[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ශ්‍රී සද්ධර්මය නිවැරැදිව හඳුනා ගනිමු

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළේ, ධර්මය අවබෝධ කොට දෙව් මිනිස් ලෝකයාට සසර දුකින් මිදීම පිණිස ය. ලෝකයේ සැමදා පවතින සත්‍ය තත්ත්වය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්වභාවය එලෙසින් ම අවබෝධ කිරීම, ධර්මය අවබෝධ කිරීම ලෙස හඳුන්වයි. එසේ අනිත්‍ය බව අවබෝධය පිණිස ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් විමසා බැලිය යුතු බව සූත්‍ර දේශනාවල (කිංසුකෝපම සූ. සං.නි.4) සඳහන් වේ. මේ කුමන අයුරකින් හෝ විමසා බැලීම පිණිස එම දහම් කාරණා සූත්‍ර දේශනාවල සඳහන් වන අයුරින් ම ඉතා පැහැදිලිව, නිරවුල්ව දැන සිටිය යුතු ය. එහිදී සූත්‍ර දේශනාවල සඳහන් වචන (ව්‍යඤ්ජන) විකෘති නොවන ලෙස ද, අර්ථයට හානියක් නොවන ලෙස ද භාවිත කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. කරුණු දෙකක් සද්ධර්මයෙහි මුළාවට පත්වීම පිණිසත්, සද්ධර්මය අතුරුදහන් වීම පිණිසත් හේතු වේ. එනම් වැරැදි ලෙස භාවිත කළ වචනයත්, වැරැදි ලෙස යොදා ගත් අර්ථයත් ය. (දුන්නික්ඛිත්තඤ්ඤච පදබ්‍යඤජනං අත්ථොච දුන්නිතො) මෙම කරුණු දෙක නිවැරැදිව භාවිත කිරීම සද්ධර්මය බොහෝ කල් පැවතීමටත්, ධර්මයෙහි මුළා නොවීමටත් හේතු වන බව අංගුත්තර නිකාය දුක නිපාතයේ (2,1,2,10 සූත්‍රය) සූත්‍ර දේශනාවෙහි සඳහන් වේ. එබැවින් සූත්‍ර දේශනා විස්තර කිරීමේ දී සැම විටම අර්ථය පිළිබඳ විමසා බලා අර්ථ විකෘති නොවන ලෙස වචන භාවිතය ඉතා වැදගත් බව මෙයින් පැහැදිලි වේ. පංච උපාදානස්කන්ධයෙහි රූප උපාදානස්කන්ධය විස්තර වන සෑම සුත්‍ර දේශනාවක ම සඳහන් වන්නේ "සතර මහා භූත ද සතර මහා භූතයන්ගේ උපාදාය රූප ද රූපය" වන බවයි. (චත්තාරෝච මහාභූතා චතුන්නංච මහාභූතානං උපාදාය රූපං) (උපාදාන පරිවත්ත සූ.ස.නි.3) එසේම නාම රූපය විස්තර කිරීමේ දී රූපය ලෙස සඳහන් වන්නේ ද ඉහත අයුරින් ම, සතර මහා භූත ද, සතර මහා භූතයන්ගේ උපාදාය රූප ද, රූපය වන බවයි.


බිනර  අමාවක

ඔක්තෝබර් 13 සිකුරාදා
අ.භා. 09.50 න් අමාවක ලබා 14 සෙනසුරාදා අ.භා. 11.24 න් ගෙවේ. 14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]