ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ උඳුවප් පුර අටවක පෝදා 2023 දෙසැම්බර් 19 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ධර්මපාලතුමාගේ ජීවිතය පිළිබඳ විමංශනයක යෙදෙන මේ අවස්ථාවේ දී එතුමාගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආත්ම පීඩනයෙන් යුතුව උද්වහනය කළ පරිශ්‍රමශීලි ජීවිතය තුළ සමස්තයක් වශයෙන් සලකන කල්හි එතුමාගේ චිත්ත ස්වභාවය අභ්‍යන්තරයෙහි පැහැදිලිව දර්ශනය වන, එමෙන්ම සර්ව චරිතය ම නිරූපණය වන තාපස චර්යා ලක්ෂණයක් නිදන් ගතවී තිබූ බැව් අප විසින් සිහි තබා ගැනීම යෝග්‍ය ය. සිංහල පාසලේ දී එතුමාට ලංකාවේ ආරාම ආශි‍්‍රත ශිල්පායතනවල භාවිත කරන ලද පොත්පත් සියල්ලම පරිශීලනය කිරීමට අවස්ථාව ලැබුණේ ය. මෙහි සාධනීය ප්‍රතිඵලය ලෙස තමාගේ නිජබිමෙහි වර්ධනය වූ භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ ය. පෞද්ගලික සිංහල මාධ්‍ය පාසලෙන් ඉවත්කරනු ලැබූ ඔහු සාන්ත බෙනඩික්ට් විද්‍යායතනයේ පහළම පන්තියට ඇතුළත් කරනු ලැබීය. මෙම ආයතනයේ දී ඔහුට ඔගස්ට්, ඩැනියල්, ජොෂුවා, කැසියන් ආදී පූජක සහෝදරතුමන් හමු වූ අතර පාසලේ දී ගතකළ දෙවසරක කාලය තුළ දී එතුමන් ලා පෞද්ගලිකව ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේ ය. පන්ති පවත්වන කාලය තුළදී සෑම පැය භාගයක දී ම ශුද්ධ වූ මේරි කන්‍යා මවුතුමියට ගෞරව වශයෙන් යාඥා ගීතයක් ගායනය කිරීමට ශිෂ්‍යයන්ට සිදුවිය. මීට අතිරේකව තමා බෞද්ධාගමික දරුවකු වීම නිසා සෑම බ්‍රහස්පතින්දා දිනක දී ම ඔහුට පූජක සහෝදරතුමෙකු විසින් පවත්වන ලද විශේෂ පන්තියකට සහභාගි වීමට සිදු විය. දේවස්ථානයේ පූජා මංගල්‍යයන් පවත්වන ලද දිනයන්හි දී ඔහුට පියාගේ මල්වත්තෙන් නෙළා ගන්නා ලද මල්වලින් පාසලේ දේවස්ථානය සැරසීමට සිදු විය. මෙකල වන විට සිය පවුල පිටකොටුව ප්‍රදේශයෙන් පදිංචිය වෙනස් කොට එකල දර්ශනීය පොල්තුරු හා නිල්වන් ගොයම් කෙත්වලින් පිරුණු රමණීය භූමි භාගයක් වූ කොටහේන ප්‍රදේශයේ ඉදි කරන ලද නව නිවෙසට ප්‍රවිශ්ට වී සිටියහ. මෙම තත්ත්වය හමුවේ කිසියම් දිනෙක දී තමා කතෝලික ආගම වැලඳ නොගන්නේ මන්දැයි කිසියම් ගෞරවනීය පූජක පියතුමකු විසින් යොවුන් වියේ කුමරාගෙන් විමසනු ලැබීම අපේක්ෂිත සිදු වීමක් වී තිබිණ.
දෙසැම්බර් 19 අඟහරුවාදා අ.භා. 01.10 න් පුර අටවක ලබා 20 බදාදා පූ.භා. 11.18 න් ගෙවේ. 19 අඟහරුවාදා සිල්
පුර අටවක
දෙසැම්බර් 19
පසළොස්වක
දෙසැම්බර් 26
අව අටවක
ජනවාරි 04
අමාවක
ජනවාරි 11
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]