[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උතුම් වන්දනා ගාථා

උතුම් වන්දනා ගාථා

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !

බුද්ධ රත්නයට වන්දනා කරමු

ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝකවිදූ අනුත්තරො පුරිස දම්ම සාරථි, සත්තා දෙවමනුස්සානං බුද්ධො භගවාති.

බුද්ධ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි

ඉමේහි නවගුණේහි සමන්නාගතං බුද්ධ රතනං සරණං ගච්ඡාමි. බුද්ධ රතනං සිරසා නමාමී.

අගාහං බුද්ධං, බුද්ධෝ මේ සරණං වරං – තේ සච්චේන මං බුද්ධෝ, පාලේතු දිවසං ඉමං

මම බුදු සරණ යමි. බුදු රුවන මට පිහිට වේ. එම සත් බෙලෙන් මෙ දවස බුදුරුවන මා සුරකින සේක්වා.

කායෙනච සරණං යාමි, වාචායච සරණං යාමි, මනසා පිච සරණං යාමි. බුද්ධං සරණං ගච්ඡාමී.

කයිනුත්, මම බුදු සරණ යමි. බසිනුත් මම බුදු සරණ යමි. සිතිනුත් මම බුදු සරණ යමි. නිරතුරු බුදු සරණ යමි.

නමාමි බුද්ධං ගුණ සාගරන්තං – සත්තා සදාහොන්තු සුඛී අවේරා – කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ – ගච්ඡන්ති සබ්බේ මරණං අහංච.

අසීමිත ව ගුණ ඇති බුදුරදුන්ට නමස්කාර කරමි. සියලු සත්වයෝ සැම කල්හි සුවපත් වෙත්වා. දුගඳ හමන මේ ශරීරය පිළිකුල් සහගත ය. මා ඇතුළු සියල්ලෝ ම මරණයට පත්වන්නාහ.


ශ්‍රී සද්ධර්මයට වන්දනා කරමු

ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො ඒහිපස්සිකො ඕපනයිකො පච්චත්තංවේදී තබ්බො විඤ්ඤූහීති. ධම්ම රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. ඉමේහි ගුණේහී සමන්නාගතං ධම්ම රතනං සරණං ගච්ඡාමී.

අගාහං ධම්මං ධම්මො මේ සරණංවරං තේන සච්චේන මං ධම්මො පාලෙතු දිවසං ඉමං

මම සදහම් සරණ යමි. දම් රුවන මට පිහිට වේවා. එම සත් බෙලෙන් මෙ දවස දම් රුවන මා සුරකින සේක්වා.

කායෙන ච සරණං යාමි. වාචායච සරණං යාමි. මනසා පිච සරණං යාමි. ධම්මං සරණං ගච්චාමි.

කයිනුත් මම සදහම් සරණ යමි. බසිනුත් මම සදහම් සරණ යමි. සිතිනුත් මම සදහම් සරණ යමි. නිරතුරු සදහම් සරණ යමි.

නමාමි ධම්මං සුගතේන දේසිතං
සත්තා සදා හොන්තී සුකී අවේරා
කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ
ගච්ඡන්ති සබ්බේ මරණං අහංච

බුදුරදුන් වදාළ ශ්‍රී සද්ධර්මයට නමස්කාර කරමි. සියලු සත්වයෝ සැම කල්හි ම සුවපත් වෙත්වා. දුගඳ හමන මේ ශරීරය පිළිකුල් සහගත ය. මා ඇතුළු සියල්ලෝ ම මරණයට පත්වන්නාහ.


සංඝ රත්නයට වන්දනා කරමු

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝො උජුපටිපන්නො භගවතො සාවක සංඝො ඤාය පටිපන්නො භගවතො සාවක සංඝො සාමීචිපටිපන්නො භගවතො සාවක සංඝො,

යදිදං චත්තාරි පුරිසයුගානී අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතො සාවක සංඝො

ආහුණ්‍යෙයො පාහුණ්‍යෙයො දක්ඛිණ්‍යෙයො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාතී

සංඝ රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමී

ධම්මේහි නවගුණේහි සමන්නාගතං සංඝ රතනං සරණං ගච්ඡාමී. සංඝ රතනං සිරසා නමාමී

අගහං සංඝං සංඝෝ මේ සරණංවරං තේන සච්චේන මං සංඝො පාලේතු දිවසං ඉමං

මම සඟ සරණ යමි. සඟ රුවන මට පිහිට වේවා. එම සත් බෙලෙන් මෙ දවස, සඟ රුවන මා සුරකින සේක්වා

කායෙනච සරණං යාමි – වාචයච සරණං යාමි – මනසාපිච සරණං යාමි සංඝ සරණං ගච්ඡාමි.

කයිනුත් මහ සඟ සරණ යමි. බසිනුත් මහ සඟ සරණ යමි. සිතිනුත් මහ සඟ සරණ යමි. නිරතුරු මහ සඟ සරණ යමි.

නමාමී සංඝං මුනි රාජ සාවකං සත්තා සදා හොන්තු සුඛී ආවේරා, කායෝජි ගුච්ඡො සකලො දුගන්ධො ගච්ඡන්ති සබ්බේ මරණං අහංච ශ්‍රාවක මහා සංඝරත්නයට නමස්කාර කරමි. සියලු සත්වයෝ සැම කල්හි ම සුවපත් වෙත්වා. දුගඳ හමන මේ ශරීරය පිළිකුල් සහගත ය. මා ඇතුළු සියල්ලෝ ම මරණයට පත්වන්නාහ.


ධාතු චෛත්‍ය වැඳීම

සබ්බාපාප විසුද්ධස්ස – අනන්ත ගුණ ධාරිනෝ
නමාමි ලෝකනාථස්ස – සාදරං ධාතු චේතියං

සකල පාප මළයෙන් පවිත්‍ර වූ අනන්ත ගුණ දරන්නා වූ ලෝකනාථයන් වහන්සේගේ ධාතු චෛත්‍ය සාදරයෙන් වඳිමි.

උද්දේසික චෛත්‍යය වැඳීම

යෝ සන්නි සින්නො වර බෝධිමූලේ – මාරං සසෙනං මහතිං විජෙත්වා
සම්බෝධි මාගාජි අනන්තඤාණෝ – ලෝකුත්තමං පණමාමි බුද්ධං

සර්වඥයන් වහන්සේ බෝ මැඩ විදුරසුන් අරා සේනා සහිත මාර දිව්‍ය පුත්‍රයා පරාජය කොට බුද්ධ රාජ්‍ය ශ්‍රීය අත්කළ සේක්ද? අනෝපමෙය්‍ය ඥානයෙන් යුක්ත වූ, ලෝකෝත්තම වූ ඒ සර්වඥයන් වහන්සේට මම නමස්කාර කරමි.

වන්දාමි චේතියං සබ්බං – සබ්බඨානෙ සුපතිට්ඨිතං
ශාරීරික ධාතු මහා බෝධිං – බුද්ධ රූපං සකලං සදා

ලොව සියලු තැන්හි පිහිටියා වූ චෛත්‍යයන් ද, බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ ද, පාරිභෝගික ශ්‍රී මහා බෝධින් වහන්සේ ද, උද්දේසික බුද්ධ ප්‍රතිමා ද සැම කල්හි වඳිමි.

සෑ රදුන්ට මල් පුදමු

අනන්ත ගුණ වණ්ණස්ස – සුද්ධසීල සුගන්ධිනො
චේතියා ලොකනාථස්ස – පුප්ඵෙනෙතෙන පූජයෙ

අනන්ත ගුණ නමැති වර්ණය ඇත්තා වූ ශුද්ධ වූ ශීල සුගන්ධය ඇත්තාවූ ලෝකනාථයන් වහන්සේගේ චෛත්‍යයට මේ මල් පුදමි. පූජා වේවා.

ඔභාසිතස්සිමං ලෝකං – සද්ධම්මවර රංසියා
ධූපෙනෙතෙන පූජෙමි – ධම්මරාජස්ස චේතියං

සද්ධර්ම සංඛ්‍යාත උත්තම රශ්මියෙන් මේ ලෝකය ආලෝක කළා වූ ධර්මරාජයන් වහන්සේගේ චෛත්‍යයට මේ සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා.

කොඩි පූජා කරමු

භාසිතස්සිමා ලොකං – සද්ධම්මවර රංසියා
ධජෙනෙතෙන පූජෙමි – ධම්මරාජස්ස චේතියං

සද්ධර්ම සංඛ්‍යාත උත්තම රශ්මියෙන් මේ ලෝකය ආලෝක කළා වූ ධර්මරාජායන් වහන්සේගේ චෛත්‍යයට මේ කොඩි පූජා කරමි පූජා වේවා.

සෑ රදුන්ට පහන් පුදමු

ඔභාසිතස්සිමං ලොකං – සද්ධම්මවර රංසියා
දීපෙනෙතෙන පූජෙමි – ධම්මරාජස්ස චේතියං

සද්ධර්ම සංඛ්‍යාත උත්තම රශ්මියෙන් මේ ලෝකය ආලෝක කළා වූ ධර්ම රාජයන් වහන්සේගේ චෛත්‍යයට මේ පහන් පූජා කරමි. පූජා වේවා.


වඳිමු ශ්‍රී මහ බෝ රදුන් වන්දනා කරමු

චෛත්‍ය වැඳ බෝධීන් වහන්සේ වෙත පැමිණ පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට අසුනෙහි මල් පහන් සුවඳ දූප තැන්පත් කර ගාථා කියා වන්දනා කරන්න.

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ – සමදිට්ඨිත දක්ඛීණ සාඛභවං
සුභ මේඝවනම්බර මේඝ නිභං – ජය බෝධි මහං පණමාමි වරං

යහපත් කොට පිහිටි ශුද්ධ අනුරාධපුරයෙහි අහස්ගත මහත් මේඝයක් මෙන් මනා කොට මහමෙවුනා උයනෙහි පිහිටුවන ලද ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වඳිමි. මාගේ නමස්කාරය වේවා.

ඉමේ ඒතේ මහා බෝධි – ලෝක නාථෙන පූජිතා – අහංපිතේ නමස්සාමි බෝධි රාජා නමත්ථූතේ

ලෝකනාථ වූ මාගේ බුදුරජාණන් වහන්සේ සත් දිනක් අනිමිසලෝචන පූජාවෙන් පුදන ලද ඒ උතුම් බෝධි රාජයාණන් මම නමිදිමි. මාගේ නමස්කාරය වේවා.

ඉන්දනීල වණ්නපත්ත සේත ඛන්ධ භාසුරං – සත්ථු නෙත්ත පංකජාභි පූජාතග්ග සාතදං
අග්ග බෝධි නාම වාම දේවරුක්ඛ සන්නිභං – තං විශාල බෝධිපාදපං නමාමි සබ්බදා

ඉඳුනිල් මිණී වැනි පත්වලින් ද, සුදු පැහැති කඳින් ද බබළන්නා වූ ද, ශාස්තෘන් වහන්සේ විසින් නෙත් පියුම්වලින් පුදන ලද්දා වූ ද, අග්‍ර මිහිර ගෙන දෙන්නාවූ ද, අග්‍රබෝධි නම් වූ සුන්දර වූ දෙව් රුකක් වශයෙන් වර්ණිත වූ, විශාල වූ, ඒ බෝධි වෘක්ෂයන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

පඨමං බෝධි පල්ලංකං – දුතියංච අනිංමිසං තතියං චංක මනං සෙට්ඨං – චතුත්ථං රතනාඝරං පඤ්චමං අජපාලංච මුචලින් දෙන ජට්ඨමං සත්තමං රාජායතනං වන්දේතං මුණි සේවිතං

මුනිරාජයාණන් වහන්සේ විසින් පළමු වන සතිය ගත කළ මහ බෝ මැඬ ද, දෙවැනි සතිය ගත කළ අනිමිස ලෝචන චේතිය ද, තුන්වැනි සතිය ගත කළ රුවන් සක්මන චේතිය ද, සිව්වැනි සතිය ගත කළ රුවන් ගෙයි චේතිය ද, පස්වැනි සතිය ගත කළ අජපාල චේතිය ද, සයවැනි සතිය ගත කළ මුචලින්ද චේතිය ද, සත්වැනි සතිය ගත කළ රාජායතන චේතිය ද, මම ආදරයෙන් වඳිමි. මාගේ නමස්කාරය වේවා.

යස්ස මූලේ මහා සත්තෝ – ජෙත්වා මාරං මහබ්බලං – පත්තෝ සබ්බඤ්ඤුංසෙට්ඨං – වන්දේ තං බෝධි මුත්තමං

යම් බෝධි මූලයක දී මහා බෝධිසත්වයන් වහන්සේ මහත් ඵල ඇති මාරයා පරදවා සියල්ල දත් බුදු බවට පැමිණි සේක් ද උත්තම වූ ඒ බෝධින් වහන්සේට මම නමස්කාර කරමි.

දුක්ඛං රෝගං භයං වේරං – සෝකං ජානිං උපද්දවා – භරන්තං පූජයන්තනං
වන්දේතං පූජයන්තනං – වන්දේතං බෝධි මුත්තමං

පූජා කරන්නන් හට දුක් ය. රෝගය ය, බීය , වෛරය ය, ශෝකය, පිරිහීම ය. උපද්‍රවයය යන මේවා දුරු කරන්නා වූ උත්තම වූ බෝධීන් වහන්සේට වඳිමි.

සබ්බකාම දදෝ බෝධි – සබ්බ දුක්ඛ විනාසකෝ – වන්දතෝ දේතු මේ සන්තිං බෝධි රාජා නමත්ථූතෙ

සියලු කැමැති දෑ දෙන්නාවූ, සියලු දුක් නසන්නා වූ බෝධින් වහන්සේට වඳින්නා වූ මා හට ශාන්තිය ගෙන දේවා. බෝධිරාජායණන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවා.

සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පූජේමි බෝධී රාජානං– දීපේ නේතේන සාදරං
පූජේමි බෝධි රාජානං – පුප්ඵේ නේතේන සාදරං
පූජේමි බෝධි රාජානං – ධූපේ නේතේන සාදරං
පූජේමි බෝධි රාජානං – උදකේනේතේන සාදරං
පූජේමි බෝධි රාජානං – ගිලාන පච්චයං ඉමං
පූජේමි බෝධි රාජානං – භේසජ්ජ පච්චයා ඉමං
පූජේමි බෝධි රාජානං – අට්ඨපානේත සාදරං
පූජේමි බෝධි රාජානං – තාම්බූලං පරිකප්පිතං
පූජේමි බෝධි රාජානං – මාලා දාමේන සාදරං
පූජේමි බෝධි රාජානං – ධජේනේතේන සාදරං

දුටු දුටු දනන්ගේ නෙත සිත පැහැද වූ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහ්සේ අපල උපද්‍රවයන් දුරුකරලන්නා වූ සෙත ශාන්තිය සලසන්නා වූ යහපත උදාකර දෙන්නා වූ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරනු ලබන්නාවූ පූජාවක් ලෙසින් සිතා බෝධීන් වහන්සේට මේ පහන් ආලෝකය පූජා කරමි. මේ මල් පූජා කරමි. මේ සවුඳ ධූපය පූජා කරමි. මේ සිසිල් පැන් පූජා කරමි. මේ ගිලන් පස පූජා කරමි. මේ බෙහෙත් පූජා කරමි. මේ චතුමධුර පූජා කරමි. මේ දැහැත් පූජා කරමි. මේ මල් මාලාවන් පූජා කරමි. මේ කොඩි පූජා කරමි. මේ සියලු ම පූජාවන් බෝධීන් වහන්සේට පූජා කරමි. පූජා වේවා. පූජා වේවා. පූජා වේවා.


මිය ගිය ඥාතීන්ට පින්දෙමු

කතං මයා ඉමං පුඤ්ඤං – සබ්බසම්පත්ති සාධකං
ඥාතයෝ මෙ අනුමෝදතු – පරලෝකමිතො ගතා
ඉදං මේ ඤාතීනංහෝතු – සුඛීතා හොන්තු ඥාතයෝ

මා විසින් කළ සකල සම්පත් ලබා දෙන මේ පින පරලොව ගියා වූ අපගේ ඥාතීහු අනුමෝදන් වෙත්වා. මේ පිනෙන් ඥාතියෝ සුවපත් වෙත්වා.


ඝන්ඨාර ශබ්ද පූජා කරමු

ඝණ්ඨාරවානුකාරෙන – සරෙන මධුරෙනච – යං ධම්මං දේසයී සත්ථා තස්ස ඝණ්ඨාර පූජයේ

ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් මධුර ස්වරයෙන් දේශනා කළ සේක් ද, ඒ බුදුරජාණන් වහන්සේට සුමධුර ඝණ්ඨාර ශබ්ද පූජාව වේවා.

බිනර  අමාවක

ඔක්තෝබර් 13 සිකුරාදා
අ.භා. 09.50 න් අමාවක ලබා 14 සෙනසුරාදා අ.භා. 11.24 න් ගෙවේ. 14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]