ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ උඳුවප් පුර අටවක පෝදා 2023 දෙසැම්බර් 19 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මාතලේ මඩවල මහමෙව්නා භාවනා අසපුවේ වැඩ සිටින සෑ රදුන් වහන්සේ
දෙසැම්බර් 19 අඟහරුවාදා අ.භා. 01.10 න් පුර අටවක ලබා 20 බදාදා පූ.භා. 11.18 න් ගෙවේ. 19 අඟහරුවාදා සිල්
පුර අටවක
දෙසැම්බර් 19
පසළොස්වක
දෙසැම්බර් 26
අව අටවක
ජනවාරි 04
අමාවක
ජනවාරි 11
සමස්ත ලංකා ශාසනාරක්ෂක ලේඛකාධිකාරී හිමිවරුන්ගේ දෙවැනි ජාතික සමුළුව ඉකුත් දා සියඹලාණ්ඩුව යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල නියෝජනය කරමින් ලේඛකාධිකාරී හිමිවරු දෙසිය දෙනකු පමණ මෙම වැඩමුළුවට වැඩම කර සිටි අතර සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි,ලේකඛාධිකාරී සහ ලෝක තරුණ බෞද්ධ සංගමයේ සභාපති මුගුණුවෙල අනුරුද්ධ නා හිමි යන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
ධර්මපාලතුමාගේ ජීවිතය පිළිබඳ විමංශනයක යෙදෙන මේ අවස්ථාවේ දී එතුමාගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආත්ම පීඩනයෙන් යුතුව උද්වහනය කළ පරිශ්‍රමශීලි ජීවිතය තුළ සමස්තයක් වශයෙන් සලකන කල්හි එතුමාගේ චිත්ත ස්වභාවය අභ්‍යන්තරයෙහි පැහැදිලිව දර්ශනය වන, එමෙන්ම සර්ව චරිතය ම නිරූපණය වන තාපස චර්යා ලක්ෂණයක් නිදන් ගතවී තිබූ බැව් අප විසින් සිහි තබා ගැනීම යෝග්‍ය ය. සිංහල පාසලේ දී එතුමාට ලංකාවේ ආරාම ආශි‍්‍රත ශිල්පායතනවල භාවිත කරන ලද පොත්පත් සියල්ලම පරිශීලනය කිරීමට අවස්ථාව ලැබුණේ ය. මෙහි සාධනීය ප්‍රතිඵලය ලෙස තමාගේ නිජබිමෙහි වර්ධනය වූ භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ ය. පෞද්ගලික සිංහල මාධ්‍ය පාසලෙන් ඉවත්කරනු ලැබූ ඔහු සාන්ත බෙනඩික්ට් විද්‍යායතනයේ පහළම පන්තියට ඇතුළත් කරනු ලැබීය. මෙම ආයතනයේ දී ඔහුට ඔගස්ට්, ඩැනියල්, ජොෂුවා, කැසියන් ආදී පූජක සහෝදරතුමන් හමු වූ අතර පාසලේ දී ගතකළ දෙවසරක කාලය තුළ දී එතුමන් ලා පෞද්ගලිකව ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේ ය. පන්ති පවත්වන කාලය තුළදී සෑම පැය භාගයක දී ම ශුද්ධ වූ මේරි කන්‍යා මවුතුමියට ගෞරව වශයෙන් යාඥා ගීතයක් ගායනය කිරීමට ශිෂ්‍යයන්ට සිදුවිය. මීට අතිරේකව තමා බෞද්ධාගමික දරුවකු වීම නිසා සෑම බ්‍රහස්පතින්දා දිනක දී ම ඔහුට පූජක සහෝදරතුමෙකු විසින් පවත්වන ලද විශේෂ පන්තියකට සහභාගි වීමට සිදු විය.
සුරාපානය යන වචනය තුළ සමස්ත මත්ද්‍රව්‍ය පිළිබඳව ම අන්තර්ගතව ඇත. සුරාව තුළින් මනුෂ්‍යයාගේ ප්‍රකෘති ස්වභාවය නැති කොට විකෘති ස්වභාවයක් ඇති කරනු ඇත. බුද්ධ දේශනය අනුව ගත් කල්හි සුරා යන වචනය තුළ මත්ද්‍රව්‍ය යන සංකල්පය සම්බන්ධ කොට ඇති අයුරු පැහැදිලි වේ. එනිසාම පංචශීලය තුළ පස්වන ශික්ෂා පදය වශයෙන් ද, එය දක්වා ඇත. “සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමනී සික්ඛාපදං සමාදියාමි” (මම ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍යවලින් වැළකීමේ සිල් පදය සමාදන් වෙමි.) යනුවෙන් බෞද්ධයාගේ නිත්‍ය ශීලය තුළ සුරාපානයෙන් වැළකීමේ ස්වභාවය නොහොත් සමාජ යහපත උදෙසා චර්යාමය වෙනසක් ඒ තුළ අවශ්‍ය බව අන්තර්ගත කොට ඇත. සුරාවේ සමාරම්භය පිළිබඳ සොයා බැලීමේ දී ජාතක පොත් වහන්සේ තුළ ඇතුළත් 504 වෙනි “කුම්භ ජාතකය” ඉතා වැදගත් වේ. බරණැස් නුවර බ්‍රහ්ම දත්ත රාජ සමයේ එක්තරා “සුර” නම් වූ වැද්දෙක් ගස් දෙබලක එකතුව තිබුණු පල් වූ වතුරක් බී එයින් මත්ව එහි සිටි “වරුණ” නම් තපස් කෙනකුට ද ඒවා පානය කරන්නට දීමත්, ඉන්පසු එම තාපසයා ද ඒවා පානය කොට මත්වීමේ කතා පුවතකි. එයින් පසු ඔවුන් දෙදෙනා එම පල් වතුර භාජනවල දමාගෙන නගරයට ද ගෙන ගොස් බොහෝ දෙනාට ඒවා අලෙවි කොට මුදල් ලබා ගත්හ. එරට රජු ද එය දැක සුරාව පානය කොට විශාල සැලිවල සුරාව සැකසූ අතර, පසුව රට පුරාම සුරාව පැතිර ගිය අයුරු වැඩිදුරටත් පැහැදිලි කෙරේ.
රජවරුන්ගේ, මැති-ඇමතිවරුන්ගේ අනුග්‍රහය ඇතිව වෙහෙර විහාර දහස් ගණන් ඉදි වුණා. මේ කාලයේ විහාරවල වැඩ සිටිය භික්ෂූන් වහන්සේ කණ්ඩායම් වශයෙන් දඹදිව වන්දනාවේ යෙදීමේ සිරිතක් තිබුණා. ශී‍්‍ර මහාබෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලක්දිවට වැඩම කර තිබුණු නිසා, බුදුරජාණන් වහන්සේ පිට දුන් ජය ශී‍්‍ර මහාබෝධීන් වහන්සේ දැක බලා ගන්නත්, වන්දනා කරන්නත් ගිහි ජනතාව වගේම, පැවිදි පිරිස අතරත් තිබුණේ බොහෝම උනන්දුවක්. මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමත් සමඟ ශ්‍රී සද්ධර්මය ලංකාව පුරා පැතිර ගියා. ගම්දනව්වලින් තරුණයින් පැවිද්ද ලබා ගන්න පටන් ගත්තා. භාවනා කරමින් සෝවාන් ආදී මාර්ග-ඵලවලට පැමිණියා. රජවරුන්ගේ, මැති-ඇමතිවරුන්ගේ අනුග්‍රහය ඇතිව වෙහෙර විහාර දහස් ගණන් ඉදි වුණා. මේ කාලයේ විහාරවල වැඩ සිටිය භික්ෂූන් වහන්සේ කණ්ඩායම් වශයෙන් දඹදිව වන්දනාවේ යෙදීමේ සිරිතක් තිබුණා. ශී‍්‍ර මහාබෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ලක්දිවට වැඩම කර තිබුණු නිසා, බුදුරජාණන් වහන්සේ පිට දුන් ජය ශී‍්‍ර මහාබෝධීන් වහන්සේ දැක බලා ගන්නත්, වන්දනා කරන්නත් ගිහි ජනතාව වගේම පැවිදි පිරිසත් අතරත් තිබුණේ බොහෝම උනන්දුවක්. මේ වන්දනා නඩ මහාකොණ්ඩ කියන තැනින් නැව් නැඟිලා දඹදිව කාවේරි පටුනට ගොඩබැහැලා දඹදිව පූජනීය ස්ථාන වන්දනා කරන්න යනවා.
මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අනුස්මරණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය
ඉතිරිය»
බෞද්ධයා ප්‍රබුද්ධයකු විය යුතුයි
හැකි පමණින් යුතුකම් ඉටු කරනවා නම් පසුතැවිලි දුරු වෙනවා
වීතරාගී මුනිවරුන්ගේ සිත් ගත් වනපෙත
අනවබෝධය නිසා සතර අපායේ දොරටු විවර කර ගන්නා හැටි
ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්: ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්
ගෞතම බුදුසසුනේ අභිමානවත් ශ්‍රාවිකාවක් වූ වේළුකණ්ඨකී නන්දමාතාව
ලෝ සසුන් වැඩ වඩන රණස්ගල්ලේ ඤාණවීර නායක මාහිමිපාණන් වහන්සේ
පහන් සිතක කවි
අත්තනගොඩ මාතුල අලුලෙන රාජමහා විහාරය
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]