[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දෙහිවල - කරගම්පිටිය පාරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

බිනර  අමාවක

ඔක්තෝබර් 13 සිකුරාදා
අ.භා. 09.50 න් අමාවක ලබා 14 සෙනසුරාදා අ.භා. 11.24 න් ගෙවේ. 14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

ශ්‍රී සද්ධර්මය නිවැරැදිව හඳුනා ගනිමු

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළේ, ධර්මය අවබෝධ කොට දෙව් මිනිස් ලෝකයාට සසර දුකින් මිදීම පිණිස ය. ලෝකයේ සැමදා පවතින සත්‍ය තත්ත්වය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්වභාවය එලෙසින් ම අවබෝධ කිරීම, ධර්මය අවබෝධ කිරීම ලෙස හඳුන්වයි. එසේ අනිත්‍ය බව අවබෝධය පිණිස ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් විමසා බැලිය යුතු බව සූත්‍ර දේශනාවල (කිංසුකෝපම සූ. සං.නි.4) සඳහන් වේ. මේ කුමන අයුරකින් හෝ විමසා බැලීම පිණිස එම දහම් කාරණා සූත්‍ර දේශනාවල සඳහන් වන අයුරින් ම ඉතා පැහැදිලිව, නිරවුල්ව දැන සිටිය යුතු ය. එහිදී සූත්‍ර දේශනාවල සඳහන් වචන (ව්‍යඤ්ජන) විකෘති නොවන ලෙස ද, අර්ථයට හානියක් නොවන ලෙස ද භාවිත කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. කරුණු දෙකක් සද්ධර්මයෙහි මුළාවට පත්වීම පිණිසත්, සද්ධර්මය අතුරුදහන් වීම පිණිසත් හේතු වේ. එනම් වැරැදි ලෙස භාවිත කළ වචනයත්, වැරැදි ලෙස යොදා ගත් අර්ථයත් ය. (දුන්නික්ඛිත්තඤ්ඤච පදබ්‍යඤජනං අත්ථොච දුන්නිතො) මෙම කරුණු දෙක නිවැරැදිව භාවිත කිරීම සද්ධර්මය බොහෝ කල් පැවතීමටත්, ධර්මයෙහි මුළා නොවීමටත් හේතු වන බව අංගුත්තර නිකාය දුක නිපාතයේ (2,1,2,10 සූත්‍රය) සූත්‍ර දේශනාවෙහි සඳහන් වේ. එබැවින් සූත්‍ර දේශනා විස්තර කිරීමේ දී සැම විටම අර්ථය පිළිබඳ විමසා බලා අර්ථ විකෘති නොවන ලෙස වචන භාවිතය ඉතා වැදගත් බව මෙයින් පැහැදිලි වේ.

මහත්ඵල මහානිසංස ලබාදෙන කඨින චීවර පූජාවේ ඉතිහාසය

ශාසන ඉතිහාසයට අනුව අප මේ ගත කරමින් සිටින්නේ වැදගත් කාල පරිච්ඡේදයක්. භික්ෂූන් වහන්සේ වස් වැසීම, වස් පවාරණය කිරීම යන උතුම් පින්කම් කරනුයේ මෙම කාලයේ දී යි. ඉදිරි පුර පසළොස්වක පොහොයෙන් වස් වැසීම නිමාවට පත්වෙනු ඇත. බෞද්ධ ජනතාවගේ සිත සුවපත් වන මෙම කාල පරිච්ඡේදය චීවර මාසය හෙවත් කඨින මාසය ලෙස ද හඳුන්වනු ලබනවා. චීවර පූජාව මහත්ඵල මහානිසංස ලබා දෙන අතිපූජනීය වූ උතුම් පින්කමක්. කඨින පින්කම් ඉතිහාසය දෙස බැලීමේ දී ත්‍රිපිටකයේ විනය පිටකයට අයත් මහාවග්ග පාලිය වැදගත් මූලාශ්‍රයන් ලෙස සඳහන් කළ හැකියි. වස්වැසීම, වස්පවාරණය කිරීම, චීවර පූජාව ආදී සෑම කටයුත්තක් පිළිබඳව ම එම මූලාශ්‍රයෙහි අන්තර්ගත වී තිබීම වැදගත්. එම මූලාශ්‍රයට අනුව පැහැදිලි කරන්නේ භික්ෂූන් වහන්සේ හේමන්ත, ගිම්හාන හා වස්සාන යන සෘතු තුනේ ම නිරන්තරයෙන් ධර්ම චාරිකාවේ යෙදුණු බවයි. එම සෘතු තුනේ ම භික්ෂූන් වහන්සේ ධර්ම චාරිකාවෙහි යෙදුණ ද නිගන්ඨයන් ආදී අන්‍ය තීර්ථකයන් වස්සාන සෘතුවේ දී එක තැනකට වී සිටියහ. නමුත් භික්ෂූන් වහන්සේ වස්සාන කාලයේ දී ධර්ම චාරිකාවෙහි යෙදීම පිළිබඳ අන්‍ය තීර්ථකයෝ උන්වහන්සේට දෝෂාරෝපණය කිරීමට පටන් ගත්හ. මහාවග්ග පාලියෙහි සඳහන් වන සූත්‍රයේ අර්ථයට අනුව එය පැහැදිලි වන්නේ මෙසේ ය. “බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හේමන්තයේ ද, ගිම්හානයේ ද, වස්සානයේ ද, නිල් තණ පාගමින් ඒක ඉන්ද්‍රීය ජීවීන් පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද, මේ අන්‍ය තීර්ථ පරිබ්‍රාජකයෝ වැරැදි සේ කියූ දහම් ඇත්තාහු ද වස් විසීමෙහි ඇලෙත්.

ප්‍රතිඵල ලැබෙන තුරු වෑයම අත් නොහරිමු

පුංචි ඔබට මතක නැතිව ඇති කිරිකැටි බිලිඳෙකු වශයෙන් මේ ලෝකයට බිහි වුණ දවස. අද වගේ දුවන්න, පනින්න, නටන්න, සෙල්ලම් කරන්න, ලස්සනට ගී කියන්න එදා ඔබට පුළුවන්කමක් තිබුණෙ නැහැ. වෙන එකක් තබා තමන්ගේ ඇඟේ පතේ වේදනාව, පිපාසය, බඩගින්න වෙනත් ඕනෑ එපාකම් ඒ කිසිවක් ගැන තවත් කෙනකුට කියන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ හැම එකකට ම කෑගහපු එක, හඬපු එක තමයි ඔබ කළේ. සතුටක් ඇති වුණාම සිඟිති කිරිදත් පෙන්නලා හිනා වුණා. අත ළඟට යමක් කිට්ටු කළාම ඒක තද කරලා අල්ල ගත්තා. අතට අසුවන ඕනෑම දෙයක් කටේ ඔබා ගන්න උත්සාහ කළා. එහෙත් දැන් ඔබ......සමාජය ගැන තරමක් දුරට දැනුම් තේරුම් තියෙන පාසල් වයසේ ඉන්න දුවෙක් හෝ පුතෙක්. දකින දකින හැම දෙනාගේ ම නෙත් සිත් සතුටු කරමින් පළාතම සුවඳ කරමින් පිපී ගෙන එන මල් වගෙයි ඔබේ ඔය සුන්දර ළමා ජීවිතය. ඔබව මෙලොවට බිහි කළ සෙනෙහෙබර මවුපියන්, ඔබට සිප්සතර උගන්වන ගුරුවරුන්, ඔබට බණ දහම් කියල දෙන පන්සලේ හාමුදුරුවෝ, පල්ලියේ, කෝවිලේ, දේවස්ථානයේ පියතුමා පූජකවරු මේ හැම කෙනෙක් ම ඔබ ගැන ගොඩක් බලාපොරොත්තු තබල තියෙනවා. ඒ තමයි ඔබ ඉගෙන කියාගෙන ලොකු මහත් වෙලා ගුණ නුවණින් දිවි මඟ සරුකර ගෙන සමාජයට, රටට, කතා කරන භාෂාවට, අදහන ආගමට, ඔබෙන් අර්ථවත් සේවයක් සිදුවෙයි කියන බලාපොරොත්තුව.

ආත්ම ගෞරවය නැති තැනැත්තාට කළ නොහැකි පාපයක් නැත

සීලය නම් හීලෑකම යි. උතුම් පිළිවෙතකින් තමාගේ සිත, කය, වදන විනීත කර ගනු ලැබීම සීලය යි. සීල යන පදයෙහි සීතල යවන තේරුමකුදු ඇත. ඒ කෙලෙස් ගිනි නිවන සිහිලක් නිසා ය. ගුණ දම් විසිර යාමට ඉඩ නොදී රැක ගැනීම් අර්ථයෙන් සීලය හිසක් වැනිය. හිස සුන් කල්හි ජීවිතය නොරඳන්නාක් මෙන් සිල් සුන් කල්හි ගුණධර්ම නැමති සිරුරක් ද නොරඳන්නේ ය. එම සීලය තෙමේ චෙතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය, අව්‍යතික්‍රම සීලය යැයි සිව් වැදෑරුම් වේ. චෙතනා සීලය” නම් ප්‍රාණඝාතාදී අකුසල කර්මයන්ගෙන් වෙන් වීමෙන් හා වත් පිළිවෙත් කිරීමෙන් සිත්හි ඇතිවන චේතනා සමුදායයි. චෛතසික සීලය” නම් ප්‍රාණඝාතාදී අකුසලයන්ගෙන් වෙන්වන්නහුගේ සිත්හි පහළවන විරති චෛතසිකය යි. සම්මා වාචා – හොඳ වචනය, සම්මා කම්මන්ත – හොඳ කර්මාන්ත , සම්මා ආජීව - හොඳ දිවි පැවැත්ම හා අනභිධ්‍යා - විෂම ලෝභයෙන් වෙන්වීම, අව්‍යාපාද – කෝපයෙන් වෙන්වී මෙත් වැඩීම, සම්මා දිට්ඨි - දුක පිළිබඳ ඥානය, දුක හට ගැනීමට හේතුව පිළිබඳ ඥානය, දුක නැති කිරීම පිළිබඳ ඥානය, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ ඥානය යන මේ ධර්මයෝ ද චෛතසික සීල නම් වෙත්. සංවර සීලය වනාහි පාතිමොක්ඛ සංවරය, සති සංවරය, ඤාණ සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය යැයි පස් වැදෑරුම් වේ. පාතිමොක්ඛ යන්නෙහි ප්‍රධාන සීලය යන අර්ථයක් ගැනේ. මෙය භික්ෂූන් වහන්සේ ප්‍රධානකොට දේශනා වූවකි. පවට ලජ්ජාවී ආත්ම ගෞරවය උපදවා ශික්ෂා පද ආරක්ෂා කිරීම ප්‍රාතිමොක්ෂ සංවර නම් වේ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]