු

අනගාරික ධර්මපාල චින්තනය පිළිබඳ නැවත කියවීමක් අවශ්‍ය යුගයකට අද අප අවතීර්ණ වී ඇත. වර්තමාන ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති ශාසනික හා ආර්ථික පරිහානියට පිළියම් ධර්මපාල චින්තනය මඟින් අපවෙත උදාකරගත හැකි ය. වර්තමාන යුගය කියවා ගැනීම සඳහා ධර්මපාල චින්තනයෙන් ලැබෙන්නේ මනා පිටිවහලකි. ධර්මපාලතුමාගේ චින්තනය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ සිංහාවලෝකනයක යෙදීම සඳහා උචිත අවස්ථාවක මේ මොහොතේ අප සිටින බවට ප්‍රධාන කරුණු තුනක් හඳුනාගත හැකිය. 01. නිදහස් වෙළඳ ආර්ථික ක්‍රමයෙහි බහුල වූ අමනෝඥ ප්‍රතිඵල අත්විඳින ජනතාවක් ලෙස අපට සුදුසු ආර්ථික හා සමාජ දර්ශන හා භාවිතය කවරක් ද යන ප්‍රශ්නය අද වන විට වඩාත් ප්‍රබල ලෙස දැනෙමින් තිබීම.  02. අන්තර් ආගමික සම්බන්ධතා, ආගමික යහපැවැත්ම හා යහපැවැත්ම යන කරුණු විෂයෙහි බෞද්ධාගමික ස්ථාවර හා භික්ෂු කාර්යභාරය පිළිබඳ ඉතා ආන්දෝලනාත්මක අවස්ථාවක අප පසුවීම. 03. භික්ෂුවගේ වර්තමාන ක්‍රියාකාරීත්වය බුද්ධ ශාසනයේ ස්ථාවරයට කෙතෙක් දුරට බලපාන්නේ දැ යි විමසීම.  මෙම කරුණු තුනට අදාළ වන ජාතිකත්වය හා දේශපාලන චින්තනය, ආර්ථික චින්තනය හා ආගමිකත්වය හෙවත් බුදුදහම සහ භික්ෂූන් වහන්සේ ධර්මපාලතුමාගේ ක්‍රියාකාරීත්වයේ ඉතා මූලික අංග වූ බව නිසැකය.  වර්තමාන ශ්‍රී ලාංකේය අර්බුදය මැනවින් කියවාගත හැකි මූලාශ්‍රය ලෙස ධර්මපාලතුමා විසින් ලියන ලද ‘දැනගත යුතු කරුණු’ කෘතිය දැක්විය හැකිය.

ධර්ම විනයධර භික්ෂූන් බිහි කළ ආරාමික අධ්‍යාපනයේ විශිෂ්ටතා

ඓතිහාසික ලාංකේය අධ්‍යාපනයේ දක්නට ඇති සුවිශේෂී අධ්‍යාපනික ආයතනයකි, පිරිවෙණ. පිරි පූර්ව වා ධාතුවෙන් නිපන් පිරිවන යන වචනයෙන් ‘පාඩම් කියන’ යන අරුතක් ජනිත වේ. (ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, 2 භාගය, 2011, 611 පිටුව) පාඩම් කියන ස්ථානය යන අරුතින් පිරිවෙන යන වචනය යෙදෙන්නට ඇතැයි සිතිය හැකි ය. පරිවෙණ යන පාලි වචනයේ සිංහල රූපය පිරිවෙන (පිරිවෙණ) වේ. පරිවෙණ යන පාලි වචනයේ අර්ථ දෙකක් ඇති බව ගුණපාල වීරසේකර මහතාගේ පාලි ශබ්දකෝෂයේ (1968, 263 පිටුව) පැවසේ. 1. භික්‍ෂූන් වහන්සේ වාසය කරන ස්ථානය (The Residense of Bhikkhus) 2. භික්‍ෂූන් වහන්සේ ඉගෙන ගන්නා ස්ථානය (The School of Bhikkhus) අනුරාධපුර, පොළොන්නරු, කුරුණෑගල යුගවල දී පිරිවෙන යන වචනය යෙදී ඇත්තේ භික්‍ෂූන් වහන්සේ වාසය කරන ස්ථානය යන අරුතිනි. පරිවහනය (ඉගෙන ගැනීම) සඳහා වූ ස්ථානය යන අරුතින් පරිවේණ (පිරිවෙණ) යන්න මුල්කාලයේ යෙදී ඇත්තේ භික්‍ෂූන් වහන්සේ වැඩසිටි විහාරස්ථානයට ය. කාලප්‍රාසාද පිරිවෙන එහි ආරම්භක අවස්ථාවක් සනිටුහන් කරයි. (සිංහල සාහිත්‍ය වංශය, පී.බී. සන්නස්ගල, 2009, 38 පිටුව) එය දෙවනපෑතිස් නිරිඳු විසින් මිහිඳු මහරහතන් වහන්සේගේ වාසය සඳහා මැටිවලින් සාදවා හුලු අතුවලින් පුලුස්සා පූජා කළ සංඝාවාසයකි.

ධර්මයට එකඟ ව බුද්ධිය මෙහෙයවන්න

රූමත් බිරිඳක් විවාහ කර ගත් තරුණයෙක් අතීතයේ දඹදිව බරණැස් නුවර වාසය කළා. මේ අඹුසැමියන්ට දරුවන් හිටියේ නෑ. විනෝදයෙන් කාලය ගත කළා. රැකියාව වුණේ ඉල්මාසයේ පුර පසළොස්වක දවසේ පවත්වන කාර්තික නම් දේව පූජෝත්සවයේ නැටීමයි. වෙනත් උත්සවලටත් නටලා මේ දෙන්නා සල්ලි හොයා ගන්නවා. ඉතිං මෙහෙම බොහෝම දුප්පත් ජීවිතයක් ගත කරමින් හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බිරින්දෑවරුන් හත්දෙනෙක් ගැන. මේ තරුණයාට ඒ අතුරින් ලැබිලා හිටියේ ආර්ය භරියා නමින් හඳුන්වන්න පුළුවන් බිරිඳක්. ඇය බොහෝම රූමත්. ඒ නිසාම ඇය මානයෙන් ඉදිමී ගියා. සැමියාගේ තීන්දු තීරණවලට ඉහළින් අධිපතිත්වය පතුරුවමින් කටයුතු කළා. කලාතුරකින් තමයි සැමියාගේ බහට අවනත වෙන්නේ. ඒ හැරුණුම ගොඩාක් වෙලාවට බිරිඳ තමා කටයුතු හොයල බලන්නේ. මේකට හේතුව වෙලා තිබුණේ බිරිඳගේ රූප සෞන්දර්ය ය. වෙන අවුරුදුවල වගේ ම මේ කියන්න යන අවුරුද්දේත් තිබුණා කාර්තික උත්සවයක්. මෙදා උත්සවයට නියම වුණේ වනුක් පාටින්. ඒ කියන්නේ හෙන්දිරික්කා මල්වල පාට. ඉතිං එවැනි නිල්පාට වස්ත්‍ර ඇඳගෙන දේව පූජාවට සම්බන්ධ වෙන්න ඕන. ඒක තමයි උත්සවයේ සාමාන්‍ය ස්වභාවය. සැමියත්, බිරිඳත් මේ උත්සවලට සම්බන්ධ වෙනවා වගේම අතිරේක රැකියාවක් විදිහට රෙදි සෝදන එකත් කළා.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]