[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 159 වැනි ජන්ම දිනය සැමරේ

අනගාරික ධර්මපාලතුමා බුදු දහමේ අර්ථය ලෝකයට රැගෙන ගිය බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මරදාන මහබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී පැවති අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දින සැමරුම් උත්සවයේ දී පසුගිය 17 වැනිදා අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ය. “අනගාරික ධර්මපාලතුමා ඉතා ඉහළ මනුෂ්‍යත්වයක් ලොවට දායාද කළ ලංකා පුත්‍රයෙක්. මෙවැනි අසීරු ගමනක යෙදෙන්න එතුමාට හැකි වුණේ එතුමා කෙරෙහි වූ මනුෂ්‍යත්වයේ ගුණාංග හා බුදුදහමේ ආලෝකය නිසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයට දායාද කරන්න එතුමාට හැකි වුණා. සිද්ධාර්ථ කුමාරයා ඉපදුණ, බුද්ධත්වයට පැමිණි, ධර්ම දේශනා පැවැත ්වූ ස්ථාන යළි ලෝකවාසීන්ට දායාද කරන්න පුළුවන් වන්නේ අනගාරික ධර්මපාලතුමාගේ මැදිහත්වීම සහ කටයුතු කිරීම නිසයි. එසේ නොවන්නට එම ස්ථාන පිළිබඳ අදත් සාකච්ඡා කරමින් තිබෙන්නට පුළුවන්. ඉන්දීය රාජ්‍ය නායකයන් අනගාරික ධර්මපාලතුමාගේ කැපවීමට දැක්වූ සහයෝගය මේ අවස්ථාවේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිහිපත් කරන්න කැමැතියි. අනගාරික ධර්මපාලතුමා බුදු දහමේ අර්ථය ලෝකයට ගෙන ගියා. පසුගිය ශත වර්ෂයේත් ඊට පෙරත් පැවති ලෝක දර්ශනවාදයන් හා ආගම් පිළිබඳ අදහස බොහෝ සරල බසින්, අර්ථාන්විත බසින් ඉදිරිපත් කිරීම නිසා අනගාරික ධර්මපාලතුමා ලොවට බුදුදහමේ පණිවිඩය ගෙන යෑමේ දී සුවිශේෂ අවස්ථාවක් උදා කර දුන්නා. ඒ පිළිබඳ විවිධ රටවල සවන් දුන් හා ලිඛිතව කියවූ අය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට පැමිණෙන්න පටන් ගත්තා.


බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]