[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතර හිත්තටියේ රාජමහා විහාරය

පහතරට ශාසනාලෝකයේ කේන්ද්‍රස්ථානයක් වූ මාතර හිත්තටියේ රාජමහා විහාරය

වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් උදා වූ ශාසනාලෝකය දසත පැතිරවීමට මූලිකත්වය ගත් සම්භාවනීය විහාරස්ථානයකි මාතර හිත්තටියේ රාජමහා විහාරය. දකුණු පළාතේ මාතර කඩවත් සතර සීමාවෙහි සත්වන විජයබා රජු තඹ සන්නසක් මගින් දෙවුන්දර උපුල්වන් දේවාලයේ කපු පරපුරට නින්දගමක් වශයෙන් පිරිනැමූවකි. හික් ගස් බහුලව පැවති සමබිම යන අරුත ගෙන දෙන හිත්තටියේ ග්‍රාමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි ගොඩගම හුවමාරුවට නුදුරින්, මාතර අකුරැස්ස මහා මාර්ගයේ පළමු සැතපුම් කණුව අසල පිහිටා ඇත. පෞරාණික බෝධිරාජයාණන් වහන්සේ සහස්‍ර වර්ෂයක් පමණ පැරණි යැයි පිළිගත් මතයයි. එසේ වුවත් හිත්තටියේ රාජමහා විහාරයේ නිශ්චිත ඉතිහාසය පිළිබඳ කරුණු හමුවන්නේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක වූ වැව ඉන්දසර හිමියන් උපසම්පදාව ලබා පැමිණීමෙන් පසුව ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ලක්දිව උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය කළ මුල් වකවානුවේ දී ම සියම් ජාතික උපාලි හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් සහ සාරචන්දන හිමියන්ගේ කර්ම වාගාචාර්යයත්වයෙන් උපසම්පදාව ලත් වැව ඉන්දසර මාහිමියන් වහන්සේ උපසම්පදා අවස්ථාවේ දී රචනා කළ සිරි දන්තධාතු අට්ඨක, සිරි ධම්මරාජ අට්ඨක යන පාලි ගාථා ප්‍රබන්ධ කෙරෙහි පැහැදුණු රජතුමා සුවිසාල ඇත් දළ යුවලක්, කැටයම් කළ ඇත්දළින් නිම වූ මණ්ඩපයක්, ජාවා රටෙන් ගෙන් වූ කැටයම් සහිත ලී මේසයක්, කිරිගරුඬ හා ලෝකඩ බුදු පිළිම, ධාතු කරඬු කිහිපයක් පුද කොට ඇත. මෙම පූජනීය වස්තු හිත්තටියේ රජමහා විහාරයේ අද දක්වා සංරක්ෂණය වී පවතී. උපසම්පදාපේක්ෂක සාමණේර හිමිවරුන් ශාස්ත්‍රීය නිබන්ධන ඉදිරිපත් කිරීමේ චාරිත්‍රය ආරම්භ වූයේ වැව ඉන්දසර මාහිමියන්ගෙන් යනු පිළිගත් මතයකි.


  නවම් අව අටවක 

මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ.
සෙනසුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]