ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ උඳුවප් පුර අටවක පෝදා 2023 දෙසැම්බර් 19 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සුරාපානය යන වචනය තුළ සමස්ත මත්ද්‍රව්‍ය පිළිබඳව ම අන්තර්ගතව ඇත. සුරාව තුළින් මනුෂ්‍යයාගේ ප්‍රකෘති ස්වභාවය නැති කොට විකෘති ස්වභාවයක් ඇති කරනු ඇත. බුද්ධ දේශනය අනුව ගත් කල්හි සුරා යන වචනය තුළ මත්ද්‍රව්‍ය යන සංකල්පය සම්බන්ධ කොට ඇති අයුරු පැහැදිලි වේ. එනිසාම පංචශීලය තුළ පස්වන ශික්ෂා පදය වශයෙන් ද, එය දක්වා ඇත. “සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමනී සික්ඛාපදං සමාදියාමි” (මම ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍යවලින් වැළකීමේ සිල් පදය සමාදන් වෙමි.) යනුවෙන් බෞද්ධයාගේ නිත්‍ය ශීලය තුළ සුරාපානයෙන් වැළකීමේ ස්වභාවය නොහොත් සමාජ යහපත උදෙසා චර්යාමය වෙනසක් ඒ තුළ අවශ්‍ය බව අන්තර්ගත කොට ඇත. සුරාවේ සමාරම්භය පිළිබඳ සොයා බැලීමේ දී ජාතක පොත් වහන්සේ තුළ ඇතුළත් 504 වෙනි “කුම්භ ජාතකය” ඉතා වැදගත් වේ. බරණැස් නුවර බ්‍රහ්ම දත්ත රාජ සමයේ එක්තරා “සුර” නම් වූ වැද්දෙක් ගස් දෙබලක එකතුව තිබුණු පල් වූ වතුරක් බී එයින් මත්ව එහි සිටි “වරුණ” නම් තපස් කෙනකුට ද ඒවා පානය කරන්නට දීමත්, ඉන්පසු එම තාපසයා ද ඒවා පානය කොට මත්වීමේ කතා පුවතකි. එයින් පසු ඔවුන් දෙදෙනා එම පල් වතුර භාජනවල දමාගෙන නගරයට ද ගෙන ගොස් බොහෝ දෙනාට ඒවා අලෙවි කොට මුදල් ලබා ගත්හ. එරට රජු ද එය දැක සුරාව පානය කොට විශාල සැලිවල සුරාව සැකසූ අතර, පසුව රට පුරාම සුරාව පැතිර ගිය අයුරු වැඩිදුරටත් පැහැදිලි කෙරේ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ බරණැස, සාකේත නුවර රජවරු ප්‍රමුඛ රට වැසියෝ ද සුරා පානය කොට අන් සියලු කටයුතු අතපසු කිරීමෙන් මුළු මහත් රටම අන්ත දිළිඳු බවට පත්වීමයි.
දෙසැම්බර් 19 අඟහරුවාදා අ.භා. 01.10 න් පුර අටවක ලබා 20 බදාදා පූ.භා. 11.18 න් ගෙවේ. 19 අඟහරුවාදා සිල්
පුර අටවක
දෙසැම්බර් 19
පසළොස්වක
දෙසැම්බර් 26
අව අටවක
ජනවාරි 04
අමාවක
ජනවාරි 11
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]