නවම් අව අටවක 2021.03.06 දහම් මඟ යමු
ජීවිතය සුව සේ ගත කිරීම සෑම මනුෂ්‍යයකුටම පොදු බලාපොරොත්තුවකි. එහෙත් ක්‍රමවේදයෙහි
වෙනසක් ඇත. කෙනෙක් සුවය යැයි සිතනුයේ මිල - මුදල්, යාන – වාහන, මහා මන්දිර වැනි ගේ
දොර, නිලය, බලය ආදී දේ ය.
යුතුකම් වගකීම් ඉටුකරමින් සාර්ථක ජීවිතයක් ගත කිරීමට නම් ගිහියාට භෞතික සම්පත්
අත්‍යවශ්‍ය බව සැබෑ ය. එහෙත් අතෘප්තිකර ආශාවන් නිසා ඇතැම් කෙනෙක් එම සම්පත්හි සීමාව
නොදකී. සැනසීම වැනසීමක් වන්නේ එතැන් සිට ය. ඒ හොඳින් නොව නරකින් සම්පත් උපයා ගන්නට
පෙළඹීම නිසා ය. එවන් තත්ත්වයක දී කවර නම් සැනසීමක් ද?
බෞද්ධයන් ලෙස අපගේ බලාපොරොත්තුව ඊට හාත්පසින් ම වෙනස් විය යුතු ය. අප අපේක්ෂා කළ
යුතු වන්නේ ආධ්‍යාත්මික සුවය යි.
බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ පණ්ඩිත වග්ගයේ දී දේශනා කොට වදාළේ,
ධම්මංපීති සුඛං සෙති
විප්පසන්නෙන චේතසා
අරියප්ප වෙදිතෙ ධම්මෙ
සදා රමති පණ්ඩිතො
දහම් රසයෙහි ඇලෙනා, ධර්මයට රුචි පුද්ගලයා ජීවිතය සුව සේ ගත කරන බව ය. නුවණැති
පුද්ගලයා ආර්ය උතුමන් දේශනා කරන ලද ධර්මයෙහි හැසිරෙන බව ය.
ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා යනු බුදුරජාණන් වහන්සේ දේශිත ධර්ම මාර්ගයේ ගමන්
කරන්නෙකි. කවර හේතුවක් නිසා හෝ ඔහු තමන්ට අහිත වන, අනුන්ට ද අහිතවන කිසිදු
ක්‍රියාවක නියැළෙන්නේ නැත.
බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ද්‍රෝණ නම් බමුණා අමතා,
බ්‍රාහ්මණය, දියෙහි ඉපිද, දියෙහි වැඩී, දියෙන් උඩට මතු වී, දිය හා සම්බන්ධ නොවී
පවතින පියුමක් සේ මම ද මේ ලොව ඉපිද, ලෝකයට සම්බන්ධ නොවී, ලෝකය ඉක්මවා සිටිමි,
යනුවෙන් දේශනා කළහ. බෞද්ධයන් ලෙස අපට ද වගකීමක් ඇත. ඒ අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ
ගමන් කළ මාවත, බුදු මඟ අවබෝධ කොට ගෙන යම් තරමකට හෝ ජීවිතයට ප්‍රායෝගික කරගන්නට ය.
අප ජීවත්වන මේ සමාජය විවිධ ය. විෂම ය. එවන් සමාජයක හොඳ නරක තෝරා බේරා ගත යුතු හංසයා
දියෙන් කිරි වෙන් කරන්නා සේ සීරුවට ය. ඒ සඳහා අපට උපකාරි වන මාහැඟි මාර්ගයක් ඇත. ඒ
දහම් මඟ ය.
ජීවිතයේ හොඳ නරක, පින් පව්, කුසල් අකුසල් හඳුනා ගන්නා අයුරු දහම තුළ අපට මනාව
පැහැදිලි කරයි. මහා මංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, පරාභව,
වසල සූත්‍රය ජීවිතයේ සුවය සොයන ගිහියන් විසින් අනිවාර්යයෙන් ම පරිශීලනය කළ යුතු
ධර්ම දේශනාවන් ය. ප්‍රායෝගික ව ජීවිතයට ගලපා ගත යුතු මාහැඟි සදූපදේශ මේ තුළ
අන්තර්ගත ය.
බුද්ධ දේශනාවට අනුව සැනසීම, සුවය ලද හැකි ප්‍රධානතම මාර්ගය වන්නේ සිල්වත්කමයි. සීල
වන්තයා යනු කය සහ වචනය සංවර කරගත් පුද්ගලයා ය.
එහිදි පංච ශීලය ප්‍රධාන ය. සිල් සුරකින පුද්ගලයා තම සුවය ම පමණක් නොව සමස්ත සමාජයට
ද සුවය ලබා දෙන්නෙකි. |