[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

සම්බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි දීඝවාපි පුදබිම

දීඝවාපි ස්තූපය පිහිට පුද බිම ඓතිහාසික වශයෙන් ආශ්චර්යවත් සිදුවීම් කිහිපයක් ම සිදු වූ, අනුසස් ඇති පුණ්‍ය භූමියක් ලෙසින් ද සැලකේ. ලංකා ද්වීපයේ අවසාන මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව තෙරණුවෝ දිගාවැව දී ධජග්ග සූත්‍රය දේශනා කළ බව එක් මතයකි දීඝවාපි පුදබිම නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයේ සිට සැතපුම් දහතුනක් පමණ දුරින් දීඝවාපි ග්‍රාමයේ පිහිටා තිබේ. නැඟෙනහිර පළාතේ විශාලතම ස්තූපය මෙන් ම විශාලත්වයෙන් ලංකාවේ හතරවැනි ස්ථානය ගන්නා ස්තූපය ලෙස ද සැලකේ. දීඝවාපිය පුදබිම ක්‍රි.පූ. 3 වැනි සියවස දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුතු බෞද්ධ සිද්ධස්ථානයක් වේ. ඒ වගේ ම දීඝවාපිය සම්බන්ධ ඉතිහාස ගත තොරතුරු 5 වැනි සියවසේ ලියන ලද පුරාණ වංශ කතාවක් වූ මහාවංශයේ ද, ඊට ප්‍රථම ලියන ලද ථූපවංශයේ ද පරම්පරා ගත කතා සහ අනෙකුත් ඓතිහාසික විස්තරයන් හි ද දැක ගත හැකි වේ. මහාවංශයට අනුව දීඝවාපිය වෙත තථාගත බුදුරජාණන් වහන්සේ වැඩි බවත්, උන්වහන්සේ භාවනානුයෝගී ව වැඩ සිටි ස්ථානයේ පසුකාලීන ව ස්තූපයක් ඉදි වූ බවත් සඳහන් වේ.


නවම් පුර අටවක

පෙබරවාරි 16 සිකුරා පූ.භා. 08.59 පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08.20 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]