සැලසුමකට අනුව වැඩ කරනවා නම්
බොහෝ ගැටලු අවම කර ගත හැකියි
මෙවර උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ හෝකන්දර
දක්ෂිණාරාමාධිපති කැලණිය විශ්ව විද්‍යාලයීය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද
විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමිපාණන් වහන්සේ ය
අපේ හාමුදුරුවනේ ජාතික,ආගමික,අධ්‍යාපනික පුනරුදයේ නියාමනයෙහිලා ශ්‍රී ලාංකේය
භික්ෂූන් වහන්සේගේ භූමිකාව මූර්තිමත් කරමින් කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක්
වශයෙන් ඔබ වහන්සේ ප්‍රකටයි.ඔබ වහන්සේ ඒ පිළිබඳව කාලය සැලසුම් කරගන්නේ කුමන
ආකාරයෙන්ද?
අපට තිබෙන කාලය ඇතුළත සියලු කටයුතු සංවිධානය කරගැනීම අවශ්‍යයයි. බොහෝ දෙනෙක් කාලය
අපතේ හරිනවා කියලයි මට හිතෙන්නේ. මගේ ශාස්ත්‍රීය කටයුතු සඳහා අලුයම සහ රාත්‍රී කාලය
යොදාගන්නවා. දවල් කාලය රාජකාරි කටයුතුවල නිරතවෙමින් ප්‍රමුඛත්වය ලබාදිය යුතු
අනුපිළිවෙළ මත ජාතික හා ආගමික කටයුතුවල නියැළෙනවා. අද දවස ගත කරන්නේ කෙසේද? කියා අද
දවසේ කල්පනා කළාට ඒ පිළිබඳව වසර කිහිපයක සිට සැලසුම් කරලයි තිබෙන්නේ. සැලසුමකට අනුව
කටයුතු කිරීමෙන් ගැටලුවකින් තොරව බොහෝ කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා . වසර අවසානය
වන විට තමා කළ කාර්යයන්, ලබාගත් ජයග්‍රහණ, හා අඩුලුහුඬුකම් පිළිබඳව සාර්ථක
සමාලෝචනයක යෙදිය හැකිවන්නේ එවිටයි. අවශ්‍යතාවය මත අවශ්‍ය කරන කාලය සහ අවස්ථාව
ලබාදෙමින් අනෙකුත් කාලසීමාවන් මගේ පෞද්ගලික කටයුතු සඳහා යොදාගැනීමට කාලය වෙන්කර
ගැනීම නිසා අවශ්‍ය කරන විවේකය සහ නින්ද ලබාගනිමින් අපහසුතාවයකින් තොරව කාලය සැලසුම්
කරගන්නවා.
කැලණිය විශ්ව විද්‍යාලයීය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය ස්වාමීන්වහන්සේ නමක් වශයෙන් කටයුතු කරන ඔබ වහන්සේගේ ගුරුභූමිකාවේ
ස්වභාවය පැහැදිලි කරනවා නම්,
සංස්කෘත විෂය පිළිබඳ ප්‍රථම උපාධියත්, පශ්චාත් උපාධියත් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව
විද්‍යාලයෙන් ලබාගත්තා. ඉන්දියාවේදීත් ආචාර්ය උපාධිය සඳහා තෝරාගනු ලැබුවේ ආයුර්වේද
සාහිත්‍යයයි. මගේ විෂය
ක්‍ෂේත්‍රය වුණේ සංස්කෘත භාෂාවයි. 1994 වර්ෂයේ සිට ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද
විද්‍යායතනයේ ඉගැන්වීම් කටයුතු සිදුකරන්නේ සංස්කෘත භාෂාවෙන්. ආයුර්වේදීය පොත පත
සංස්කෘත භාෂාවෙන් ලියැවී තිබෙන නිසා එම විෂය හදාරණ ශිෂ්‍යයන්ට වගේම ආයුර්වේද
වෛද්‍යවරුන්ටත් එම දැනුම පුළුල් කරගැනීම සඳහා සංස්කෘත භාෂා දැනුම අවශ්‍යයයි. දැනට
වසර 26 ක් පුරාවට ආයුර්වේද උපාධිය සඳහා ශිෂ්‍යයන්ට අවශ්‍ය කරන සංස්කෘත භාෂාමය දැනුම
ලබාදීම මගේ කාර්යභාරයයි.
පුරාවස්තු විනාශය සම්බන්ධ ව විවිධ අවස්ථාවලදී ඔබ වහන්සේ මැදිහත්වෙලා කටයුතු කරනු
ලැබුවා. ඒ පිළිබඳව ගත් ක්‍රියාමාර්ග පැහැදිලි කරනවා නම්,
පුරාවිද්‍යාව මේ රට තුළ ක්‍රියාත්මක වන්නේ බෞද්ධ සිද්ධස්ථානවලට වැරැදි ලෙස බලපාන
ආකාරයෙන්. පුරා විද්‍යා විෂය ක්ෂේත්‍රය පිළිබඳ දීර්ඝ කාලීන අධ්‍යයනයකින් ලබාගත්
අවබෝධය මත කරුණු කාරණා, සාධක හා අවශ්‍ය සාක්ෂි අනුව එසේ ප්‍රකාශ කරනු ලැබුවත්,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ පුරාවිද්‍යා විෂය ක්ෂේත්‍රය හදාරණ අවංක පිරිසට
එල්ලකරනු ලබන චෝදනාවක් නොවන බව සිහිපත් කළ යුතුයි. බොහෝ අවංක පුද්ගලයන් එම විෂය
ක්ෂේත්‍රය පාවිච්චි කරමින් පුරාවිද්‍යා වස්තු ආරක්ෂා කරනු ලැබුවත්, ඇතැම් පුද්ගලයන්
අපේ උරුමය විනාශ කිරිමේ කාර්යයක යෙදිල ඉන්න ආකාරය අපේ අවධානයට යොමු වුණා. අභයගිරිය,
ජේතවනාරාමය, පොළොන්නරුව, රන්කොත්වෙහෙර යන බෞද්ධ සිද්ධස්ථාන ආශි‍්‍රතව විශාල වශයෙන්
භූමි ප්‍රදේශ බුල්ඩෝසර් කිරීම පිළිබඳව අධ්‍යයනයකදී තොරතුරු රාශියක් හෙළිවුණා. 1960
වර්ෂයේ සිට කිසියම් ආකාරයක කුමන්ත්‍රණකාරි ස්වරූපයකින් අපේ බෞද්ධ උරුමය විනාශකිරීමේ
මෙහෙයුමක් පවතින බවට සාධක හා සාක්ෂි ලැබී තිබෙනවා. රුවන්වැලිසෑය පිළිසකර කිරීමේ
කාර්යයේදී සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කළ පුරාවිද්‍යා දෘෂ්ටි කෝණයත්, වලිසිංහ
හරිස්චන්ද්‍ර මහතා ඇතුළු බෞද්ධ සංවිධාන ඉදිරිපත් කළ බෞද්ධ උරුමය පිළිබඳ අදහසත්
මිශ්‍ර කරගත් කිසියම් ක්‍රමවේදයක් අප විසින් සකස් කළ යුතුයි. එදා රුවන්වැලිසෑය
ගොඩනොනැ¼ගුවානම්, මහාස්ථූපය වශයෙන් අපි වඳීන්නේ කුමකටද? එනිසා බටහිර පුරාවිද්‍යාව
නොමැතිව අපගේ පුරාවිද්‍යාව තුළින් ජීවමාන භූමියක පුරාවිද්‍යාව පවත්වාගෙන යන්නේ
කෙසේද? පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විය යුතු බව මගේ අදහසයි.
ඔබ වහන්සේ ගත කළ සාමණේර අවධිය, ධර්ම අධ්‍යාපනය හා පැවිදි ජීවිතය ඔපවත් කරගැනීමට
ගුරු හාමුදුරුවරුන්ගේ ආශ්‍රය බලපෑවේ කුමන ආකාරයෙන්ද?
මම උප්පත්තිය ලැබුවේ
පොළොන්නරුව ප්‍රදේශයේ මාදුරුඔය නමැති බොහොම දුරබැහැර සුන්දර ගම්පියසක. එවකට
මාදුරුඔය කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගෙන වයස අවුරුදු 10 සම්පූර්ණ වන
විට දුණුකේබද්දේ ඤාණරතන නායක මාහිමිපාණන් වහන්සේ සහ අත්තනකුඹුරේ ඉන්දජෝති නාහිමි
අඹගස්පිටියේ ආනන්ද නාහිමි, මකුරුප්පේ සෝමරතන නාහිමි යන ගෞරවනීය සංඝ
පීතෘන්වහන්සේලාගේ ආචාර්යත්වයෙන් මාදුරුඔයේ ධම්මිස්සර යන උතුම් වූ ශාසනික නාමයෙන්
පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. හඟුරන්කෙත මාදන්වල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙනින් මූලික
ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගෙන රාජකීය පණ්ඩිත උපාධිය හා විශ්ව විද්‍යාල ප්‍රවේශය
සමත්වීමත් සමඟ පිරිවෙන් අධ්‍යාපනය අවසන් කළා.
එම කාල වකවානුව තුළ මගේ පැවිදි ජීවිතයට ප්‍රභාෂ්වර ආලෝකයක් එක්කළ අතිගෞරවනීය සංඝ
පීතෘන් වහන්සේලා දෙනමක් වන මාදන්වල ශ්‍රී සුමනසාර නාහිමිපාණන් වහන්සේ සහ අඹලියද්දේ
ශ්‍රී සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ මේ අවස්ථාවේදි ගෞරව කෘතවේදීව සිහිපත් කළ යුතුයි.
1986 වර්ෂයේ දී උතුම් වූ අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වීමේදීත් ආචාර්යන් වහන්සේ
වශයෙන් කටයුතු කරනු ලැබුවේ මා පැවිදි කරවූ දින සිට භික්ෂු ජීවිතයට අවශ්‍ය ශක්තිය
ලබාදෙමින් කරුණාවෙන්, රැකබලාගත් ගුරුදේවෝත්තමයාණන් වහන්සේ නමක් වූ දුණුකේබැද්දේ
ඤාණරතන නායක හිමිපාණන් වහන්සේ සහ අත්තනකුඹුරේ ඉන්දජෝති නාහිමි අඹගස්පිටියේ ආනන්ද
නාහිමි, මකුරුප්පේ සෝමරතන නාහිමි යන ගෞරවනීය සංඝ පීතෘන්වහන්සේලා ය. අපවත් වී වදාළ
වූ දුණුකේබැද්දේ ඤාණරතන හිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමය ඉතාම ගෞරව පූර්වකව මේ
අවස්ථාවේදී සිහිපත් කරනවා.
වසර 4 ක් තුළ සම්පූර්ණ කළ යුතුව තිබූ ප්‍රථම උපාධිය එවකට රට තුළ පැවැති වාතාවරණය
නිසා වසර 6 ක් දක්වා වසර 2 ක කාලයක් දීර්ඝ වීමට සිදුවුවත්, එම වසර 2 මම නිකරුණේ ගත
කළේ නැහැ. රාජකීය පණ්ඩිත උපාධිය ප්‍රථම උපාධිය ලෙස සලකමින් සපුරා තිබූ සුදුසුකම් මත
පශ්චාත් උපාධියක්, පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ලබාගැනීමට කටයුතු කළා.
වර්තමාන කොරෝනා තත්ත්වය තුළ අධ්‍යයන කටයුතුවලට යම් බාධාවන් එල්ලවෙලා පැවතියත් ඒවා
වෙනත් මාර්ග සොයාගනිමින් එම බාධාවන් අතික්‍රමණය කළ යුතු බව පැවිදි ශිෂ්‍ය භික්ෂූන්
වහන්සේලාටත්, ගිහි ශිෂ්‍ය ප්‍රජාවටත් මගේ අත්දැකීම් අනුව මේ අවස්ථාවේදී සිහිපත්
කරදිය යුතුයි. කැපවීම හා උනන්දුව මත කාලය අපතේ නොහැර නිවැරදිව කටයුතු කිරීමෙන් බොහෝ
බාධාවන් ජයග්‍රහණය කරගත හැකි බව අවබෝධ කරගත යුතුයි.
ඒ වගේම ධර්මවේදී ජනසන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ලබාගැනීමට කටයුතු කළා.
විශ්ව විද්‍යාල ප්‍රථම උපාධිය පළමු පංති සාමාර්ථයක් සහිතව ශී‍්‍ර සෝරත ස්වර්ණ
මුද්‍රිකාව දිනාගැනීමට හැකිවූයේත්, අධ්‍යයන කටයුතු අතපසු නොකර සිදුකළ නිසයි. ඒ සමඟම
පොදු කටයුතු විරෝධතා උද්ඝෝෂණ සියල්ලම සඳහා සහභාගි වුණා. භික්ෂූන් වහන්සේ නමකට
ගැලපෙන ආකාරයට අවශ්‍ය තැනදී විරෝධය දැක්විය හැකියි. ඒත් භික්ෂූන් වහන්සේගේ හැදියාව
තුළ සීමා පනවාගනිමින් කටයුතු කළ යුතුයි.
හේමමාලා රන්දුනු |