ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ නවම් අව අටවක පෝදා, 2021 මාර්තු 06 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වාර්තාව හා ඡායාරූප කළුතර මධ්‍යම විශේෂ
කළුතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වාද්දුව, දෙල්දූව ගනේවත්ත පුරාණ රජමහා විහාරස්ථානය මනරම් බෞද්ධ පින්බිමකි.
එහි වැඩවසන විහාරාධිකාරි ශාස්ත්‍රපති, රාජකීය , පණ්ඩිත කිතලගම නන්දසාර හිමියන්ගේ අප්‍රමාණ උත්සාහය හා දැඩි කැපකිරීම් මැද්දේ එම විහාරස්ථානය විශාල සංවර්ධනයකට පත්ව ඇත.
විහාරාධිකාරි කිතලගම නන්දසාර හිමි විසින් සසුන් කෙත පෝෂණය කිරීම සඳහා කුල දරුවන් සසුන්ගත කරනු ලැබීම ද මහඟු පින්කමකි.
එසේ පැවිදි කර ඇති කුලදරුවන් ගණන 100 කට ආසන්න වන අතර දැනට විහාරස්ථානයේ වැඩ සිටින නේවාසික කුඩා සාමණේරවරුන් හා උපසපන් භික්ෂූන් වහන්සේලා ගණන 77 නමකි.
විහාරාධිකාරි හිමියන් පවසන පරිදි කුලදරුවන් 100 දෙනකු සසුන් ගත කරවා අවසන් වූ පසුව, එම විහාරස්ථානය පිරිවෙනක් හා භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කොට සංවර්ධනය කොට විශාල ශාසනික සේවාවක් ආරම්භ කිරීම උන්වහන්සේගේ අරමුණ වී ඇත.
මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ. සෙනසුරාදා සිල්
අව අටවක
මාර්තු 06
අමාවක
මාර්තු 12
පුර අටවක
මාර්තු 21
පසළොස්වක
මාර්තු 28
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]