ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ දුරුතු අමාවක පෝදා 2021 පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කොසොල් රජු බුදුරදුන් හමුවීම
පෙබරවාරි 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.09 න් අමාවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 00.35 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
අමාවක
පෙබරවාරි 11
පුර අටවක
පෙබරවාරි 19
පසළොස්වක
පෙබරවාරි 26
අව අටවක
මාර්තු 06
කළුතර, වාද්දූව, දෙල්දුව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ, විහාරාධිපති, බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක, දෙල්දූවේ සුමන නා හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි කුල දරුවන් දෙදෙනෙකු කිතලගම නන්දසාර හිමියන්ගේ ආචාර්යත්වය යටතේ පසුගිය දුරුතු පෝදා සසුන් ගත කරන ලදී. ඇඹිලිපිටිය, කරවිලයාය මහ විදුහලේ 3 හා 6 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටි, පිළිවෙළින් දෝලාකාරගේ සසිඳු උදය කුමාර (8) හා බැරගමගේ කාවින්ද සඳරුවන් (11) යන කුල දරුවන් කුට්ටිගල සුජාත රතන හා කුට්ටිගල සුමුඛ යන නමින් සසුන් ගත වූහ.
ධර්ම දේශනාව:
උපනීයතී ජීවිතමප්පුමායු - ජරූපනීතස්ස නසන්ති තාණා - ඒතං භයං මරණෙ පෙක්ඛමානො - පුඤ්ඤානි කයිරාථ සුඛාවහාති, සුපින්වත්නි,සුගත තථාගත අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන සමයෙහි වයෝවෘද්ධ බමුණන් දෙදෙනකු අරභයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. මෙම බමුණන් දෙදෙනා ම අසූ වයස් ඉක්ම වූහ. වෙව්ලන ශරීර ඇත්තෝ වූහ. එහෙත් තම දරුවන් විසින් නිවෙස්වලින් පිටමං කරනු ලැබීය. බමුණන් දෙදෙනා අසරණ ව, මහ මඟට වැටුණහ. අපට පිහිටවන කිසිම කෙනෙකු නැත. බුදුරජාණන් වහන්සේගෙන්වත් පිහිටක් ලැබෙන්නේ නම් කෙ තරම් වාසනාවක් දැයි සිතා ජේතවනාරාමයට පිය නැඟූහ. ඉතා වෙහෙසකර ගමනින් දෙව්රම් වෙහෙරට ගිය මෙම බමුණෝ දෙදෙන බුදුරදුන් වෙත පැමිණ වැඳ නමස්කාර කොට තමන්ගේ අදහස් ප්‍රකාශ කළහ. “අප දෙදෙනාම කුඩා කල පටන් යහළු මිත්‍රයන් වශයෙන් හැදී වැඩුණෙමු. තරුණ වයසේ දී විවාහ ජීවිතයට පත්වූයෙමු. දූදරුවන් හැදුවෙමු. ඔවුන් සමඟ ද පී‍්‍රතිමත්ව සිටි නමුත් පිනක් දහමක් කර ගැනීමට තරම් සිත් පහළ නො වීය. අපි දෙදෙනාම දැන් අසූ වයස් ඉක්මවා සිටින්නෙමු. කිසිම දෙයක් කරන්නට ශාරීරික ශක්තියක් නැත. මානසික පී‍්‍රතියක් හෝ නැත. අපේ දූ දරුවෝ අප දෙදෙනාම නිවෙස්වලින් පිටමං කළහ. එබැවින් මහමඟ. අසරණව ගමන් කළෙමු. එකම පිහිට භාග්‍යවතුන් වහන්සේ බව කතා කරගෙන අපි දෙදෙනම මෙහි ආවෙමු" යැයි ප්‍රකාශ කළහ. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මෙම බමුණන් දෙදෙනාගේ වයසට හා අපේක්ෂාවන්ට යෝග්‍ය පරිදි අනාගත ජීවිතයට සැපගෙන දෙන්නා වූ මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.
දිනක් කොසොල් රජු මහ දවල් බුදුරදුන් වෙත පැමිණියේ ය. “මම සැවැත්නුවර මියගිය සිටුවරයාගේ අසූ ලක්ෂයක් රන් හා අති විශාල රිදී සම්භාරය රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙනවිත් දැමුවෙමි’ යි කීවේ ය. මියගිය සිටුවරයා කිසිවකුට කිසිවක් නොදුන් අතර, ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළේ ය. ඒ අවස්ථාවේ බුදුරදුන් දේශනා කළේ අසත්පුරුෂයාට කෙතරම් ධනයක් ලැබුණත් ඔහු ප්‍රයෝජනයට නොගන්නා බව ය. අනෙකෙකුට ලබා නොදෙන බව ය. තම දියුණුවට හෝ නොයොදන බවය. ලැබෙන සම්පත් පරිහරණය කිරීම පිළිබඳ බොහෝ ඉගැන්වීම් බුද්ධ දේශනාව තුළ නොඅඩුව ඇත. අවශ්‍ය වන්නේ ඒ සඳහා ප්‍රායෝගික වටින කමක් ලබබාදීම පමණි. ජීවිතයේ ශක්තිමත්ම කාලයේ දී එය කළ හැකිව තිබිය දී එසේ නො කිරීම අභාග්‍යයකි. බුදු දහමේ නිරන්තරව ම දේශනා වන්නේ සමජීවිකාවෙන් යුක්තවන ලෙස ය. ලැබෙන දේට අනුව වියදම තීන්දු කළ යුතු ය. එසේම තමන්ට යමක් තිබියදී තම මූලික අවශ්‍යතාටික හෝ සිදුකර නොගැනීම නොවැදගත් ය. මුදල් ඉපයීමේ දී එය වියදම් කිරීම පිළිබඳව හඳුනාගත යුතු ය. සාමාන්‍යයෙන් පවසන්නේ වියදම් කිරීමට නොදන්නේ නම් හම්බකරන්න එපා යන්නයි. එහි ලොකු සත්‍යතාවයක් ඇත. ඇතැම් තරුණ ජීවිත තම ජීවිතයේ හරය සොයා නොගන්නේ ඉහත කාරණය පිළිබඳ හරි හැටි අවබෝධයක් නොමැති නිසාවෙනි. ධර්මයට අනුව ලද ධනය කොටස් හතරකට බෙදා පාලනය කළ යුතු ය.
බොහෝ දෙනෙක් එළඹි මොහොතට සෑම විටම උත්සාහවත් වන්නේ සැනසීම හෝ සතුට සෙවීමට ය. එසේත් නැතහොත් සාර්ථකත්වයක් ලබා ගැනීමටය. මෙම අරමුණු ඉලක්ක ගතව ජීවත්වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන දෙයකි. ඒ අතීතය පිළිබඳ ශෝක නොවීම ය. එසේත් නැතිනම් අතීතය අත්හැර දැමිම ය. මෙහිදී අත්හැරිය යුතු අතීතය වන්නේ කුමක් ද? තමන් පීඩාවට පත් කරන, වේදනාවට පත් කරන, කණස්සල්ලට පත් කරන, අකර්මන්‍යයට පත් කරන අතීත සිදුවීම්ය, පුද්ගලයන් ය. වස්තූන්ය. යන මේවා ය. ඔබ පීඩාවට පත්කරමින් ගෙවී අවසන් වූ සිදු වීමක්, නැවත නැවත, දිනපතා ආවර්ජනය කරන්නේ නම්, සෑම විටම ඔබ ජීවත් වන්නේ එම අප්‍රියජනක සිදුවීම තුළ ය. එමඟින් උදාවී ඇති අද දවස හෝ උදාවන්නට ඇති හෙට දවස තුළ ඔබේ ගමනාන්තයට යාමට ඉඩ ලබා නොදෙයි.ඔබ යම් කිසි බරක් ඔසවාගෙන සිටී නම්, එම බර ඔසවාගෙන සිටින සෑම තත්පරයක ම එහි බර දැනීමෙන්, ඒ පීඩාවෙන් ඔබ ඉතා වෙහෙසට, දුකට පත් වේ. ඔබට අවශ්‍ය නම් ඒ බරින් නිදහස් වීමට අනිවාර්යයෙන් ම බර බිම තැබිය යුතු ම ය. වේදනාකාරී අතීතය ද එසේ ම ය. ඔබට අවශ්‍ය සිතේ සැනසීම හෝ දියුණුව නම් වේදනාකාරී අතීත බර බිමට දමන්න. එය විසි කර ඔබ අද දවස තුළ කටයුතු කිරීම ආරම්භ කරන්න.
"ස්වර්ණමාලී මහා චෛත්‍ය වර්ණනාව" ග්‍රන්ථය එළිදැක්වුණු දා
භික්ෂු නිවහන සසුනට පුදා
පිරිවෙන
පැන විසඳුම්
සිරි සදහම් පැන විසඳුම්
ඉතිරිය»
සැප සම්පත් ලැබුණත් ජීවිතය අතෘප්තිකර ඇයි?
ඔවුනොවුන් බිඳවන කේලාම් කියනවා ද? අකුසලය බරපතළයි
බෞද්ධ සාහිත්‍යය - 03: බුදු දහම පිළිබඳ පූර්ණ අවබෝධයක් දෙන සූත්‍ර පිටකය
සම්මා සම්බුද්ධත්වයේ පෙර නිමිති පෙන්වමින් බෝසතාණන් වහන්සේ දුටු සිහින
පාත්‍රයට ගිලිහුණු ඇඟිල්ල ඉවත් කොට රෝගියාට පින් පිණිස දානය වැළඳූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
ගොයම් කපා දන් දුන් ශ්රද්ධාවන්ත රජතුමා
සැලසුමකට අනුව වැඩ කරනවා නම් බොහෝ ගැටලු අවම කර ගත හැකියි
ඓතිහාසික මල්වතු මහා විහාරය - 03: සියම් රටේ ශාසනික නවෝදයේ පෙරගමන් කරුවෝ
හොඳ වචනය හරිම බලවත්
නුවර යුගයේ බිතු සිතුවමින් අලංකාර බැරගම ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරය
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]