[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ප්‍රතිඵල ලැබෙන තුරු වෑයම අත් නොහරිමු

පුංචි ඔබට මතක නැතිව ඇති කිරිකැටි බිලිඳෙකු වශයෙන් මේ ලෝකයට බිහි වුණ දවස. අද වගේ දුවන්න, පනින්න, නටන්න, සෙල්ලම් කරන්න, ලස්සනට ගී කියන්න එදා ඔබට පුළුවන්කමක් තිබුණෙ නැහැ. වෙන එකක් තබා තමන්ගේ ඇඟේ පතේ වේදනාව, පිපාසය, බඩගින්න වෙනත් ඕනෑ එපාකම් ඒ කිසිවක් ගැන තවත් කෙනකුට කියන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ හැම එකකට ම කෑගහපු එක, හඬපු එක තමයි ඔබ කළේ. සතුටක් ඇති වුණාම සිඟිති කිරිදත් පෙන්නලා හිනා වුණා. අත ළඟට යමක් කිට්ටු කළාම ඒක තද කරලා අල්ල ගත්තා. අතට අසුවන ඕනෑම දෙයක් කටේ ඔබා ගන්න උත්සාහ කළා. එහෙත් දැන් ඔබ......සමාජය ගැන තරමක් දුරට දැනුම් තේරුම් තියෙන පාසල් වයසේ ඉන්න දුවෙක් හෝ පුතෙක්. දකින දකින හැම දෙනාගේ ම නෙත් සිත් සතුටු කරමින් පළාතම සුවඳ කරමින් පිපී ගෙන එන මල් වගෙයි ඔබේ ඔය සුන්දර ළමා ජීවිතය. ඔබව මෙලොවට බිහි කළ සෙනෙහෙබර මවුපියන්, ඔබට සිප්සතර උගන්වන ගුරුවරුන්, ඔබට බණ දහම් කියල දෙන පන්සලේ හාමුදුරුවෝ, පල්ලියේ, කෝවිලේ, දේවස්ථානයේ පියතුමා පූජකවරු මේ හැම කෙනෙක් ම ඔබ ගැන ගොඩක් බලාපොරොත්තු තබල තියෙනවා. ඒ තමයි ඔබ ඉගෙන කියාගෙන ලොකු මහත් වෙලා ගුණ නුවණින් දිවි මඟ සරුකර ගෙන සමාජයට, රටට, කතා කරන භාෂාවට, අදහන ආගමට, ඔබෙන් අර්ථවත් සේවයක් සිදුවෙයි කියන බලාපොරොත්තුව. මිනිස්කම තේරුම් ගෙන, බෞද්ධකම දියුණු කර ගෙන ජාති භේද, ආගම් භේද, කුල මල භේද නැතිව මෙලොව පරලොව දෙකට වැඩ ඇති පින්බර ජීවිතයක් ගත කරයි කියන බලාපොරොත්තුව. දුවේ, පුතේ, මේ හැම බලාපොරොත්තුවක් ම මල්ඵල ගන්වන්න හැකියාව ඔබ තුළමයි සැඟවිලා තියෙන්නේ. ඒ සැඟ වී තිබෙන දස්කම් මතු කරලා දෙන්න, පුබුදු කරවන්න, ඔබට පිහිට වන උපකාර වන ස්ථාන කිහිපයක ම දොරටු නිතර ම විවෘත වෙලා තියෙනවා.


බිනර  අමාවක

ඔක්තෝබර් 13 සිකුරාදා
අ.භා. 09.50 න් අමාවක ලබා 14 සෙනසුරාදා අ.භා. 11.24 න් ගෙවේ. 14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]