[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පානදුර සුවසහන විවේකාරාම
වෙහෙර බිම.
ඡායාරූපය - ගයාන් පුෂ්පික

අධි ඇසළ පුර අටවක

ජුනි 26 සඳුදා පූ.භා. 00.25 න්
පුර අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.04 න් ගෙවේ.
26 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

සතුට සොයා යන සත්ත්වයා පසු පසදුක ලුහුබඳින හැටි

සම්බුදු සසුනේ ධර්ම රත්නය ලොවට දායාද කළ දවස ඇසළ පොහෝ දිනය යි. කසී රට බරණැස් නුවර ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරන ලදී. ගයාවේ සිට යොදුන් දහඅටක් පමණ දුර ගෙවා ඉසිපතනයට වඩින අතරතුර දී බුදු මුවින් සම්බුදු වදනක් ශ්‍රවණය කිරීමේ මුල්ම වාසනාව උදාකර ගැනීමට කුසල සම්පත්තිය උදාවූයේ උපක ආජීවකතුමාට ය. “ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම සඳහා මම කසීරට බරණැසට වඩිමි. අවිද්‍යා අන්ධකාරයෙන් වැසී ගිය ලෝසතුන්, උදෙසා අමා දම් බෙර වයමි. උපක ආජීවකයන්ට තමා ‘ජින’ වෙමියි” හඳුන්වා දුන් අතර බරණැසට වැඩම කළහ. දීපංකර බුදු පාමුල සම්බුද්ධත්වයට පත්වීම සඳහා නියත විවරණ ලැබු දා සිට සමතිස් පාරමී ධර්ම සපුරා සුවාසු දහසක් ධර්මස්කන්ධය දේශනා කිරීමට පස්වග තවුසන් තෝරාගනු ලැබුයේ සම්මා සම්බුදුවරයකුගේ පළමු ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එකී තවුසන් භාග්‍යවන්ත වූ නිසා ම ය. සුන්දර ඉසිපතනාරාමයේ මනුෂ්‍යයන් නියෝජනය කළේ ගණනින් පස් දෙනෙකි. දස දහසක් සක්වලින් එක්රැස් වූ දෙවියන්, බ්‍රහ්මයන් පිරිස අපමණ විය. මුවන්,ගෝනුන් වග වලසුන් සහිත තුරුලතා සහිත පරිසරය නිහඬ නිසංසල ශාන්ත බවක් ඇති කළේ ය. දහම් අමාව, බ්‍රහ්ම ස්වරය, භවාග්‍රය තෙක් ඇති දස දහසක් ලෝක ධාතුවට හා අවීචි මහ නරකාදියට විහිදී ගිය අතර, අටලොස් කෙළක් බ්‍රහ්ම රජවරු සියුම් වෙස් මවාගෙන බරණැස ඉසිපතන මිගදායට පැමිණ සිටියෝ ය.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ

වර්තමාන නේපාලයේ ඉන්දියානු දේශ සීමාවේ කපිලවස්තු නගරයෙහි ලුම්බිණි සල් උද්‍යානයෙහි දී ලොව ශ්‍රේෂ්ඨතම ආගමික ශාස්තෘවරයා වීමට භාග්‍යසම්පන්න වූ රජ කුමරෙක් උපන්නේ ය. කපිල වස්තු පුරයේ පාලකයා වූ සුද්ධෝදන රජතුමාට දාව මහාමායා කුසයෙන් වෙසක් පුන් පොහෝ දින උපත ලද සිද්ධාර්ථ කුමරා එම වියේ පසු වූ සෙසු දරුවන්ට වඩා සියලු ආකාරයෙන් ම වෙනස් අයකු බව බෞද්ධ මූලාශ්‍රවලින් හෙළි වේ. උපතින් පස්වන දින කුමරාට සිද්ධත්ථ (සිද්ධාර්ථ) යන නම තබන ලදී. සිද්ධාර්ථ යන්නෙහි තේරුම බලාපොරොත්තු ඉටුවීම යන අදහස යි. එතුමාගේ ගෝත්‍ර නාමය වූයේ ගෝතම යන්න යි. කුමරාගේ නළලෙහි වූ දකුණට කැරකුණු ඌර්ණ රෝමය දැක එක ඇඟිල්ලක් පමණක් ඔසවා මේ කුමරු ඒකාන්තයෙන් ම ගිහිගෙය හැරගොස් බුද්ධත්වය ලබන්නේ යැයි ප්‍රකාශ කරන ලද්දේ ළාබාල ම වුවත් නුවණින් උසස් ම තැනැත්තා වූ කොණ්ඩඤ්ඤ තවුසා ය. කුමරුන් බාල වියේදී ඉතා වැදගත් සිදුවීමක් වාර්තා වෙයි. අපූරු ආධ්‍යාත්මික අත්දැකීමක් වූ එය පසු කලෙක ලද සම්මා සම්බුද්ධත්වයට ද පදනම වූයේ ය. රජ පවුලක දරුවකු වශයෙන් සිදුහත් කුමරු උසස් අධ්‍යාපනයක් ලැබුවාට සැක නැත. රාජ කුමරුවකුට උරුම පරිද්දෙන් කුමරුට රණ ශිල්ප විෂයයෙහි දැනුමක් ලබා දෙන ලදී. සොළොස් හැවිරිදි තුරුණු වියේ දී ම හෙතෙම සමවියේ පසු වූ රූමත් උගත් තරුණියක වූ යශෝධරා කුමරිය විවාහ කර ගත්තේ ය.

 

සය අවුරුද්දක් රජ ගෙදරට වැඩියත් රජුගේ රුව නොදුටු චිත්තගුත්ත රහතන් වහන්සේ

යමෙක් සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගන්නේ සංසාර දුකින් එතෙර වීමටයි. ගිහි ගෙදර තියන හැම සම්පතක් ම අත්හරිනවා. දෙමාපිය, සහෝදර, අඹු-දරු සහ යහළු - යෙහෙළියන්ගේ මෙන් ම අසල්වැසියන්ගේ සම්බන්ධතා ඉවත් කර දමනවා. විශාල කැප කිරීමක් කරලයි කෙනෙක් පැවිද්ද ලබා ගන්නේ. හිස ගිනි ගත්ත පුද්ගලයෙක් ඒ ගින්න නිවන්න වහ වහා ඉක්මන් වෙනවා වගේ සංසාර ගමන නවතා දැමීමටත් පැවිද්දා ඉක්මන් විය යුතු වෙනවා. ගිහි උපාසක උපාසිකාවන්ට කළ නොහැකි සහ රැකිය නොහැකි සීලයක් සමාදන් වෙලා භාවනාවට යොමුවීම භික්ෂුවකගේ ප්‍රධාන ලක්ෂණයක්. අද කියන්න යන කතාව එදා පැවිදි සමාජයටත්, නූතන සමාජයටත්, අනාගතයටත් වැදගත් වන එකක්. සසරින් එතෙර වීමට භික්ෂූන් වහන්සේ නමක් විශාල කැපවීමක් කරනවා. අතීතයේ ලංකාවේ එක් ප්‍රදේශයක පිහිටලා තිබුණා කොරණ්ඩ ලෙන කියලා විශාල ගල් ලෙනක්. ගම්වැසියනුත්, ප්‍රදේශවාසීනුත් ඇතැම් අවස්ථාවල කුරණ්ඩක ලෙන නමිනුත් මේ ලෙන හැඳින්නුවා. ලෙන ඉස්සරහ මිදුලේ තිබුණා විශාල නා ගහක්. ගී‍්‍රෂ්ම සමය, වසන්ත සමය හා වර්ෂා සමය ආදීයේ දී නා ගසේ විවිධතා ඇති වෙනවා. එක් සමයකට පත්‍ර හැලෙනවා. තවත් සමයක දී හොඳට අතු විහිදිලා කොළ වර්ණයෙන් යුතු ව දළු හට ගන්නවා. තවත් සමයක දී මල් හට ගන්නවා. මීමැස්සන් ආදී සතුන්ගේ ශබ්දයත් මේ කාලයට ඇහෙනවා. නා ගහෙන් නිතර අලංකාර වන කොරණ්ඩක ලෙනේ වැඩ සිටියා චිත්තගුත්ත කියලා තරුණ භික්ෂුවක්.

 

දුක සේ විඳිය යුතු බරපතළ කර්ම විපාක

පාලි භාෂාවේ නිරය යන වචනය පරමත්ථජෝතිකාව නම් විනය අටුවාවේ විස්තර කර ඇත්තේ සතුට හෝ සැපත මුළුමනින් ම තොර වූ ස්ථානය යනුවෙනි. වැරැදි කරන්නවුන් මරණයෙන් පසු ඔවුන්ගේ පාපකාරී ක්‍රියා නිසා නැවත උපදින භූමිවලින් එකක් වන්නේ නිරයයි. තමන් විසින් කරන ලද පව්කම්වල ප්‍රමාණය හා ඒවායේ විපාක දීමේ ශක්තිය අනුව නිරයට වැටෙන ඇතැම්හු ඉතා සුළු කාලයක් ද ඇතැම්හු ගණනය කළ නොහැකි තරම් දිගු කාලයක් ද, නිරයෙහි දුක් විඳිති. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස දෙව්දත් තෙරණුවන් පෙන්වා දිය හැකි ය. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ද සංඝ සමාජයට ද එරෙහිව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහ නරකයෙහි උපන් සැටිත්, පැවිදිව සිට රැකි සීලාදී ගුණ ධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකාදියෙන් මිදී අවුත් අනාගතයේ දී ඝට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කර ඇත.

 

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 





 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]