සියම් රටේ ශාසනික නවෝදයේ පෙරගමන් කරුවෝ
සෝමවති රාජමහා විහාරාධිපති
මහා විහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ
ලේඛකාධිකාරි ආචාර්ය
පහමුණේ සුමංගල හිමි
සියම් රටේ සුඛෝදය නුවර රාජ්‍ය කළ ලිදෙය්‍ය රජ ශ.ව. 1283 දී පණ්ඩිත ඇමතියකු ලක්දිවට
එවා මහාසාමී සංඝරාජ හිමිනමක් ගෙන්වාගෙන ශාසනය වැඩිදියුණු කළ සැටි ද, රජතුමා පැවිදි
වූ අයුරු ද සඳහන් වේ.
බුද්ධ වර්ෂ 1800 දී ලංකාවේ සිට සිංහල බුද්ධ ප්‍රතිමාවක් සිරිධම්ම රජු හා රෝච රජ
සුඛෝදය නුවරට ගෙන ගියහ. පසුව අයෝධ්‍යා පුරයේ ද, ජන්රාය පුරයේ ද, ඉන් පසු ජයසේන
පුරයට ද ගෙනගොස් පල්ලංක දීපයේ දී ද ජන්රාය පුරයේ දී ද මෙම මහා බුද්ධ රූපය විහාරයේ
තබා පුදපූජා පැවැත් වූ අතර, අවසානයේ දී නම්බිසි නුවර තුළ මහා චෛත්‍යයේ තබා පුජා
පැවැත් වූ අයුරු සඳහන් වේ.
ලංකාවෙන් රැගෙන ගිය බුද්ධ ප්‍රතිමා වහන්සේ ද මේ අයුරින් වැඩ වසන කල්හි සියම් රටේ
නම්බිසි නුවර තිස්ස රාජ්‍ය කාලයේ දී බුද්ධ වර්ෂ 1967 දී මහා ධම්මගම්භීර, මහා
මේධංකර, මහා ඤාණ මංගල, මහා සීලවංස, මහා සාරිපුත්ත, මහා රතනාකර, මහා බුද්ධසාගර ආදී
තෙරවරු 25 නමක් ද, නම්බිසි පුරයෙහි හා පහළ කාම්බෝජ රටෙහි විසූ මහාඤාණසිද්ධ ආදී
ථෙරවරු 8 නමක් ද යන තෙතිස් නම සාකච්ඡා කරනුයේ ජීවමාන බුදුරදුන් ලක්දිව මාගේ ශාසනය
පිහිටන්නේ යැ ලක්දිවට වැඩිසේක.
අපිත් ලක්දිවට ගොස් ශාසන උපසම්පදාව ගෙනවුත් අපේ රටේ රෝපණය කරන්නෙමු කතා කොට ඒකමතික
ව ක්‍රමයෙන් ලක්දිවට ආහ. වනරතන මාහිමියන් කරා එළැඹුණහ. ලක්දිව පැවැති අකුරු පිළිවෙළ
ද වචනය උච්චාරණය කරන සැටි ද, ස්වර නඟාකීම ද උගෙන උපසම්පදාව ඉල්ලූහ.
කැලණියේ යාපා පටුනේ ඔරු එකට ගළපා සෑද වූ මණ්ඩපයෙහි වනරතන මහා සාමීන් වහන්සේ
කර්මාචාර්ය කොට ගත්හ. ධර්මචාරී නැමැති ධර්මාචාර්යයන් උපාධ්‍යාය කොට ගත්හ.
විංසත්වර්ගික සංඝයා වෙතින් උපසම්පදාව ලබාගෙන සියම් රටට පැමිණියහ. නොයෙක් තන්හි
උපසම්පදාව පිහිටුවමින් සිංහල සංඝ නමින් ප්‍රසිද්ධ වූහ. එම නිකාය, රත්තවන මහා විහාරය
ආදී විහාර මුල්කොට තිස්ස රජුගේ රාජ්‍ය කාලයේ දී ඉමහත් ශාසනික නවෝදයක් ඇති කළේය.
මෙම සිංහල වංශික භික්ෂුහු හැම නුවරවලින් ම උපසම්පදාපේක්ෂකයන් ගෙනවුත්, නම්බිසි
නුවරට අවුත් වාර්ෂික ව මේ බිලකබද්ධ සීමාවෙහි උපසම්පදාව සිදුකළ බව සඳහන් වේ.
ඉන් අනතුරුව බිලක රජ තොමෝ සිංහල වංශික භික්ෂූන් වෙතින් බෝධීන් වහන්සේලා සිටුවීමේ
ධර්ම කොටස අසා ගත්තේ ය. පසුව ලක්දිවින් මහා බෝධියේ දක්ෂිණ ශාඛාවෙන් බීජ ගෙනවුත්
රෝපණය කරවීමේ පටන් බෝධීන් වහන්සේ ද සියම් රටේ ප්‍රසිද්ධියට පත්වීය.
අනතුරුව අනුරුද්ධ රජු ද ලක්දිවට පැමිණියේ ය. එතුමා තුන් පිටකයත්, නිරුත්ති පිටකයත්
ලියාගෙන මැණික් පිළිමයක් ද ඒ සමඟම ගෙන නැව් දෙකකින් පැමිණි අයුරු සඳහන් වේ. |