[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අති පූජ්‍ය
නාපාන පේමසිරි
මහ නා හිමිපාණන් වහන්සේට
උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු !

  ඉල් පුර අටවක 

නොවැම්බර් 21
සෙනසුරාදා අපරභාග 09.48 න් පුර අටවක ලබා 22 ඉරිදා අපරභාර 10.51 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

ජනපති-අගමැති අනුරපුරේ පින්කම් රැසක

මිරිසවැටියේ දී භික්ෂූන් වහන්සේ පන්සියය නමකගේ සහභාගිත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වසරක පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගෙන පින්කම් මාලාවක් පසුගිය 13 වැනිදා සිට පවත්වන ලදී. ඒ සමස්ත රටවාසී ජනතාවට මෙන්ම, ලෝවාසී සියලු ජනතාවට ම සෙත් පතමිනි. 13 වැනිදා පස්වරුවේ ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්හි නිරත වූ ජනාධිපතිතුමා රුවන්වැලි රාජමහා විහාරාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. රුවන්වැලි මහා සෑ රදුන් වෙත කළ කන්චුක පූජාවට සහ අෂ්ඨඵල චතුමධුර පූජාවට එක් වූ ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත වෙමින් රටටත්, ජනතාවටත් සෙත් පැතී ය. සෑ රදුන් අභියස විශේෂ සෙත් පිරිත් සජ්ඣායනාවක් ද එහිදී සිදු කෙරිණ. සෑ රදුන් උදෙසා ආලෝක පූජාව පැවැත්වීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. රුවන්වැලි රාජමහා විහාරාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ අනුශාසනාවක් කරමින් කොවිඩ් මර්දනයට සහභාගි වන සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි නිලධාරීන්ට ආශිර්වාද කළහ. රටවැසි සැමට සෙත් පතා පන්සිය නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ඣායනාවක් ඓතිහාසික මිරිසවැටිය පුද බිමේ සලපතල මළුවේ දී පැවැත්වුණේ 14 වැනිදා ය. රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශිර්වාද කිරීමත් ජනාධිපතිතුමා ධුරයට පත්ව වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍යතුමාගේ ජන්ම දිනය නිමිති කොට සෙත් පැතීමේ පින්කමක් ලෙසින්ද එය සංවිධානය කර තිබුණි.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනුපමේය සේවයක් ඉටු කළ
අති පූජ්‍ය නාපාන පේමසිරි මහ නා හිමි

සංඝ ශෝභන ගුණ පූජිත මහා තෙර නමක් ලෙස  ත්‍රෛනිකායික මහා සඟරුවනේ ගෞරවයට පාත්‍ර වූ සාසන සෝභන ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, සිරි සීලවංස වංසාලංකාර, පරියත්ති විශාරද, ත්‍රිපිටක ධර්ම චක්‍රවර්ති, ස්ථවිර වංසාලංකාර ශාසන කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත, විනයාචාර්ය විනය විශාරද, අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරන්දර, අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නායක මාහිමිපාණන් වහන්සේ පසුගිය 17 වැනිදා අපවත් වී වදාළහ. මේ ලිපිය උන් වහන්සේගේ ශාසන මෙහෙවර ගැන කෙටි හැඳීන්වීමක් පමණි

 

දීඝවාපි පුදබිමේ ප්‍රතිසංස්කරණ අගමැති ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි

බුදුරජාණන් වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාවන්හි දී මඳ වේලාවක් හෝ සමවත් සුවයෙන් වැඩසිටි පුදබිම් සොළොස්මස්ථානයන් ලෙස ඉතිහාසයේ සිටම බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වේ. ඒ අතරින් නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි දීඝවාපී සෑරදුන් වහන්සේ බෞද්ධ වන්දනාකරුවන්ගෙන් කාලයක් ඈත්ව තිබුණේ ත්‍රස්තවාදී තර්ජන හේතුවෙනි. එම නිසා වසර 30කට අධික කාලයක් දීඝවාපි චෛත්‍යය සම්බන්ධ ව අවධානය යොමු නොවූ අතර, එහි කිසිදු සංවර්ධන කටයුත්තක් පවා සිදු නොවුණි. ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමෙන් පසුව එම කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණ ද පසු කාලීනව එම කටයුතු කිසිවක් සිදු නොවුණි. එහෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා යළිත් අගමැති ධුරයට පත්වීමෙන් පසුව මේ පිළිබඳව අවධානය යොමු කරන ලදී. ඒ අනුව දීඝවාපී චෛත්‍යය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක වැඩකටයුතු පසුගිය 11 වැනිදා ආරම්භ කෙරුණි.මෙම ඓතිහාසික අවස්ථාවේ දී දීඝවාපී රජමහා විහාරාධිපති, අම්පාර මඩකලපුව දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සංඝ කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත සාම ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර, සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති මහඔය සෝභිත නාහිමියෝ අනුශාසනාවක් පැවැත්වූහ.

 

ධර්ම දේශනාව:

නිරෝගි වීමේ රහස පෙන්වා දෙන දෝණපාක සූත්‍රය

ථේරවාද බුදු දහමෙහි විනය, සූත්‍ර, අභිධර්ම යන ත්‍රිපිටකයට අයත් බොහෝ දේශනා පුද්ගලයාගේ මෙලොව පරලොව යන දෙලොව සැප සඳහා තථාගත බුදුපියාණන් වහන්සේ විසින් දේශිත ඒවා ය. ඒ අතුරින් සූත්‍ර පිටකයෙහි ප්‍රධාන කොටස් පහ අතුරින් සංයුත්ත නිකායට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව සරල කෙටි දේශනාවන්ගෙන් සමන්විත මෙකී නිකාය සඳහා සූත්‍ර 7762 ක් ඇතුළත් බව සංයුත්ත නිකායට ලියන ලද අටුවා ග්‍රන්ථය වන සාරත්ථප්පකාසනියෙහි මැනවින් කරුණු සඳහන් වේ. සංයුත්ත නිකායෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි සංයුත්ත නමින් කොටස් 11කට බෙදා ඇති අතර, ඒ අනුව සියලු සූත්‍ර දේශනා සංග්‍රහ කොට ඇති බව දැකිය හැකි ය. “කෝසල සංයුත්තය” එයින් එක් සංයුත්තයකි. එහි සඳහන් වන්නේ පසේනදි කොසොල් මහ රජතුමා පිළිබඳව හා එතුමා අරභයා දේශනා කොට ඇති දහම් කරුණු ය. ඒ අනුව කෝසල සංයුත්තයෙහි සඳහන් ඉතා වැදගත් සූත්‍ර දේශනාවක් ලෙස “දෝණ පාක” සූත්‍රය හැඳින්විය හැකි ය. දිනක් කොසොල් මහ රජු බුදුපියාණන් වහන්සේ වෙත එළැඹියේ ය. උන්වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පසෙක හුන්නේ ය. රජු බොහෝ සෙයින් ආහාර අනුභව කොට දැඩි අපහසුතාවෙන් සිටින බව දුටු බුදුරදුන් රජුට ශරීර සුවයට හේතු වන කරුණු දේශනා කොට වදාළහ. එහිදී, හැම කල්හි සිහිය ඇති, ලැබුණු ආහාරයෙහි පමණ දන්නා මිනිසාගේ දුක් වේදනා දුරු වේ. වැළඳූ ආහාර සෙමින් දිරවයි. ආයුෂ වැඩිවෙයි. යනුවෙන් තථාගතයන් වහන්සේ පසේනදි කොසොල් මහ රජුට ආහාර වැළඳිය යුතු අයුරු මෙන්ම එයින් දීර්ඝායු සම්පත් ලැබෙන බව පෙන්වා දුන්හ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]