ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ බිනර අමාවක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ධර්ම දේශනාව:
“හනන්ති භොගා දුම්මෙධං - නො ච පාරගවේසිනො - භොගතණ්හාය දුම්මෙධා - හන්ති අඤ්ඤෙ ච අත්තනං” මෙම ගාථා ධර්මය බෞද්ධයාගේ අත්පොත යන ගෞරව නාමයෙන් පිදුම් ලබන ඛුද්දක නිකායට අයත් ධම්ම පදයෙහි තණ්හා වග්ගයට අයත් වූවෙකි. එහි සරල අර්ථය නම්, අනුවණ පුද්ගලයා වස්තු තණ්හාව හේතු කොට ගෙන” අනුන් නසයි. එමෙන් තමන් ද නසන්නේ ය” යන්නයි. තථාගතයන් වහන්සේ මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළේ අපුත්තක නම් සිටුවරයකු අරමුණු කොටගෙන ය. සැවැත් නුවර සුවිශාල ධනයක් උරුම ව සිටි මොහු ආහාරයට ගත්තේ නිවුඩු හාලේ බත් සහ කාඩි හොද්දක් පමණි. වැහැරී ගිය සළු හැඳි හෙතෙම දිරා ගිය රියකින් ගමන් කළේ ය. දරු සම්පත් නොලද්දේ ය. ධනය මත්තෙහි ම ඇලෙමින් දැඩි ලෝභී දිවියක් ගත කළේ ය. හදිසියේ ම හටගත් රෝගී තත්ත්වයක් නිසා අපුත්තක සිටුවරයා මරණයට පත් විය. මොහුගේ මරණයෙන් පසු එකී ධනයට හිමිකරුවකු නොවූ හෙයින් ඒ සියල්ල ම රටේ රජුට හිමි විය. දින හතක් පුරා පසේනදි කොසොල් මහ රජතුමා තම සේවකාදීන් යොදවා මෙම මහා ධනස්ඛන්ධය රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙන එන්නට විය. මේ නිසා සත් දිනකින් බුදු රදුන් හමුවට යාමට මහ රජුට නොහැකි විය. සත් වැනි දින දවල් යාමයෙහි දෙව්රම් වෙහෙරට යන කොසොල් රජු තථාගත බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාරය කොට පසෙක හිඳ පිළිසඳර කතාවෙහි යෙදුණි. එවිට බුදු හිමියන් විමසා සිටියේ දින හතකින් නොපැමිණියේ ඇයි ද යන්නයි. එවිට රජතුමා අපුත්තක සිටුවරයාගේ මරණය පිළිබඳ සැළ කර එම මහා ධනයට උරුමකම් කීමට කිසිවෙකු නොවූ හෙයින් ඒ සියල්ල රැගෙන ඒම සඳහා ගිය බව ප්‍රකාශ කර සිටියේ ය. පසුව කොසොල් මහ රජු විසින් බුදු හිමියන්ගෙන් විමසනු ලැබුවේ භාග්‍යවතුන් වහන්ස, මෙම සිටුවරයාට මෙතරම් සුවිශාල ධනයක් තිබුණ ද නිසි සැපයක් විඳීමට නොහැකි වූයේ ඇයි ද යන්නයි.
සැප්තැම්බර් 16 බදාදා අපර භාග 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්පතින්දා අපරභාග 04.30 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
අමාවක
සැප්තැම්බර් 17
පුර අටවක
සැප්තැම්බර් 24
පසළොස්වක
ඔක්තෝබර් 01
අව අටවක
ඔක්තෝබර් 09
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]