උඳුවප් පුර අටවක පෝ දා 2023-12-19
අවාසනාවට
ගොදුරු නොවීමට
ධන ධාන්‍යයෙන් ආඪ්‍යව, අලංකාරව ගේ දොර සාදාගෙන, යාන වාහන සහිත ව ජීවත් වන අයකු
සාමාන්‍ය සමාජය දකින්නේ වාසනාවන්තයකු ලෙසිනි. පින්වන්තයකු ලෙසිනි. වපුරන බීජ අනුව
අස්වනු ලැබෙන්නා සේ ලෞකික සම්පතින් ආඪ්‍ය වන්නේ තමන් පෙර කළ කම් අනුව විය හැකි ය.
එහෙත් ධනයෙන්, බලයෙන් ආඪ්‍ය වූ තරමට ඒ පුද්ගලයා වාසනාවන්තයෙකැයි නිගමනය කළ නොහැකි
ය. මන්ද මහා ධනස්කන්ධයක් උඩ සිටිය ද සිත ගිනි කන්දක් නම් ඒ ගිනි නිවන්නට අර මහා
ධනයට,බලයට, නිලයට නොහැකි නිසා ය.
අජාසත් රජතුමා රජකම් කළ ද පියා ඝාතනය කිරීම සම්බන්ධ ව නිරන්තරයෙන් චිත්ත පීඩාවට
පත්වූවෙකි. තම පුත් කුමරු ද කෙදිනක හෝ තමන් කළා සේ පියා මරන්නට ඉදිරිපත් වනු ඇතැයි
බියෙන් පසුවිය. අජාසත් රජුගේ රාජශි‍්‍රය දකින කෙනකුට හේ වාසනාවන්තයෙකැයි සිතෙනු ඇත.
එහෙත් රජතුමාගේ චිත්ත පීඩාව මොන තරම් බලවත් වී ද යත් එක් මොහොතකදු සැනසීමක් නොවීය.
තථාගතයන් වහන්සේගේ අවවාද අනුව එතැන් සිට රජු කළ වැරැදි ගැන නොසිතා ඉදිරියට මහා
පුණ්‍යකර්ම සිදු කර ගත්තේ ය. ප්‍රථම ධර්ම දේශනාවට අනුග්‍රහය දක්වමින් සම්බුද්ධ
ශාසනයට කළ මෙහෙවර අපමණ ය.
මේ අනුව අප අවබෝධ කර ගත යුතු මොන තරම් ලෞකික සම්පතින් ආඪ්‍ය වුව ද සැනසීම එය නොවන
බව ය. සැබෑ වාසනාවන්තයා නම් ලෞකික සම්පතින් සේ ම ආධ්‍යාත්මික ගුණධර්මයන්ගෙන් ද
පොහොසත් පුද්ගලයා ය. එවැනි පුද්ගලයා ලෞකික සම්පත් ළඟා කර ගන්නේ දැහැමිව ය. දැහැමින්
උපයාගත් ධනය ද ආත්මාර්ථකාමී ව තමන්ගේ ප්‍රයෝජනයට පමණක් නොගන්නා හෙතෙම තම
අඹුදරුවන්ගේ, මව්පියන්ගේ, නෑ හිතමිතුරන්ගේ, අසල්වැසියන්ගේ, පූජ්‍ය පක්ෂයේ ආදි සෑම
කෙනකුගේ ම යහපත සදහා යොදවයි. එවිට හෙතෙම ආශීර්වාදයෙන් හා සංතෘෂ්ඨියෙන් ලබන සැනසීම
ඔහු සැබෑම වාසනාවන්තයකු බවට පත්කරයි. අද බොහෝ දෙනකුට නැත්තේ ම ඒ සැනසීම ය.
බෞද්ධයා වාසනාවන්තකම හෝ අවාසනාවන්තකම හෝ තීරණය කරන්නේ යම් පුද්ගලයකුගේ ක්‍රියාව
අනුව ය. යහපත් ක්‍රියාවන් සිදු කරන්නේ නම් පින් සිදුවේ. අයහපත් ක්‍රියාවන්
සිදුකරන්නේ නම් පව් සිදුවේ. ජීවිතය වාසනාවන්ත හෝ අවාසනාවන්ත හෝ වනුයේ පින්පව් අනුව
ය. එහෙයින් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට කැමැත්තෝ යහපත ම කළ යුතු ය. තමන් කරන
දෙයින් තමන්ට අනර්ථයක් නොවන, අනුන්ට ද අනර්ථයක් නොවන යහපත් දේ තුළ කිසිවකුට අයහපතක්
සිදුවන්නේ නැත.
මේ නිසා අප යමක් කියන්නට කරන්නට පෙර ඒ පිළිබඳ හොඳින් විමසා බැලිය යුතු ය. අයහපත,
අනර්ථය සිදු කරන්නේ අප සිත තුළ නිදන්ගත වී ඇති ලෝභ,ද්වේෂ, මෝහ ආදි අකුසල සිතිවිලි
ක්‍රියාත්මක වීම නිසා ය. එහෙයින් අපගේ සිත නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කළ යුතු ම ය.
අපරික්ෂාකාරි වූයේ නම් අපත් නොදැනීම අයහපත් සිතිවිලි වර්ධනය වී, අයහපත් ක්‍රියාවලට
යොමු වී ජීවිතය ම කරදරයට, අවාසනාවන්ත බවට පත්වනු ඇත. සිත තුළ වන එවැනි අයහපත්
සිතිවිලි මර්ධනය කිරීම සිතන තරම් පහසු දෙයක් නොවනු ඇත. නිරන්තරයෙන් පින් ක්‍රියාවල
නිරත වීම තුළ ක්‍රමයෙන් එම සිතිවිලි බැහැර කිරීමට උත්සාහ ගනිමු. එවිට ජීවිතයේ කරදර
ටිකෙන් ටික මඟ හැරෙනු ඇත. |