ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:
ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්
04 කොටස
යටදොළවත්තේ ජිනසිරි හිමි
බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය
(2019 - 2022)
i කොටස
01.
1. බුදු දහමේ ඉගැන්වෙන නොකළ යුතු වෙළඳාම් අතුරින් දෙකක් සඳහන් කරන්න.
2. මද්‍යසාර භාවිතය නිසා ඇතිවන දෝෂ
දෙකක් දක්වන්න.
3. භික්ෂුවකට අයත් සිව්පසය පිළිවෙළින් ලියන්න.
4. භික්ෂු ජීවිතය ‘පරපටිබද්ධ’ වේ. මෙහි
අදහස කෙටියෙන් ලියන්න.
5. ධම්මපද නිදාන කථාවක සඳහන් රජගහ නුවර මච්ඡරිය කෝසිය සිටුවරයාගේ චරිත ලක්ෂණ දෙකක්
දක්වන්න.
6. යහපත් බෞද්ධයකු තුළින් හඳුනාගත හැකි ආචාරධර්ම හතරක් සඳහන් කරන්න.
7. සත්තිකුම්බ ජාතකයෙහි සඳහන් පුෂ්පක ගිරවා පඤ්චාල රජුට දැක් වූ තාපසාරාමයේ පැවති
ගුණාංග දෙකක් දක්වන්න.
8. පහත සඳහන් පාලි පාඨ සිංහලයට නඟන්න.
අ) අත්තානං උපමං කත්වා -
න හනෙය්‍ය න ඝාතයේ
ආ) න පරේසං විලෝමානි -
න පරේසං කතාකතං
9. පහත සඳහන් අදහස් ඇතුළත් ධම්පද ගාථා ලියන්න.
අ) යම් කර්මයක් කිරීමෙන් පසුතැවෙන්නට සිදු වේ ද යම් කර්මයක විපාක කඳුළු වැකි
මුහුණින් හඬමින් විඳින්නට
සිදු වේ ද ඒ කර්මය නොකිරීම මැනවි.
ආ) අර්ථවත් යම් එක් පදයක් අසා කෙලෙස් සංසිඳේ ද අනර්ථය සලසන වචන දහසකටත් වඩා ඒ එක්
පදය උතුම් වේ.
10. ‘අ’ කොටසේ යෙදුමට ගැළපෙන යෙදුම ‘ආ’ කොටසෙන් තෝරා හිස්තැන් ලියන්න.
‘අ’
වැඩිහිටියන්ට ගරු කිරීම
ස්වර්ගගාමී මාර්ගය කීම
බාහුසච්ච
නන්ද ගොපල්ලා
බෝසත් වඳුරු රජ
දාරුචීරිය බඹසර හැසිරීම
‘ආ’
ගුණවත් බව
සැබෑ නායකයා
උගත්කම
තිත්තිර බ්‍රහ්මචර්යාව
භික්ෂුවගේ යුතුකම
මහ මඟ රහත්වීම
ii කොටස
01.
1. බෞද්ධ සමාජධර්ම විෂයයෙහි උගන්වනු ලබන ආකාරයට උපයන ලද වස්තුව වර්ධනයට හේතුවන
කරුණු හතරක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ඇසුරෙන් ලියන්න.
2. යහපත් සමාජයක් බිහිවීමට ඉහත (1) හි සඳහන් කළ කරුණු පිළිපැදීමේ වැදගත්කම පහදා
දෙන්න.
3. මනා ගිහි පැවිදි සම්බන්ධතාවක් පවත්වා ගැනීමේ අවංක චේතනාව ඇති සැදැහැවත් දායකයකු
තුළ තිබිය යුතු ගුණාංග තුනක් සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් විස්තර කරන්න.
02.
01. වෛරය කවර කලෙකවත් නොසන්සිඳී පවත්නේ කුමන හේතුවක් නිසා දැයි ධම්මපද ගාථා ඇසුරෙන්
ලියන්න.
2. වෛර කිරීම නිසා අතිශයින් කටුක දුක් විපාක විඳීමට සිදුවන අයුරු ධම්මපද නිදාන
කතාවක් ඇසුරෙන් ලියන්න.
3. “උපමා භාවිතය මඟින් ධර්ම කරුණු පහසුවෙන් වටහා ගත හැකි වේ.” මේ අදහස ධම්මපදය
ඇසුරෙන් විස්තර කරන්න.
03.
1. සතර සංග්‍රහ වස්තු පිළිවෙළින් ලියා දක්වන්න.
2. සතර සංග්‍රහ වස්තු සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් පැහැදිලි කරන්න.
3. යහපත් රාජ්‍ය පාලනයක් ගොඩනඟා ගැනීමට කැමැති පාලකයකු සතර සංග්‍රහ වස්තු
පිළිපැදීමේ වැදගත්කම පහදා දෙන්න.
04.
1. විනයෙහි සඳහන් පෙර වස් හා පසු වස් විසීමට නියමිත දින දෙක ලියන්න.
2. සංඝ සාමගි‍්‍රය හා සුහදත්වයත් භික්ෂූන් වහන්සේලාගේ පාරිශුද්ධියත් ළඟා කර ගැනීම
පිණිස වස් පවාරණ විනය කර්මයෙන් ලැබෙන අනුබලය පැහැදිලි කරන්න.
3. වස් විසීම හා කඨින පින්කම් පැවැත්වීම ගිහි පැවිදි සම්බන්ධය ශක්තිමත් කරන සාර්ථක
ක්‍රමයක් වන ආකාරය විස්තර කරන්න.
05.
1. මහාකපි ජාතක කතාවෙහි සඳහන් බෝසත් වඳුරු රජු තුළ පැවති යහපත් චරිත ලක්ෂණ දෙකක්
ලියන්න.
2. උසස් ජීවිතයක් ගොඩනඟා ගැනීමට උනන්දුවක් දක්වන පුද්ගලයකුට ඉහත
(1) හි සඳහන් චරිත ලක්ෂණ දෙක අනුගමනය කිරීමේ වැදගත්කම විස්තර කරන්න.
3. මෙම පාඨය සිංහලට නඟන්න.
සත්ථා ජේතවනෙ විහරන්තෝ ඤතත්ථචරියං ආරම්භ කථෙසි. වත්ථු භද්දසාල ජාතකෙ ආවිහවිස්සති.
තදා පන ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං. ආවුසො සම්මාසම්බුද්ධො ඤාතකානං අත්ථං චරතීති.
සත්ථා ආගන්ත්වා කායනුත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නාති පුච්ඡිත්වා ඉමාය නාමා’ති
වුත්තේ න භික්ඛවෙ ඉදානේව පුබ්බේපි තථාගතො ඤාතීනං අත්ථං චාරතෙචා’ති වත්වා අතීතං
ආහරි.
06.
1. තිරිසන් සතුන් පවා මවුපියන් පෝෂණය කරන බව දැක්වෙන ජාතක කතා දෙකක නම් ලියන්න.
2. ඉහත (1) හි සඳහන් ජාතක කතා ඇසුරෙන් මවුපිය දූ දරු සෙනෙහස
තුළින් ගොඩනැඟෙන සුන්දරත්වය අගය
කරන්න.
3. මෙම පාඨය සිංහලට නඟන්න.
සත්ථා පන තං භික්ඛුං පක්කෝසාපෙත්වා “සච්චං කිර ත්වං භික්ඛු ගිහි පොසෙසී’ති
පුච්ඡිත්වා “සච්චං භන්තෙ” ති වුත්තෙ “කිං තෙ හොන්තී” ති, “මාතාපිතරො මෙ භන්තෙ” ති
වුත්තේ” සාධු භික්ඛු පොරාණකං පණ්ඩිතා තිරච්ඡානා හුත්වා සුව යොනියං නිබ්බත්තිත්වා”පි
ජිණ්ණකෙ මාතාපිතරො කුලාවකෙ නිපජ්ජාපෙත්වා මුඛතුණ්ඩකෙන ගොචරං ආහරිත්වා පොසෙසුං” ති
වත්වා අතීතං ආහරි.
07.
1. පහත වාක්‍ය සිංහලට නඟන්න.
අ) භික්ඛවො තදා භගවතො පාදෙ වන්දිංසු.
ආ) උපාසකෝ දානං දත්වා සීලං රක්ඛිත්වා සග්ගෙ නිබ්බත්ති.
ඉ) අතීතෙ රාජගහෙ මගධරාජා නාම රජ්ජං කාරෙසි.
ඊ) ඉත්ථි යාචකානං ආහාරං අදදි.
2. පහත වාක්‍ය පාලියට නඟන්න.
අ) මම පාසලට ගොස් ඉගෙන ගනිමි.
ආ) නුඹලා සතුන් නො මරව්.
ඉ) මම මේ මල්වලින් බුදුන් පුදමි.
ඊ) භික්ෂුව ධර්ම දේශනා කිරීමට ගමට යන්නේ ය.
උ) ඒ දේවතාවා ගාථාවකින් භාග්‍යවතුන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළේ ය.
****
පිළිතුරු
i කොටස
1. සතුන් වෙළඳාම, ආයුධ වෙළඳාම, මස් වෙළඳාම, මද්‍යසාර වෙළඳාම,
විෂ වෙළඳාම
2. ධනය පිරිහීම, කෝලහල ඇතිවීම, අපකීර්තිය ඇතිවීම, ලජ්ජාව නැතිවීම, නුවණ දුර්වල වීම
3. අ) චීවර ආ) පිණ්ඩපාත
ඉ) සේනාසන ඊ) ගිලාන ප්‍රත්‍යය
4. භික්ෂූන් වහන්සේගේ ජීවන පැවැත්ම අනුන්ට අයත් ය.
5. තද මසුරෙකි
අනිකෙකුට කිසිවක් නොදෙයි
ආසාවන් සඟවාගන සිටියි.
ධර්මාවබෝධය ලැබීමට තරම් බුද්ධිමත් අයෙකි.
6. මහණ බමුණන්ට ගරු කිරීම හා ආහාරපාන දීම
මවුපියන්ට උපස්ථාන කිරිම
අඹුදරුවන්ට සංග්‍රහ කිරීම
පිදිය යුත්තන් පිදීම
7. සත්‍යය, ධර්මය, අහිංසාව, හික්මීම, දමනය මේ කරුණු අතරින් ගුණාංග දෙකක් ලියා තිබිය
යුතු ය
8.
අ) අනුන් තමා මෙන් සලකා හිංසා නොකළ යුතු ය. කිසිවෙකු ලවා හිංසා නොකරවිය යුතු ය.
ආ) අනුන්ගේ බැණුම් දෙඩුම් බස් ද, අනුන්
කළ නොකළ දේ ද නොබැලිය යුතු ය.
9.
අ) න තං කම්මං කතං සාධු -
යං කත්වා අනුතප්පති
යස්ස අස්සමුඛො රොදං -
විපාකං පටිසේවති
ආ) සහස්සම්’පි චෙ වාචා -
අනත්ථපදසංහිතා
එකං අත්ථපදං සෙය්‍යෝ -
යං සුත්වා උපසම්මති
10. තිත්තර බ්‍රහ්මචර්යාව
භික්ෂුවගේ යුතුකම
උගත්කම
ගුණවත් බව
සැබෑ නායකයා
මහ මඟ රහත්වීම
ii කොටස
01.
1. ස්ත්‍රී ධූර්තයෙක් නොවීම, සුරා ධූර්තයෙක් නොවීම, අක්ෂ ධූර්තයෙක් නොවීම, කල්‍යාණ
මිත්‍රයන් ඇසුර
2. ස්ත්‍රීන් කෙරෙහි ලොල්ව ක්‍රියා කරන තැනැත්තා ස්ත්‍රීන් සතුටු කිරීමට බොහෝ ධනය
වැය කරයි. එබැවින් ඔහු ධනයෙන් පිරිහෙයි. තම බිරිඳගෙන් පමණක් සතුටු වන පුද්ගලයා උපයන
ධනය රැක ගනියි. යහපත් බිරිඳ එම ධනය සුරක්ෂිත කොට පවුලේ දියුණුව ඇති කරයි. සුරාවට
ගිජු නොවූ තැනැත්තාගේ උපයන ධනය ආරක්ෂා වෙයි. ඔහු සාමකාමී පුද්ගලයෙක් වෙයි. සමාජයෙන්
ගරු නම්බු ලබයි. ඔහු ලජ්ජා බය ඇත්තෙකි. එසේම මනා නුවණින් ක්‍රියා කරයි. තව ද ඔහු
නිරෝගී අයකු වේ. දූ කෙළියෙහි නොයෙදෙන තැනැත්තා ද උපයන ධනය රැකගනු ලබයි. ඔහු ද
සමාජයෙහි පිළිගත් අයකු වේ.
යහපත් ගතිගුණ ඇති මිත්‍රයන් ඇසුරු කරන අය ද දියුණුවට පත්වේ. ඔහු උපයන ධනය රැක
ගනියි. කල්‍යාණ මිතුරන් නිතරම අනෙකාගේ දියුණුව ම ඇති කරන බැවිනි.
3. සැදැහැවත් බෞද්ධයෝ ශාසනයේ ආරක්ෂාවත්, භික්ෂූන් වහන්සේගේ පැවැත්මත් සඳහා අවංකව ම
ක්‍රියා කරති. සිඟාලෝවාද සූත්‍රයේ සැදැහැවත් දායකයන් භික්ෂූන් වහන්සේට කරුණු පහකින්
සංග්‍රහ කරන බව දක්වා ඇත.
1. මෛත්‍රී සහගත කාය කර්මයෙන්
2. මෛත්‍රී සහගත වචී කර්මයෙන්
3. මෛත්‍රී සහගත මනෝ කර්මයෙන්
4. නොවසන ලද ගෙදොර ඇති බැවින්
5. ආහාරපාන ආදිය පිළිගැන්වීමෙන්
02.
1. වෛරයෙන් වෛරය කිසි කලෙකත් නොසංසිඳේ. “අසවලා මට බැණ වැදුණේ ය මට ගැසීය. මා
පැරදවී ය. මා සතු දේ පැහැර ගත්තේ ය’යි සිතමින් යම් කෙනෙක් නැවත නැවත වෛර බඳීත් ද
ඔවුන්ගේ වෛරය නොසංසිඳේ.
2. “අසවලා මට බැන්නේ ය. මට ගැසීය. මා පැරදීය. මා සතු දේ පැහැර ගත්තේ ය’යි සිතමින්
නැවත නැවත වෛර බඳින විට ඒ වෛරය නොසංසිඳේ. එකිනෙකාට දරුණු හානි කර ගනිමින් භවයෙන්
භවය දුකට පත්වේ. මේ පිළිබඳ අතිශයින් දුක්ඛදායක ප්‍රවෘත්තියක් කාලි යකින්නගේ කතා
වස්තුවෙන් පැහැදිලි වේ. සැවැත් නුවර එක්තරා කෙළෙඹියෙක් විවාහ කරගත් බිරිය වඳ
ස්ත්‍රියක් වූවා ය. එබැවින් එම කෙළෙඹි පුත්‍රයා දෙවන ස්ත්‍රියක් විවාහ කර ගනියි.
එහිදී පළමු ස්ත්‍රීය සිතුවේ මේ ස්ත්‍රියට දරුවෙක් ලැබුණොත් තමන් නොවටිනා අයෙක් වන
බවයි. එබැවින් දෙවන ස්ත්‍රියට දරු ගැබක් ඇති වූ විට එය විනාශ කරන ලදී. එසේම දෙවන
දරු ගැබ ද වැනසුවා ය. තෙවන දරු උපත වැනසීමට ක්‍රියා කළ විට දරුවත් මවත් මරණයට
පත්විය. තතුදත් මරණයට පත් ස්ත්‍රිය මිය ගියේ “මම ද මතු යකින්නියක් ව පැමිණ තීගේ
දරුවනුත් නසමි” යන වෛරයෙනි. ඒ අනුව භවයෙන් භවය ඔවුනොවුන්ට හානි කරමින් දෙදෙනා ම
කටුක දුක් වින්ද බව දැක්වේ.
3. උපමා භාවිතයෙන් ධර්මය පහදා දීම බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමයකි. එමඟින් ඉතා
ගැඹුරු දහම් කරුණු පවා පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වේ. ධම්මපදයේ ද බොහො ඉගැන්වීම්
සඳහා උපමා යොදාගෙන ඇත.
දිසො දිසං යං තං කයිරා -
වේරි වා පන වේරිනං
මිච්ඡා පණිහිතං චිත්තං -
පාපියො නං තතො කරේ
සොරෙක් සොරෙකුට යම් නපුරක් කෙරේ ද, එසේම වෛර ඇති කෙනෙක් වෛරී පුද්ගලයකුට යම් නපුරක්
කෙරේ ද, වරදවා තබන ලද සිත ඔහුට ඊටත් වඩා නපුරක් කරන්නේ ය.
යථාපි භමරෝ පුප්ඵං -
වණ්ණගන්ධං අහේඨයං
ඵලේති රසමාදාය -
එවං ගාමේ මුනී චරේ
යම් සේ බඹරා මලත්, එහි පැහැය හා සුවඳත් නොනසා රොන් ගෙන නැඟීයේ ද එසේම මුනිවරයා ගමේ
පිඬුසිඟා හැසිරෙයි.
සෙලො යථා එකඝනො
වාතෙන න සමීරති
එවං නින්දා පසංසාසු
න සමිඤ්ජන්ති පණ්ඩිතා
සිදුරු නැතිව එක සේ ඝන වූ පර්වතය සුළඟින් නොසැලෙන්නේ යම් සේ ද එමෙන්ම නුවණැත්තෝ
නින්දා ප්‍රශංසාවන්හි කම්පා නොවෙති.
03.
1. දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව
2.දානය - තමන් සන්තක දෙයක් පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් පරිත්‍යාග
කිරීමයි.
පි‍්‍රය වචනය - අනුන්ගේ හදවත පිනා යන මුදු මොළොක් බස පි‍්‍රය වචනයයි.
අර්ථ චර්යාව - අන්‍යයන්ගේ හිත සුව පිණිස කාලය හා ශ්‍රමය කැප කිරීමයි.
සමානාත්මතාව - තමන් සේ ම අනුන් සැලකීමයි.
ලෝකයේ මේ සතර සංග්‍රහ වස්තු ගමන් කරනා රථයකට කඩ ඇණය බඳු වෙයි. මේ සතර සංග්‍රහ වස්තු
නොවන්නාහු නම් මව දරුවන් නිසා බුහුමන් හෝ පිදීමක් නොලබන්නීය. පියා ද දරුවන් නිසා
බුහුමන් නොලබන්නේ ය.
3. සෞභාග්‍ය සම්පන්න, සාමකාමී යහපත් රටක් බිහිවන්නේ ජනතා හිතකාමී දැහැමි පාලකයකු
සිටි විටයි. එබඳු පාලකයකු සතර සංග්‍රහ වස්තු අනුගමනය කරනු ලැබේ. ඔහු ශ්‍රමණ බමුණන්ට
දන් දෙයි. දිළින්ඳන්, රෝගීන්, අසරණයන්ට හා මහල්ලන්ට අවශ්‍ය දේ පිරිනමයි. පෝෂණය
කරයි. රාජ සේවකයන්ට හා රට වැසියන්ට අවශ්‍ය තැන පරිත්‍යාග කරයි. පි‍්‍රය වචන කතා කරන
රජු සියල්ලන්ට පි‍්‍රය පුද්ගලයෙක් වෙයි. එම වැසියාගේ දියුණුව සඳහා කැපවී ක්‍රියා
කිරීම අර්ථ චර්යාවයි. තමා මෙන්ම අනුන් ද එක සේ සලකා ක්‍රියා කිරීම සමානාත්මතාවයයි.
ඒ අනුව තමා මෙන්ම අන්‍යයන් ද දුක් විඳීමට අකැමැති බවත්, සැප ලැබීමට කැමැති බවත්
වටහා ගනු ලබන පාලකයා ජනතාව අතර ගරු බුහුමන් ලබයි.
04.
1. පෙර වස් විසීම - ඇසළ මස පුර
පසළොස්වක පොහොයට පසුදිනය/ පෑළවියදා
පසු වස් විසීම - නිකිණි පුර පසළොස්වක පොහෝ දිනට පසු දිනය / පෑළවියදා
2. වස්සාන සමයෙහි පළමු තුන් මස අවසන්ව එළඹෙන හයවන පොහොය වන වප් පසළොස්වක පොහෝ දින
පෙර වස් විසූ භික්ෂූන් ද සත්වන පොහොය යෙදෙන තුදුස්වක දින පසු වස් විසූ භික්ෂූන් ද
පවාරණ විනය කර්මය කරනු ලැබේ. මේ විනය කර්මයට සියලු සමාන සංවාසික සංඝයා රැස්වේ.
රැස්ව ධාර්මිකව හා සමගිව විනය කර්මය සිදු කරති. එහිදී ගත වූ වස්කාලය තුළ ත්‍රිවිධ
ද්වාරයෙන් සිදු වූ වරදක් දුටුවේ, ඇසුවේ, හෝ සැක කෙළේ නම් ඊට පිළියම් කර ගැනීමට
අනුකම්පාවෙන් පෙන්වා දෙන ලෙස ආයාචනා කරයි. එය පවාරණයයි. ගිලන් භික්ෂුවක් වෙතොත්
උන්වහන්සේ තම පවාරණය වෙනත් භික්ෂුවක් මඟින් සංඝයාට දැන්විය යුතු ය. ඇවතට පත්
භික්ෂූන්ට මේ විනය කර්මයට එක්විය නොහැක.
3. වස් කාලය එළඹෙත්ම භික්ෂූන් වහන්සේට සිව් පසයෙන් වස් කාලය තුළ උපස්ථාන කරන බව
ප්‍රකාශ කරමින් දායකවරු වස් ආරධනා කරති. එතැන් සිට නිතර විහාරස්ථානයට පැමිණෙන දායක
පිරිස විවිධ පින්කම් කරති. බුද්ධ පූජා, බෝධි පූජා, ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා
පවත්වති. එසේම විහාරයේ භෞතික දියුණුව ද සුභ සාධනය ද කරති. මේ නිසා වස් කාලය තුළ
පැවිදි ගිහි සම්බන්ධය දියුණු වේ.
අනතුරුව කඨින චීවර පූජා සමය පැමිණේ. මෙම පින්කම හා බැඳුණු චාරිත්‍ර රාශියක් ඇත.
කඨින සිවුර මැසීම, පෙරහර, සාංඝික දාන, ධර්ම දේශනා ආදියයි. භික්ෂූන් වහන්සේගේ උපදෙස්
ද ලබමින් මෙම ආගමික කටයුතුවල නිරතවීම නිසා පැවිදි ගිහි සම්බන්ධතාව තවදුරටත් තහවුරු
වේ.
05.
1. උත්සාහය, උපායශීලී බව, ඥාති සංග්‍රහය, අනුගාමිකයන්ගේ සැප විහරණය, තමන් කළ යහපත්
ක්‍රියා ගැන සිතා සතුටුවීම.
2. බෝසත් වඳුරු රජු තම පිරිසේ දියුණුව සඳහා කැපවී ක්‍රියා කරයි. මරබියෙන් සිටි එම
පිරිසේ දිවි බේරා දීමට දැඩි උත්සාහයෙන් හා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරයි. රසවත්
අඹ අනිකෙකු කෑ විට තමාට සිදුවන හානිය කලින්ම දැන ගඟට වැටෙන ගෙඩි මල් විනාශ කිරීම.
රජු හා පිරිස නිදිගත් විට අඹ ගසට නැඟ අඹ කෑම හා තම පිරිස බේරා ගැනීමට යෙදූ උපාය
බෝසත් වඳුරු රජුගේ උපායශීලී බව ප්‍රකට කරයි.
බෝසත් වඳුරු නායකයා තම ඥාති වර්ගයා පෝෂණය කිරීම හා රැකවරණය ලබා දීම මඟින් ඥාති
සංග්‍රහ කරයි. තමාගේ සැප විහරණය නොසලකා තම පිරිසේ ආහාර හා සැපත වෙනුවෙන් ක්‍රියා
කරයි. දුෂ්ට වඳුරා තමාට කළ හිංසා ගැන නොසිතා වඳුරු දිවි ගලවාදීම පිළිබඳ වඳුරු
නායකයා සතුටු වෙයි. “මට ඒ බැම්ම වේදනාවට හේතු නොවීය. ඒ පහර ද මා නොතවන්නේ ය. මම යම්
පිරිසකට රජ කම් කළේ නම් ඒ පිරිසට සැප ගෙන දුන්නෙමි.”
3. ශාස්තෘන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසද්දී නෑයන්ගේ යහපත පිණිස ක්‍රියා කිරීම
මුල්කොට වදාළහ. එය භද්දසාල ජාතකයෙහි ප්‍රකට වන්නේ ය. එකල භික්ෂුහු දම් සභාවෙහි
කථාවක් ඇති කළහ. “ඇවැත්නි බුදුරජාණන් වහන්සේ නෑයන්ගේ යහපත පිණිස ක්‍රියා කරන සේක.”
යනුවෙනි. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට දැන් ඔබ මෙහි කවර කතාවක් කරමින් හුන්නාහු
දැයි විමසුයේ “ස්වාමීනි මෙනම් කථාවෙන් යැයි කී කල්හි” මහණෙනි, දැන් පමණක් නොව පෙරත්
තථාගතයන් වහන්සේ ඥාතීන්ගේ යහපත පිණිස ක්‍රියා කළ සේකැයි” වදාරා අතීත කතාව ගෙනහැර
දැක්වූහ.
06.
1. සාලිකේදාර ජාතකය, මාතු පෝසක ජාතකය
2. මවුපිය දූ දරු සෙනෙහස තුළ සමගිය, සමාදානය, කරුණාව, මෛත්‍රිය ආදී ආධ්‍යාත්මික
බැඳීම් රාශියක් පවතියි. මවුපියෝ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා ජීවිත පරිත්‍යාගයෙන්
ක්‍රියා කරති. මහලු ගිරා රජු රජ සැප තම පුත් බෝසත් ගිරවාට ලබා දෙන්නේ එබැවිනි.
බෝසත් ගිරා රජු ද මවුපියන්ට කෑම සොයන්නට යාමට නොදී තමාම ආහාර ගෙනවිත් දෙමවුපියන්
පෝෂණය කරයි. මාතු පෝෂක ජාතක කතාවේ ද දැක්වෙන්නේ බෝසත් ඇත් රජු මහත් දයාවෙන් තම අන්ධ
මව පෝෂණය කරන ප්‍රවෘත්තිය යි. ගිරා රජු මෙන්ම බෝසත් ඇත් රජු ද සතුරන් අල්වා ගත් විට
දෙදෙනාම වැලපෙන්නේ මව්පියන් අසරණ වීම නිසා ය. ඔවුන්ගේ මවුපියෝ ද දරුවන්ට දුකක්
ඇතිවී යැයි සිතා බලවත් සේ දුක් වෙති. දරුවන් නිදහස් ව මවුපියන් වෙත පැමිණි විට ඒ මව
හා පියා බලවත් සේ සතුටු වෙති.
3. ශාස්තෘන් වහන්සේ ඒ භික්ෂුව කැඳවා “මහණ ඔබ ගිහියන් පෝෂණය කරති’යි යන්න සැබෑවක්
දැ’යි” අසා “සැබෑවකි ස්වාමීනී’යි” කී කල ඔවුහු ඔබට කවුරුන් වෙත් දැයි ඇසූ විට “මගේ
මවුපිය දෙදෙනා ය ස්වාමීනි’යි කී කල්හි “මහණ ඉතා හොඳයි. පැරැණි පඬුවෝ තිරිසනුන් ව
ගිරා ජාතියෙහි ඉපිද පවා මහලු මවුපියන් කැදැල්ලෙහි තබා මුව තුඩින් ගොදුරු ගෙනවුත්
පෝෂණය කළාහුයි” ය කියා අතීත කතාව ගෙනහැර දැක්වූහ.
07.
1.
අ) එකල්හි භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ පා වැන්දාහු ය.
ආ) උපාසකයා දන්දී සිල් රැක දෙව්ලොව උපන්නේ ය.
ඉ) අතීතයෙහි රජගහ නුවර මගධ නම් රජෙක් රාජ්‍ය කරවීය.
ඊ) ස්ත්‍රිය යාචකයන්ට ආහාර දුන්නා ය.
2.
අ) අහං පාඨසාලං ගන්ත්වා උග්ගණ්හාමි
ආ) තුම්හෙ සත්තා/ තිරච්ඡාන මා මාරෙථ
ඉ) අහං පූජෙමි බුද්ධං කුසුමෙනනෙන / පූජේමි බුද්ධං කුසුමෙනනෙන
ඊ) භික්ඛු ධම්මං දේසේතුං ගාමං ගච්ඡිස්සති/ ගමිස්සති
උ) සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣහාසි |