ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:
ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - 02 කොටස
හරස්ගල මහඔය
ගුණරතන මහ මූලික පිරිවෙනේ
යටදොළවත්තේ ජිනසිරි හිමි
01.
I. වාග් ද්වාරය පදනම් කරගත් චතුර්විධ
කුසල ක්‍රියා දක්වන්න.
අ) බොරුකීමෙන් වැළකීම
ආ) කේළාම් කීමෙන් වැළකීම
ඉ) හිස් වචන කීමෙන් වැළකීම
ඊ) පරුෂ වචන කීමෙන් වැළකීම
II. දුන් දෙයෙහි විපාක ඇත. පිදීමෙහි
විපාක ඇත. සුසිරිත් දුසිරිත්හි විපාක
ඇත. මෙලොව ඇත. පරලොව ඇත.
මෙම අදහස් ප්‍රකාශ වන මාර්ගාංගය
දක්වන්න.
සම්මා දිට්ඨිය
III. ආධ්‍යාත්මික ආයතන හා බාහිර
ආයතන දෙක බැගින් දක්වන්න.
ආධ්‍යාත්මික බාහිර
ආයතන ආයතන
චක්ඛායතන රූපායතන
සෝතායතන සද්දායතන
ඝනායතන ගන්ධායතන
ජිව්හායතන රසායතන
කායායතන පොට්ඨබ්බායතන
මනායතන ධම්මායතන
IV. සේඛ, අසේඛ යනුවෙන් දක්වන
උතුමෝ කවරහුද?
ආර්ය මාර්ගයෙහි හික්මීම ලබමින් සිටින තැනැත්තා සේඛ නම් වේ. හික්මීම ලබා අවසන් කළ
තැනැත්තා අසේඛ නම් වේ.
V. ද්වාසාංග පටිච්ච සමුප්පාදයෙහි
සඳහන් වන “අවිජ්ජා පච්චයා
සංඛාරා” යන පාඨයෙහි සංඛාර, යනු
කවරේදැයි දක්වන්න.
කුසලාකුසල කර්ම සංඛාර නම් වේ.
මඪ. ජාති ප්‍රත්‍යයෙන් හටගන්නා ස්වභාවික
ලක්ෂණ තුනක් නම් කරන්න.
ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස
VI. අංගුත්තර නිකායේ නිබ්බේධික පරියාය
සූත්‍රයෙහි කර්මය විපාක දෙන කාල
තුනක් දක්වයි. ඒවා නම් කරන්න.
අ) දිට්ඨධම්මවේදනීය
ආ) උපපජ්ජවේදනීය
ඉ) අපරාපරියවේදනීය
VII. අරිය, කල්‍යාණ, පුඤ්ඤ, සමචරියා
මේවාට විරුද්ධ අකුසල පද දක්වන්න.
අ) අරිය - අනරිය
ආ) කල්‍යාණ - පාප
ඉ) පුඤ්ඤ - පාප
ඊ) සමචරියා - විසම චරියා
VIII. මහාසාවද්‍ය අකුසල කර්ම හතරක්
සඳහන් කරන්න.
මව මැරීම, පියා මැරීම, සංඝ භේදය, බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම, රහතුන් මැරීම.
IX. පහත සඳහන් ගාථාව සම්පූර්ණ
කරන්න.
සබ්බේ සංඛාරා අනිච්චාති
එහි තේරුම ද ලියන්න
සබ්බේ සංඛාරා අනිච්චාති -
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දතී දුක්ඛේ -
ඒස මග්ගෝ විසුද්ධියා
සියලු සංස්කාර අනිත්‍යයි, යම් කලෙක විදසුන් නුවණින් දකින්නේ ද එකල්හි නාමරූප ධර්ම
සංඛ්‍යාත දුකෙහි කළකිරෙයි. මෙම කළකිරීම නිවනට මඟයි.
II කොටස
01.
I. අ) සතර බ්‍රහ්ම විහාර ධර්ම නම්
කරන්න.
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා
ආ) ඒවා අප්පමඤ්ඤ නාමයෙන්
හැඳින්වීමට හේතු සාධක ඉදිරිපත්
කරන්න.
අප්‍රමාණ සත්වයන් කෙරෙහි පැතිර විය හැකි බැවින් අපමඤ්ඤා නම් වේ.
II. අ) භාවනාවක් සඳහා උපයෝගී කර
ගන්නා බ්‍රහ්ම විහරණය නම් කරන්න.
මෛත්‍රී භාවනාව වශයෙන් පුරුදු කෙරේ.
ආ) එම භාවනාව වැඩීමෙන් ලද හැකි
ආනිශංස පහක් පෙන්වා දෙන්න.
සුව සේ නිදියයි, සුව සේ පිබිදෙයි, නපුරු සිහින නොදකී, මනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි,
අමනුෂ්‍යයන්ට පි‍්‍රයවෙයි, දෙවියෝ රකිත් ශරීරයට ගින්න වස විස ආදියෙන් පීඩාවක් නැත,
ඉක්මණින් සිත සමාධිවෙයි, මුහුණ ප්‍රසන්න වෙයි, නුමුළාව කලුරිය කරයි, බ්‍රහ්ම ලොව
උපදී.
III. “සියලු සත්ත්වයෝ සුවපත් වූ සිත්
ඇත්තෝ වෙත්වා” (සබ්බේ සත්තා
භවන්තු සුඛිතත්තා) මෙම දේශනා
පාඨයෙන් සියලු සතුන් කෙරෙහි දැක්විය
යුතු අපරිමිත මානසික සෙනෙහස වත්මන්
මානව වර්ගයා කෙරෙහි දුරස්ථ වී
තිබේ දැයි පහදා දෙන්න.
අපා, දෙපා, සිවුපා ආදී සියලු සත්ත්ව වර්ගයා කෙරෙහි මෛත්‍රිය පැතිර යුතු බව බුද්ධ
දේශනාවයි. එමඟින් තමා ඇතුළු සියලු දෙනා සුවපත් භාවයට පත්වීම ද දක්වයි. එහෙත් කුල,
ප්‍රදේශ, ජාති, රටවල් වශයෙන් වර්තමානයේ මානව වර්ගයා වෙන් වී බෙදී සිටිනා හෙයින් ද
වෛරය, ක්‍රෝධය, හිංසාව වැනි මානසික ස්වභාවයන් ඔවුනොවුන් අතර, ඉස්මතු කර ගන්නා
හෙයින් ද න්‍යෂ්ටික අවි ආයුධ, වස විෂ පතුරුවා හරින හෙයින් ද එම මානසික සෙනහස මිනිස්
සංහතියෙන් ගිලිහී ඇති බව පෙන්වා දිය හැකි ය.
02.
I. අ) චතුරාර්ය සත්‍යයෙහි දැක්වෙන
දෙවදෑරුම් ඥාන නම් කරන්න.
අනුබෝධ ඤාණය
පටිවේධ ඤාණය
ආ) ඒවා කෙටියෙන් හඳුන්වන්න.
අනුබෝධ ඤාණය යනු අනුමාන වශයෙන්
ඇති කර ගන්නා ඤාණයයි.
පටිවේධ ඤාණය යනු මාර්ගඵලවලට
පැමිණ ප්‍රත්‍යක්ෂ වශයෙන් ලබා ගන්නා
ඤාණයයි.
II. අ) හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගත්
හා හටනොගත් ධර්ම හඳුන්වන නම්
සඳහන් කරන්න.
සංඛත/ අසංඛත
ආ) එම ධර්මයන්ගේ ස්වභාවය පැහැදිලි
කරන්න.
හේතුඵල සම්බන්ධතාවයෙන් යුත් දෙය සංඛත නමි, නොඋපන්, නොහටගත්, නොකරන ලද ප්‍රත්‍යයකින්
යුත් දෙය අසංඛත නම්.
III. නිර්වාණගාමී ප්‍රතිපදාව මඟින්
ලෞකික ජීවිතය සාර්ථක කර
නොගෙන ලෝකෝත්තර ජීවිතය සාර්ථක
කර ගැනීම අපහසු වේදැයි පෙන්වා
දෙන්න.
නිර්වාණගාමී ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය ශීල, සමාධි, ප්‍රඥා යන
ත්‍රිවිධ ශික්ෂාවෙන් සම්පූර්ණ වෙයි. ලෞකික ජීවිතයේ දී ද මෙමඟින් මනා හික්මීමක් ඇති
කර ගත යුතු ය. සීලයෙන් කායික, වාචසික, සංවර බවක් ද, සමාධියෙන් මානසික සංවර බවක් ද,
ප්‍රඥාවෙන් ජීවිතය පිළිබඳ යථාර්ථවත් බවක් ද, ඇති තැනැත්තාට ලෝකෝත්තර ජීවිතය කරා
පහසුවෙන් ගමන් කළ හැක.
03.
I. බුදුදහම සත්ත්වයාගේ දුක ඇතිවන
අන්දමත්, දුකින් නිදහස්වන අන්දමත්
හේතුඵලවාදීව පෙන්වා දී ඇත. එයට
අදාළ සංකල්ප දෙක නම් කරන්න.
චතු - අරියසච්ච (චතුරාර්ය සත්‍යය)
පටිච්ච සමුප්පදාය (ප්‍රතීත්‍ය සමුප්පාදය)
II. ඉහත (1) හි නම් කළ සංකල්ප
සැකෙවින් හඳුන්වන්න.
දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යනු චතුර්ය සත්‍යයයි. බුදු, පසේ බුදු, මහරහත් උතුමන්
විසින් අවබෝධ කළ හෙයින් මේ ධර්මය ආර්ය සත්‍යය නම් වේ.
අවිද්‍යා ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) සංස්කාරයෝ වෙති. ආදී වශයෙන් හේතුව හා ඵලය දක්වන
න්‍යාය පටිච්ච සමුප්පාදයයි. තවදුරටත් දක්වතොත් ඵලයන්ගේ පැවැත්මට, නිපදවීමට
මෙහෙයවීමට අවශ්‍ය කරුණු සමූහය පටිච්චසමුප්පාදයයි. මෙම ධර්මය බුදුරජාණන් වහන්සේ
විසින් සම්මා සම්බුදු බවට පැමිණ බෝරුක් මුල සතියක් වැඩසිට සත්වන දින රෑ තුන් යාමයට
අනුලෝම, පටිලෝම වශයෙන් මෙනෙහි කළ සේක.
III. සැපය පිළිබඳ බෞද්ධ විග්‍රහය
අවධානයට ලක් කරමින් නිවන පරම
සැපය බව තහවුරු කරන්න.
සතුටින්, සුවයෙන් වාසය කිරීම බුදුදහම අවධාරණය කෙරේ. මේ සඳහා සන්තුට්ඨි, සුඛ ආදී වචන
දේශනාවේ සඳහන් වේ. ගිහි සැප, පැවිදි සැප වශයෙන් ප්‍රභේද කොට දක්වන්නා වූ මේ සැපයේ
දී රහත්භාවය උතුම්ම සැපය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එය අවේදයිත සැපය
වශයෙන් ද පෙන්වා ඇත. “සුඛා විරාගා ලෝකේ” “නත්ථි සන්ති පරං සුඛං, නිබ්බානං පරමං
සුඛං, සුඛ මිදං ආවුසෝ නිබ්බානං” මෙම දේශනා පාඨයන්ගෙන් නිවන පරම සැපය වන බව පෙන්වා
දී ඇත.
04.
I. ආත්මවාදය හා අන්තවාදය යන
ඉගැන්වීම් දෙක හඳුන්වන්න.
නැති නොවන, වෙනස් නොවන යම් දෙයක් මිනිසා තුළ ඇතැයි යන විශ්වාසය ආත්ම වාදයයි. දඹදිව
පැවති බොහෝ ආගම්වල මෙම ලක්ෂණය එදා දක්නට ලැබුණි. මෙය ජාතියෙන් ජාතියට ගමන් කර,
ආත්මය සම්පූර්ණයෙන් පිරිසුදු වූ පසු බ්‍රහ්මන් හෙවත් පරමාත්මයට එක් වෙයි.
බුදු සමය නිත්‍ය සදාකාලික ආත්මයක් නොපිළිගනී. පංචස්කන්ධය, පටිච්ච සමුප්පාද දර්ශනය
යන ඉගැන්වීම් නොවෙනස් වන ආත්මයක් නැතැයි පිළිගන්නා බුදුසමය අනාන්තමවාදය තහවුරු
කරයි.
ආත්මවාදය සහ උච්ඡේද වාදවල තදින් ගනිමින් කටයුතු කිරීම බුදුසමය ප්‍රතික්ෂේප කරන අතර
එය අන්තවාදයක් සේ හඳුනා ගනී.
II. ස්කන්ධ පංචකය නම් කරන්න.
රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ස්කන්ධ පහ අඩුවක් නැතිව තිබිය යුතු ය.
III. ස්කන්ධ පංචකය නාම රූප වශයෙන්
බෙදා දක්වන්න.
රූප ස්කන්ධය රූප ගොඩට ද අනෙක් ස්කන්ධ හතර නාම කොටසට ද වැටේ.
05.
I. සප්තබොජ්ඣංග ධර්ම නම් කරන්න.
සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා
II. සප්තබොජ්ඣංග ධර්මයන්ගෙන් හයක්
කෙටියෙන් හඳුන්වන්න.
සතිය - කුසල සිත්හි එලඹ සිටි සිහිය
ධම්මවිචය - මනසෙහි ඇතිවන ධර්ම
පරීක්ෂා කිරීම.
විරිය - කුසලයෙහි උත්සාහය
පීති - කුසලය තුළින් ඇතිවන පී‍්‍රතිය
පස්සද්ධි - සමාධිය කෙරෙන් ඇතිවන
ශාරීරික මානසික සැහැල්ලු
බව.
සමාධි - කුසල සිත්හි එකඟ බව
උපේක්ඛා - සිතේ ඇතිවන මධ්‍යස්ථ
ස්වභාවය
III. “බොජ්ඣංග ධර්ම අගාරික, අනගාරික
(ගිහි පැවිදි) දෙපාර්ශ්වයට ම වැඩිය
හැකි ධර්ම පද්ධතියකි.” මේ පිළිබඳ
කරුණු ගෙනහැර දක්වන්න.
බෝධිය නම් චතුරාර්ය සත්‍ය අවබෝධයයි. එහි අංග බොජ්ඣංග නම් වේ. එහි සඳහන් වන සති,
විරිය ආදිය කවර පාර්ශ්වයකට නමුත් සිය සිත්හි පහළ කරගෙන ලෞකික, ලෝකෝත්තර උභයාර්ථය
සාධනය කර ගත හැක. ලෞකික ජීවිතයේ දී (ගිහි) ඊට අදාළව ද ලෝකෝත්තර ජීවිතයේ දී (පැවිදි)
ඊට අනුරූපීව ද මේ ධර්ම ප්‍රගුණ කළ හැකි ය.
06.
I. සංයෝජන ධර්ම නම් කරන්න.
සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන,
උද්ධච්ච, අවිජ්ජා
II. සංයෝජන ධර්ම තුනක් කෙටියෙන්
හඳුන්වන්න.
සක්කාය දිට්ඨි - මමය මගේ ය යන
දෘෂ්ටිය
විචිකිච්ඡා - බුද්ධාදි අටතැන්හි
සැකය
සීලබ්බත පරාමාස - ශීල හා ව්‍රත කෙරෙහි
දැඩි බැඳීම
පටිඝ - සිතෙහි ඇති ද්වේශ
සහගත බව
කාම රාග - කාම වස්තු කෙරෙහි
ඇති බැඳීම
රූප රාග - රූපි තත්ත්වය
කෙරෙහි ඇති බැඳීම
අරූප රාග - අරූප තත්ත්වය
කෙරෙහි ඇති බැඳීම
මාන - සිතෙහි උඩඟු බව
උද්ධච්ච - සිතෙහි විසිරුණු
ගතිය
අවිජ්ජා - චතුරාර්ය සත්‍ය
නොදැනීම
07.
I. අ) ත්‍රිලක්ෂණ නම් කරන්න.
අනිච්ච, දුක්ඛ, අනාත්ම
ආ) ඒවා කෙටියෙන් හඳුන්වන්න
අනිච්ච - වෙනස්වීම
දුක්ඛ - දුක් සහගත බව
අනාත්ම - මම ය මාගේ ය යනුවෙන් ඇති
යමක් නැති බව
II. ත්‍රිලක්ෂණය මූලික කර ගනිමින් වඩන
භාවනාව බුදුදහම නම් කර ඇත්තේ
කවර නමකින් දැයි සඳහන් කරන්න.
විදර්ශනා භාවනාව / ප්‍රඥා භාවනාව
III. “ත්‍රිලක්ෂණය පිළිබඳ ඉගැන්වීම් මඟින්
පුද්ගලයා තුළ වෙනස්වීම්වලට
ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරයි.”
යන ප්‍රකාශය විග්‍රහ කරන්න.
පුද්ගලයා හැමවිටම සියලු දේපළ වස්තුව පමණක් නොව තමාගේ ශරීර ඉන්ද්‍රියන් ආදිය පවා
වෙනස් වෙනවාට කැමැති නැත. එහෙත් ත්‍රිලක්ෂණ ධර්මය නිසි ලෙස වටහා ගත් කල්හි ඒ සියලු
වෙනස්වීම්වලින් නොසැලී සිටීමට හැකි වෙයි. |