[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කුරුන්දි බෞද්ධ උරුමය සහ දකුණු ඉන්දියාවේ බුදුදහම පිළිබඳ පරිසංවාදය කැලණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී

කුරුන්දි බෞද්ධ උරුමය සහ දකුණු ඉන්දියාවේ බුදුදහම පිළිබඳ පරිසංවාදය කැලණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී


බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් අනුනායක ස්වාමීන් වහන්සේ වෙත සමරු කලාපය පිරිනමන අයුරු

බෞද්ධාලෝක පදනමේ අනුග්‍රහයෙන් සහ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ ප්‍රධානත්වයෙන් 2023 මැයි 19 වනදින පෙ.ව. 08.00 ට “ කුරුන්දි බෞද්ධ උරුමය සහ දකුණු ඉන්දියාවේ බුදුදහම පිළිබඳ පරිසංවාදය කැළණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සහ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලිංග අමරසිංහ, මහාචාර්ය පී. බී. මණ්ඩාවල, ආචාර්ය අසෝක කරුණාරත්න, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, රාජකීය පණ්ඩිත වජිරප්‍රභාත් විජේසිංහ, චෙන්නායි ත්‍රිපිටක පදනමේ මහාචාර්ය ජයබාල්, චෙන්නායි දෙමළ බෞද්ධ සංගමයේ සභාපති ගෞතම් ප්‍රභූ නාගප්පන් යන මහත්වරු ඇතුළු විද්වත් මණ්ඩලයක ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එදින සවස ස්‍යාමෝපාලීවංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ ධර්මකිර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ, ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමින් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් කුරුන්දාලෝක සම්භාෂණය පැවැත් වූ අතර එහිදී “කුරුන්දි බෞද්ධ උරුමය” ග්‍රන්ථය සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනෙන් එළිදැක්වීම සහ ආචාර්ය හිඳගල ඤාණාධාර ස්වාමීන් වහන්සේ විසින් රචිත “දකුණු ඉන්දියාවේ (ද්‍රවිඩ දේශයේ) ථෙරවාදී බුදු දහමේ ව්‍යාප්තිය” නැමති ග්‍රන්ථය දෙමළ භාෂාවට පරිවර්තනය කර එළිදැක්වීම සිදු කරනු ලැබීය.

මෙම විශේෂ අවස්ථාව සඳහා බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත්සුමතිපාල මහතාගේ ආරාධනයෙන් චෙන්නායි දෙමළ බෞද්ධ සංගමයේ සභාපති ගෞතම් ප්‍රභූ නාගප්පන් මහතා සහ චෙන්නායි ත්‍රිපිටක පදනමේ සභාපති මහාචාර්ය ජයබාල් මහතා ඇතුලු ඉන්දීය නියෝජිතයින් 25 කු පැමිණ සිටිහ.

අධි ඇසළ පුර අටවක

ජුනි 26 සඳුදා පූ.භා. 00.25 න්
පුර අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.04 න් ගෙවේ.
26 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]