[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික මාලිගාතැන්න විවේක සේනාසනය
ඡායාරූපය - සමන්ත වීරසිරි

 බිනර අමාවක

පෝය 

 සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

ජපානයේ බිනර පෝදා පින්කම්

කොරෝනා වසංගතය නිසා දැඩි බලපෑම් එල්ල වූ ජපානය අදටත් යථා තත්ත්වයට පත්ව නො මැත. එසේවුවත් ජපානයේ බොහෝ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට උත්සාහ ගන්නේ අවධානය, ඉවසීම, කරුණාව, මෛත්‍රිය ද පෙරදැරි කරගෙන ය. සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පසුගිය පුර පසළොස්වක පොහෝ දිනට අදාළ වස් වැසීම ද, බිනර පොහෝ දින ථෙරවාදී බෞද්ධ සංකල්පයට මුල් තැනක් ලබා දී ජපානයේ ශී‍්‍ර සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී පින්කම් රැසක් සිදු කෙරුණි. ඒ සඳහා ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන් මුල් විය. උන්වහන්සේගේ මූලිකත්වයෙන් සීල සමාදානය ඇතුළු පින්කම් රැසක් පැවැත් විය. ශ්‍රී ලංකාවේ මෙන්ම මේ සියලු ආගමික කටයුතු සිදු කෙරුණේ කොරෝනා වසංගතය ද මධ්‍යයේ වීම විශේෂයි. ඒ සඳහා විහාරවාසී කැටපොළේ යසස්සි හිමි, මැදගම අමරනන්ද හිමි, බද්දේගම වංශාලංකාර හිමිවරු ද සහභාගි වූහ.

 

ධර්ම දේශනාව:

යහපත් ආකල්ප දෙලොව දියුණුව ගෙන දෙයි

“හනන්ති භොගා දුම්මෙධං - නො ච පාරගවේසිනො - භොගතණ්හාය දුම්මෙධා - හන්ති අඤ්ඤෙ ච අත්තනං” මෙම ගාථා ධර්මය බෞද්ධයාගේ අත්පොත යන ගෞරව නාමයෙන් පිදුම් ලබන ඛුද්දක නිකායට අයත් ධම්ම පදයෙහි තණ්හා වග්ගයට අයත් වූවෙකි. එහි සරල අර්ථය නම්, අනුවණ පුද්ගලයා වස්තු තණ්හාව හේතු කොට ගෙන” අනුන් නසයි. එමෙන් තමන් ද නසන්නේ ය” යන්නයි. තථාගතයන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළේ අපුත්තක නම් සිටුවරයකු අරමුණු කොටගෙන ය. සැවැත් නුවර සුවිශාල ධනයක් උරුම ව සිටි මොහු ආහාරයට ගත්තේ නිවුඩු හාලේ බත් සහ කාඩි හොද්දක් පමණි. වැහැරී ගිය සළු හැඳි හෙතෙම දිරා ගිය රියකින් ගමන් කළේ ය. දරු සම්පත් නොලද්දේ ය. ධනය මත්තෙහි ම ඇලෙමින් දැඩි ලෝභී දිවියක් ගත කළේ ය. හදිසියේ ම හටගත් රෝගී තත්ත්වයක් නිසා අපුත්තක සිටුවරයා මරණයට පත් විය. මොහුගේ මරණයෙන් පසු එකී ධනයට හිමිකරුවකු නොවූ හෙයින් ඒ සියල්ල ම රටේ රජුට හිමි විය. දින හතක් පුරා පසේනදි කොසොල් මහ රජතුමා තම සේවකාදීන් යොදවා මෙම මහා ධනස්ඛන්ධය රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙන එන්නට විය. මේ නිසා සත් දිනකින් බුදු රදුන් හමුවට යාමට මහ රජුට නොහැකි විය. සත් වැනි දින දවල් යාමයෙහි දෙව්රම් වෙහෙරට යන කොසොල් රජු තථාගත බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාරය කොට පසෙක හිඳ පිළිසඳර කතාවෙහි යෙදුණි. එවිට බුදු හිමියන් විමසා සිටියේ දින හතකින් නොපැමිණියේ ඇයි ද යන්නයි. එවිට රජතුමා අපුත්තක සිටුවරයාගේ මරණය පිළිබඳ සැළ කර එම මහා ධනයට උරුමකම් කීමට කිසිවෙකු නොවූ හෙයින් ඒ සියල්ල රැගෙන ඒම සඳහා ගිය බව ප්‍රකාශ කර සිටියේ ය. පසුව කොසොල් මහ රජු විසින් බුදු හිමියන්ගෙන් විමසනු ලැබුවේ භාග්‍යවතුන් වහන්ස, මෙම සිටුවරයාට මෙතරම් සුවිශාල ධනයක් තිබුණ ද නිසි සැපයක් විඳීමට නොහැකි වූයේ ඇයි ද යන්නයි.

 

ස්වරාජ්‍ය පාලනය

"ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සම්බුද්ධ ශාසනයේත්, සිංහල ජාතියේත්, භාෂාවේත් පුනරුදය හා උන්නතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ වීරවරයෙකි. මෙවන් දෑ හිතකාමී, උදාර චරිත පිළිබඳ ව නිරන්තරයෙන් කියැවීමත්, අපගේ ළමා පරපුර මනාකොට දැනුම්වත් කිරීමත් වැඩිහිටියන්ගේ වගකීමක් ව තිබේ. ඒ, අප රටෙහි බස - රැස - දෙස - සසුන සුරකින ධර්මපාල පරපුරක් ගොඩනඟා ගනු පිණිස ය. අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් විසින් ලියන ලද ‘දැන ගත යුතු කරුණු’ නම් ලිපි මාලාවෙන් උපුටා ගත් මෙම ලිපිය ධර්මපාල චින්තනයෙන් බිඳක් හඳුන්වා දෙනු පිණිස ඉදිරිපත් කෙරේ." 

 

ජාතියේ පිනට පහළ වූ මහා ප්‍රාඥයා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

ලෝකයෙහි ඒ ඒ රටවල කලින් කල ශ්‍රේෂ්ඨ ආගමික නායකයෝ, සාන්තුවරයෝ, වීරවරයෝ, ජන නායකයෝ, මහා ප්‍රාඥයෝ පහළ වෙති. 1864 සැප්තැම්බර් මස 17 වැනි දින ලක්දිව ශ්‍රීමත් හේවාවිතාරණ පවුලෙහි උපත ලද අනගාරික ධර්මපාලතුමා ද මෑත අතීතයේ ලක්දිව පහළ වූ එබඳු උතුමකු බව සඳහන් කිරීම විවාද රහිත ය. එතුමා තම ධනයත් – තම ශ්‍රමයත් – තම කාලයත් – තම බුද්ධියත් – තම ජීවිතයත් මේ පුංචි රටේ අභිවෘද්ධිය සඳහාත් සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහාත් කැප කළ බව නොරහසකි. වයස අවුරුදු 29 වෙත් ම තරුණ ධර්මපාල තුමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන නාමය ද ඉවත් කොට ඉහත සඳහන් ආගමික – ජාතික නාමයෙන් හෙළ දිව ප්‍රචලිත පුද්ගලයෙක් බවට පත්විය. මේ වකවානුවේ දී ම අමෙරිකාවේ චිකාගෝ නුවර පැවැත් වූ දෘෂ්ඨි සම්මේලනයට සහභාගිවීමට ආරාධනා ලැබුණේ අපේ අනගාරික ධර්මපාල තුමාටය. මෙම සම්මේලනයට ඉන්දියාවෙන් සහභාගි වූවේ එරට ශ්‍රේෂ්ඨ නාමයක් දිනාගෙන සිටි ස්වාමි විවේකානන්ද තුමා ය. අනෙකුත් රට රාජ්‍යවලින් ද දාර්ශනික විද්වතුන් රාශියක් මෙම සම්මේලනයට සහභාගි වූහ. එහි දී අපේ අනගාරික ධර්මපාල තුමන්ට ද මූලාසනයෙන් තම කතාවට ආරාධනා ලැබුණි. තලඑලලු සිරුරත්, බෙල්ල පසුපසට ඇදහැලුණු, කැරලිගැසුණු කේශ කලාපයත්, සුදු වන් වස්ත්‍රයෙන් සැරසුණු මහේශාක්‍ය උපාසක පෙනුමත්, සුරත හා දබරැඟිල්ලත් සභාව වෙත දිගුකොට, ලෙලවමින් මුළු සිරුර ම සලිත කරවමින් බෞද්ධ නියෝජිත විද්වත් ධර්මපාල තුමා එදා චිකාගෝ දෘෂ්ඨි සම්මේලන වේදිකාවේ සිට තම දේශනය ආරම්භ කළහ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk