[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ගුණ දහම් පුරන්නට මේ හොඳම කාලයයි

“අට්ඨිනං නගරං කතං - මාංස ලෝහිත ලේපනං - යත්ත ජරාච මච්චූව - මානෝ මක්ඛෝච ඕහිතෝ”, අපගේ ශරීරය මස්,ලේ, ගල්වා ඇටවලින් සාදන ලද නුවරක්, එසේ නැතිනම් කොටුගෙයක් හා සමාන බව ඉහත සඳහන් ගාථා ධර්මයේ සාමාන්‍ය තේරුමයි. ඇය මුලින් හැඳින්වූයේ ජනපද කල්‍යාණි නමින් ය. රූපයෙන් අගතැන්පත් නිසා පසු කලෙක බොහෝ දෙනා හඳුන්වනු ලැබුවේ “රූපනන්දා” නමිනි.  තම මෑණියන්ගේ පැවිදි වීමෙන් පසු ගෙදර හුදකලා වූ රූපනන්දාට ද පැවිදි වීමට ආශාවක් ඇති විය. ඒ අනුව “රූපනන්දා” මෙහෙණවරට ගොස් පැවිදි විය. රූපනන්දා කිසිදු දිනෙක බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ධර්මය ශ්‍රවණය නොකළාය. පැවිදිව සිටිය ද වෙහෙරට ගොස් ධර්මය ශ්‍රවණය කර නැත. එයට මූලික හේතුව වූයේ බුදුරජාණන් වහන්සේ රූපය මුල්කරගෙන රූපයේ දොස් පෙන්වමින් ධර්ම දේශනා කරන බැවින් එයට අකමැතිව සිටිය නිසයි. දිනක් ඇයට වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසීමට හිතක් පහළ වුණා. ඒ අනුව වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේට නොපෙනෙන පරිදි මෙහෙණින් අතරට වී සැඟව ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වුණා. රූප නන්දා ගේ මෙම ක්‍රියා පිළිවෙත අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ ඇයට ධර්ම දේශනා කිරීමට පළමුව ඇයගේ රූප මානය දුරු කිරීම සඳහා ක්‍රමෝපායයක් අනුගමනය කළා. එම ක්‍රමවේදය නම් රූප නන්දා මෙහෙණියට පමණක් පෙනෙන පරිදි රූප නන්දා මෙහෙණියට වඩා සුරූපී සොළොස් වියැති කාන්තාවක් මවා පෑමයි. සර්වාභරණයෙන් සැරසී සිටිය මෙම කාන්තාව බුදුරජාණන් වහන්සේට සමීපව පවන් සලමින් සිටියා. ටික වේලාවක් ගිය පසු මේ කාන්තාව තරුණ වයස ඉක්මවා මැද වයසටත්, මහලු වයසටත් පත්ව අත් පා දුබල වී ජරාවට පත් වී මැරී ඇද වැටුණා. එකෙනෙහිම එතනට පැමිණි බලුකපුටන් විසින් එම මළ සිරුර අනුභව කරන අයුරුත් දැක්කා.


  නවම් අව අටවක 

මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ.
සෙනසුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]