[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අමාවක පෝ දා 2023-10-14

 

ලාභාපේක්ෂාවෙන් ගුණ ධර්ම දායාද නොකරන්න

 

බුදුරජාණන් වහන්සේ යහපත් මිනිස් සමාජයක් ඇති කිරීමට කළ යුතු පිළියම අපට කියා දුන්හ. තමන් වහන්සේ ලැබූ ලෝකෝත්තර ගුණ තම ශ්‍රාවකයන් වහන්සේට දේශනා කළහ. අනතුරුව ඔවුන්ට අපූරු උපදේශයක් ලබා දුන්හ. ‘පින්වත් මහණෙනි, මම බොහෝ දුක සේ සොයාගත් ධර්මය ඔබ සැමට ඉගැන්වූවෙමි. ගම් නියම්ගම් හා දනව්වල සැරිසරමින් ගුණවලින් පිරිහුණු ලෝක සත්වයාට බොහෝ හිත සුව පිණිස, සැප පිණිස හා අනුකම්පා පිණිස ධර්ම චාරිකාවේ යෙදෙන්න.”යි අනුශාසනා කළහ. මිනිසාගේ උතුම්ම ගුණය වන්නේ තමන් ලැබූ ගුණ හෝ අවබෝධ කර ගත් ශිල්ප ඥානය හෝ ඒවා නොලත් අයට ලබා දෙමින් උපකාර කිරීම යි.

යම් මවක් හෝ පියෙක් තමන්ගේ දරුවාගේ අනාගතය සැපවත් කිරීමටත්, යහපත් කිරීමටත් තමන් දන්නා ගුණ ධර්ම කියා දෙයි. ශිල්ප ඥානය ලබා දෙයි. එහෙත් තමන්ගේ අසල්වැසි දරුවාගේ යහපත වෙනුවෙන් වදනක් හෝ මුවින් මුදා නො හරියි. බුදුරජාණන් වහන්සේ එම දුෂ්කි‍්‍රයා ප්‍රතික්ෂේප කළහ. යහපත් ලෝකයක් නිර්මාණය කිරීමටත් උතුම් ගුණ ධර්ම සමාජ ගත කිරීමටත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පිළිපැදිය යුතු වේ.

බුදුරජාණන් වහන්සේ මහා පර්යේෂණයකින් පසුව අනර්ඝ ප්‍රතිඵලයක් සොයා ගත්හ. එය තමන්ගේ ඥාතීන්ට හෝ අසල්වැසියන්ට හෝ හිතමිතුරන්ට හෝ පමණක් බෙදා නො දුන්නහ. මිල කිරීමක් නො කළහ. තව ද කීර්ති ප්‍රශංසා වෙනුවෙන් තම ඥානය යොදා නො ගත්හ. ලැබූ සියලුම ඥානය යෙදවූයේ ඥානය නොමැති අයට ඥානය දීමට යි. කුසලතා නොමැති අයගේ කුසලතා වර්ධනය කිරීමට යි. එහෙත් අවුරුදු දෙදහස් පන්සියයකට අධික කාලයක් ගත වී තිබුණත් අදටත් බෞද්ධ අප සැමගෙන් වැඩි ප්‍රමාණයකට තමන් ලැබූ ගුණ ධර්ම හෝ ශිල්ප ඥාන හෝ තවත් කෙනකුගේ යහපත වෙනුවෙන් යෙදවීමට නොහැකි වී ඇත. මුදල, අල්ලස, ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා හා තනතුරු නාම ආදීය හෝ කිසියම් ලාභාපේක්ෂාවක් වෙනුවෙන්ම ලැබූ ගුණ හෝ ඥානය යොදවන බවක් දැක ගන්නට ලැබීම කනගාටුවට කරුණකි. ලෙඩ වී කිසිදු පිහිටක් නොමැතිව මංචපරායනව සිටි පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට උපස්ථාන කරන්නේ ද, ආචාර්ය උපාධ්‍යායවත් පනවන්නේ ද, අඹු - දරු, ස්වාමි - භාර්යා, හිත - මිතුරු, ස්වාමි - සේවක, ගිහි - පැවිදි යුතුකම් හා වගකීම් දක්වන්නේ ද, චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ති‍්‍රලක්ෂණය ආදී කිසිදා මිල කළ නොහැකි ධර්ම කරුණු දේශනා කරන්නේ ද මූල්‍යම පදනමක සිට හෝ කීර්ති ප්‍රශංසාදී වෙනත් ලාභ සත්කාර හෝ අපේක්ෂාවකින් නොවේ. ලැබූ ගුණ සහ ඥානය යොදවන්නේ අන් අයගේ යහපත වෙනුවෙන්මය. පිරිහෙන බව අත්දැකීම්වලින් පිරිපුන් අය අන් අයගේ පිරිහීම දැක පිහිට වෙනවා නම් ලෝකය දවසින් දවස දියුණුවටත්, පුද්ගල චිත්ත සන්තුෂ්ටියටත් හේතු වෙයි. එහෙත් නූතන තත්ත්වය මෙයට විරුද්ධ වූවකි. බුදු දහම දහමක් නො වන්නේ මේ නිසාය. බුදුරජාණන් වහන්සේ සම්ම්‍යග් දිට්ඨිය හෙවත් යහපත් දැක්ම පුද්ගලයාට අවශ්‍ය වන බවත්, එය හරි හැටි දැන ගැනීමෙන් නිවැරැදි මාර්ගයේ ගමන් කරන බවත් දේශනා කළහ.

ලෝකයේ සුන්දර බව දැකීමට නම් මෙම ගුණ හැම අයකුම පුරුදු පුහුණු කළ යුතුය. උපදින හැම මනුෂ්‍යයකුම කිසියම් ගුණයකින් හෝ ඥානයකින් හෝ යුතු වේ. ඒවා ලාභාපේක්ෂාවෙන් තොරව අනෙකා හා බෙදා ගන්නේ නම් ලෝකය සුන්දර වේ. හැමදාම දියුණු වේ. පිරිහීමට පත් නොවේ.

බිනර  අමාවක

ඔක්තෝබර් 13 සිකුරාදා
අ.භා. 09.50 න් අමාවක ලබා 14 සෙනසුරාදා අ.භා. 11.24 න් ගෙවේ. 14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]