[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිළිඳු ගොවියකුට පිහිටවීම

  නවම් අව අටවක 

මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ.
සෙනසුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

යොවුන් සීල සමාධි වැඩසටහනෙන්...

දැහැමි, යහපත්, ගුණගරුක බවින් පිරිපුන් ජන සමාජයකින් හෙබි සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම උදෙසා, රටේ ජීවනාලිය බඳු වූ අපේ යොවුන් පරපුරේ ආධ්‍යාත්මික හා සමාජ සංවර්ධනය නඟා සිටුවීම සඳහා නිර්මාණශීලි විනයගරුක තරුණ ප්‍රජාවක් බිහිකිරීමේ උත්තුංග අරමුණ පෙරදැරි කොටගෙන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ උදාර සංකල්පයක් අනුව “යොවුන් සීල සමාධි වැඩසටහන” දීපව්‍යාප්තව දියත් කෙරේ. බුද්ධ ශාසන හා ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශයේ හා ජාතික තරුණ සේවා සභාවේ සහයෝගිත්වයෙන්, ජාතික වෙළෙඳ හා ව්‍යවසායකත්ව සම්මේලනයේ ක්‍රියාකාරිත්ව දායකත්වයෙන්, රාජ්‍ය සේවා බෞද්ධ සේවා සංගමයේ සම්බන්ධීකරණයෙන්, සීක් ඔෆ් ක්‍රවුන් ජාත්‍යන්තර සංවිධානයේ ද අනුග්‍රාහක දායකත්වය ලබාගනිමින් පහන්සිත් පදනම විසින් පොහෝදා වැඩසටහන සංවිධානය කරනු ලබයි. මෙම වැඩසටහන මඟින් දිවයිනේ සෑම විහාරස්ථානයකම පුරපසළොස්වක පොහොය දිනයකදීම තරුණ තරුණියන් සීල සමාදානයෙහි පිහිටුවා දාන, ශීල, භාවනාදියට අවතීර්ණ කරවීම අපේක්ෂිත ය. මහා සංඝ රත්නය පෙරටු කොට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමා ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය දුරුතු පුර පසළොස්වක පොහොය දින ඓතිහාසික කැලණි රජමහා විහාරයේ දී යොවුන් සීල සමාධි වැඩසටහනේ සමාරම්භය සිදුවිය.

 

ධර්ම දේශනාව:

ගුණ දහම් පුරන්නට මේ හොඳම කාලයයි

“අට්ඨිනං නගරං කතං - මාංස ලෝහිත ලේපනං - යත්ත ජරාච මච්චූව - මානෝ මක්ඛෝච ඕහිතෝ”, අපගේ ශරීරය මස්,ලේ, ගල්වා ඇටවලින් සාදන ලද නුවරක්, එසේ නැතිනම් කොටුගෙයක් හා සමාන බව ඉහත සඳහන් ගාථා ධර්මයේ සාමාන්‍ය තේරුමයි. ඇය මුලින් හැඳින්වූයේ ජනපද කල්‍යාණි නමින් ය. රූපයෙන් අගතැන්පත් නිසා පසු කලෙක බොහෝ දෙනා හඳුන්වනු ලැබුවේ “රූපනන්දා” නමිනි.  තම මෑණියන්ගේ පැවිදි වීමෙන් පසු ගෙදර හුදකලා වූ රූපනන්දාට ද පැවිදි වීමට ආශාවක් ඇති විය. ඒ අනුව “රූපනන්දා” මෙහෙණවරට ගොස් පැවිදි විය. රූපනන්දා කිසිදු දිනෙක බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ධර්මය ශ්‍රවණය නොකළාය. පැවිදිව සිටිය ද වෙහෙරට ගොස් ධර්මය ශ්‍රවණය කර නැත. එයට මූලික හේතුව වූයේ බුදුරජාණන් වහන්සේ රූපය මුල්කරගෙන රූපයේ දොස් පෙන්වමින් ධර්ම දේශනා කරන බැවින් එයට අකමැතිව සිටිය නිසයි. දිනක් ඇයට වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසීමට හිතක් පහළ වුණා. ඒ අනුව වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේට නොපෙනෙන පරිදි මෙහෙණින් අතරට වී සැඟව ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වුණා. රූප නන්දා ගේ මෙම ක්‍රියා පිළිවෙත අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ ඇයට ධර්ම දේශනා කිරීමට පළමුව ඇයගේ රූප මානය දුරු කිරීම සඳහා ක්‍රමෝපායයක් අනුගමනය කළා. එම ක්‍රමවේදය නම් රූප නන්දා මෙහෙණියට පමණක් පෙනෙන පරිදි රූප නන්දා මෙහෙණියට වඩා සුරූපී සොළොස් වියැති කාන්තාවක් මවා පෑමයි. සර්වාභරණයෙන් සැරසී සිටිය මෙම කාන්තාව බුදුරජාණන් වහන්සේට සමීපව පවන් සලමින් සිටියා. ටික වේලාවක් ගිය පසු මේ කාන්තාව තරුණ වයස ඉක්මවා මැද වයසටත්, මහලු වයසටත් පත්ව අත් පා දුබල වී ජරාවට පත් වී මැරී ඇද වැටුණා. එකෙනෙහිම එතනට පැමිණි බලුකපුටන් විසින් එම මළ සිරුර අනුභව කරන අයුරුත් දැක්කා.

 

සීවලී මහරහතන් වහන්සේගේ ලැබීමේ භාග්‍යය

සීවලී මහරහතන් වහන්සේ පිළිබඳ හැදෑරීමේ දී උන්වහන්සේ තුළ තිබූ ගුණයන් එකකට එකක් නොදෙවෙනි අයුරින් තිබූ බව ඉතා පැහැදිලි ය. ඒ අතරින් වුව ද චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලන්පස යන සිව්පස ලාභය ලැබීම අතින් විශේෂ වරප්‍රසාදයක් උන්වහන්සේට තිබූ අයුරු ඉතා පැහැදිලි ය. එයට හේතුව වන්නේ උන්වහන්සේ සසර ප්‍රගුණ කළ පාරමිතාවයි. සීවලී මහරහතන් වහන්සේ, පදුමුත්තර බුදුන් කල හංසවතී නුවර එක්තරා බමුණු කුලයක ඉපිද සිටිය කල්හි එකල පදුමුත්තර බුදුන් ඉදිරියෙහි සුදර්ශන නැමති භික්ෂූන් වහන්සේ සිව්පස ලාභීන් අතර අග්‍රස්ථානයට පත් කරන අයුරු සියැසින් දුටුවහ. එම සුවිශේෂී සිදුවීම දැකීමෙන් ම තමන් ද සිත පහදවා ගත්හ. එපමණක් ද නොව තමන් ද එම වරප්‍රසාදය ලැබිය යුතු බව සිතා සතියක් මුළුල්ලේම දන් දී, සිල් රකිමින්, වත් පිළිවෙත් සිදුකරමින් එය ප්‍රාර්ථනාවක් වශයෙන් තබාගෙන අධිෂ්ඨාන පූර්වකව කටයුතු කළා සේ ම බවයෙන් බවයට ද එය ප්‍රගුණ කළහ. එම පින්වත් කුල පුත්‍රයා නැවත විපස්සි බුදුන් කල බන්දුමතී නුවර එක් කුලයක ඉපදුණේ ය. එකල එම රජු හා මිනිසුන් අතර තරඟෙට මෙන් දන් දීමක් තිබූ කාලයකි. ගම් වැසියෝ විහාරයක් සාදවා විශාල දානයක් ද දීමට සූදානම් කළහ. එහිදී සියලු අංගයන්ගෙන් යුත් දානයක් දීමට කටයුතු කළ අතර, එහි දී ඔවුනට අඩුවකට පැවතුණේ දීකිරි හා මී පැණි පමණි. පසුව ගම් වැසියෝ ඒවා සොයා ගම් දනව්වල සැරි සරන කල්හි එම බමුණු කුල පුත්‍රයා හමුවිය. එම කුල පුත්‍රයා ද එම අවස්ථාවේ දී දීකිරි කළයක් හා දඬුවැල් බෑයක් අතැති ව ගමන් කරමින් සිටියේ ය. ගම්වැසියෝ එය දැක කහවනුවක් දී ඉල්ලුව ද කුල පුත්‍රයා ඒවා නොදුන්නේ ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]