[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සය අවුරුද්දක් රජ ගෙදරට වැඩියත් රජුගේ රුව නොදුටු චිත්තගුත්ත රහතන් වහන්සේ

යමෙක් සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගන්නේ සංසාර දුකින් එතෙර වීමටයි. ගිහි ගෙදර තියන හැම සම්පතක් ම අත්හරිනවා. දෙමාපිය, සහෝදර, අඹු-දරු සහ යහළු - යෙහෙළියන්ගේ මෙන් ම අසල්වැසියන්ගේ සම්බන්ධතා ඉවත් කර දමනවා. විශාල කැප කිරීමක් කරලයි කෙනෙක් පැවිද්ද ලබා ගන්නේ. හිස ගිනි ගත්ත පුද්ගලයෙක් ඒ ගින්න නිවන්න වහ වහා ඉක්මන් වෙනවා වගේ සංසාර ගමන නවතා දැමීමටත් පැවිද්දා ඉක්මන් විය යුතු වෙනවා. ගිහි උපාසක උපාසිකාවන්ට කළ නොහැකි සහ රැකිය නොහැකි සීලයක් සමාදන් වෙලා භාවනාවට යොමුවීම භික්ෂුවකගේ ප්‍රධාන ලක්ෂණයක්. අද කියන්න යන කතාව එදා පැවිදි සමාජයටත්, නූතන සමාජයටත්, අනාගතයටත් වැදගත් වන එකක්. සසරින් එතෙර වීමට භික්ෂූන් වහන්සේ නමක් විශාල කැපවීමක් කරනවා. අතීතයේ ලංකාවේ එක් ප්‍රදේශයක පිහිටලා තිබුණා කොරණ්ඩ ලෙන කියලා විශාල ගල් ලෙනක්. ගම්වැසියනුත්, ප්‍රදේශවාසීනුත් ඇතැම් අවස්ථාවල කුරණ්ඩක ලෙන නමිනුත් මේ ලෙන හැඳින්නුවා. ලෙන ඉස්සරහ මිදුලේ තිබුණා විශාල නා ගහක්. ගී‍්‍රෂ්ම සමය, වසන්ත සමය හා වර්ෂා සමය ආදීයේ දී නා ගසේ විවිධතා ඇති වෙනවා. එක් සමයකට පත්‍ර හැලෙනවා. තවත් සමයක දී හොඳට අතු විහිදිලා කොළ වර්ණයෙන් යුතු ව දළු හට ගන්නවා. තවත් සමයක දී මල් හට ගන්නවා. මීමැස්සන් ආදී සතුන්ගේ ශබ්දයත් මේ කාලයට ඇහෙනවා. නා ගහෙන් නිතර අලංකාර වන කොරණ්ඩක ලෙනේ වැඩ සිටියා චිත්තගුත්ත කියලා තරුණ භික්ෂුවක්. හැම සම්පතක් ම අත්හැර දාලා පැවිදි වුණ මේ තරුණ භික්ෂුවගේ එකම අරමුණ වුණේ කොහොමහරි උත්සාහයෙන් අර්හත්භාවය ලබා ගැනීමයි. අවුරුදු තිහක් ම පිණ්ඩපාතයෙන් යැපෙමින් අර්හත්ඵලය ලබා ගැනීමට භාවනා කළා. එහෙම වුණත් රහත් භව නම් ලබා ගැනීමට පුළුවන්කමක් ලැබුණේ නෑ. කොපමණ කැපවීමක් කළා ද කියනවා නම්, අවුරුදු තිහ පුරාවට ම තමන්ගේ ලෙන ඉස්සරහ නිතර දකින්න ලැබෙන නා ගස දෙස හිස ඔසවා බලලා නෑ.


අධි ඇසළ පුර අටවක

ජුනි 26 සඳුදා පූ.භා. 00.25 න්
පුර අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.04 න් ගෙවේ.
26 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]