[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

අනගාරික ධර්මපාල චින්තනය නැවත කියවමු

අනගාරික ධර්මපාල චින්තනය පිළිබඳ නැවත කියවීමක් අවශ්‍ය යුගයකට අද අප අවතීර්ණ වී ඇත. වර්තමාන ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති ශාසනික හා ආර්ථික පරිහානියට පිළියම් ධර්මපාල චින්තනය මඟින් අපවෙත උදාකරගත හැකි ය. වර්තමාන යුගය කියවා ගැනීම සඳහා ධර්මපාල චින්තනයෙන් ලැබෙන්නේ මනා පිටිවහලකි. ධර්මපාලතුමාගේ චින්තනය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ සිංහාවලෝකනයක යෙදීම සඳහා උචිත අවස්ථාවක මේ මොහොතේ අප සිටින බවට ප්‍රධාන කරුණු තුනක් හඳුනාගත හැකිය. 01. නිදහස් වෙළඳ ආර්ථික ක්‍රමයෙහි බහුල වූ අමනෝඥ ප්‍රතිඵල අත්විඳින ජනතාවක් ලෙස අපට සුදුසු ආර්ථික හා සමාජ දර්ශන හා භාවිතය කවරක් ද යන ප්‍රශ්නය අද වන විට වඩාත් ප්‍රබල ලෙස දැනෙමින් තිබීම.  02. අන්තර් ආගමික සම්බන්ධතා, ආගමික යහපැවැත්ම හා යහපැවැත්ම යන කරුණු විෂයෙහි බෞද්ධාගමික ස්ථාවර හා භික්ෂු කාර්යභාරය පිළිබඳ ඉතා ආන්දෝලනාත්මක අවස්ථාවක අප පසුවීම. 03. භික්ෂුවගේ වර්තමාන ක්‍රියාකාරීත්වය බුද්ධ ශාසනයේ ස්ථාවරයට කෙතෙක් දුරට බලපාන්නේ දැ යි විමසීම.  මෙම කරුණු තුනට අදාළ වන ජාතිකත්වය හා දේශපාලන චින්තනය, ආර්ථික චින්තනය හා ආගමිකත්වය හෙවත් බුදුදහම සහ භික්ෂූන් වහන්සේ ධර්මපාලතුමාගේ ක්‍රියාකාරීත්වයේ ඉතා මූලික අංග වූ බව නිසැකය.  වර්තමාන ශ්‍රී ලාංකේය අර්බුදය මැනවින් කියවාගත හැකි මූලාශ්‍රය ලෙස ධර්මපාලතුමා විසින් ලියන ලද ‘දැනගත යුතු කරුණු’ කෘතිය දැක්විය හැකිය. එම කෘතියේ නාමය තුළින් ම එහි අන්තර්ගතය තෛ‍්‍රයිකාලික ලාංකේය මනුෂ්‍යයා විසින් ප්‍රත්‍යවේක්ෂාවක් මඟින් දැනගත යුතුය. උම්බලකඩ භාවිතය අත්හැර දමනු යන ශීර්ෂය යටතේ ධර්මපාලතුමා අපට පෙන්වා දෙන්නේ ආනයන ආර්ථිකය මත යැපෙන සමාජයක පරිහානියේ පෙරනිමිත්තයි.  ධර්මපාලතුමාගේ ස්වීයත්වය වන්නේ පෙළ අටුවා පාඨ ආධාරයෙන් වර්තමාන ප්‍රශ්න දෙස ධර්මානුකූලව දැකීමට තිබූ හැකියාවයි. එබැවින් එතුමා මතුකළ කරුණු බුදුසමය හා ප්‍රතිවිරෝධීභාවයක් නොගෙන, කාලත්‍රය වර්ති චින්තනයක් ඉදිරිපත් කිරීමට සමත් වී ඇත.


නවම් පුර අටවක

පෙබරවාරි 16 සිකුරා පූ.භා. 08.59 පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08.20 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]