[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ධර්ම ගෞරවය සුරැකෙන ලෙස ධර්මය දේශනා කළ යුතු මෙලෙසයි

මෙකල ධර්ම දේශනා යනු ඉතා සුලභ දෙයකි. විවිධ ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකා ද, ඊට අමතරව නවීන තාක්ෂණයෙන් බිහි වී ඇති සන්නිවේදන මාධ්‍යවලින්, දවස පුරා ඕනෑම මොහොතක ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබී ඇත. මේ නිසා ම ධර්ම දේශනා යම් තරගකාරී ස්වභාවයකට පත් වී ඇති බව අපගේ පුද්ගලික අදහසයි. දේශනාවන්ගේ වටිනාකම. ගුණාත්මක බව පිරිහීමට එය උපකාරි වේ. ත්‍රිපිටකයේ හෝ අටුවාවන්හි හෝ සඳහන් නොවන, තම තමන්ගේ පුද්ගලික අදහස් දේශනා කරනු ලබන්නේ ශ්‍රාවක පිරිස තමන් වෙත නැඹුරු කර ගැනීමේ අදහසින් දැයි විමසා බැලිය යුතු ය. මෙකල දේශනාවන්ගේ අඩුපාඩු පෙන්වා දීමට නොව නිවැරැදි ධර්ම දේශනය යනු කුමක් ද? කියා බුද්ධ දේශනයට අනුව පැහැදිලි කර දීම මෙම ලිපියේ අරමුණයි. අංගුත්තර නිකාය දුක නිපාතයෙහි බාලවග්ගයේ සඳහන් මෙම සූත්‍රය විමසා බලන්න “මහණෙනි, දෙදෙනෙක් මට චෝදනා කරති. කවර දෙදෙනෙක් ද යත්, දුෂ්ට සිතින් ද්වේශයෙන් (දුම්ඨෝවා දෝසන්තරෝ) චෝදනා කරන්නා සහ වැරැදි ලෙස පිහිටුවාගත් සද්ධාවෙන් (සද්ධෝවා දුග්ගහිතේන) චෝදනා කරන්නා ලෙසිනි. අටුවාවෙහි මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහන් නොවෙතත්, මෙකල මේ පිළිබඳ විමසා බැලීම ඉතා වැදගත් බව අපට පෙනී යයි. ජනතාව තුළ සද්ධාව ඇති කිරීමට යැයි සඳහන් කරමින් තම තමන්ගේ පුද්ගලික අදහස් ඉදිරිපත් කරයි නම්, එය බුදුරජාණන් වහන්සේට චෝදනා කිරීමකි. එය සද්ධර්මය අතුරුදන් කිරීමටත්, බොහෝ පව් රැස් කර ගැනීමටත් හේතු වේ. එක්තරා අවස්ථාවක “උදායි” ස්වාමින් වහන්සේ විශාල ගිහි පිරිසකට ධර්මය දේශනා කරමින් සිටිති. මේ සිදුවීම දුටු ආනන්ද හිමියන් ඒ බව බුදුරජාණන් වහන්සේට දන්වයි. එහිදී ආනන්ද හිමියන් අමතා “නිවැරැදි ධර්ම දේශනය කෙසේ විය යුතු ද? යන්න කරුණු පහකින් දේශනා කළ සේක.


බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]