[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

වස්සානය සහ සිවුරේ කථාව

මේ දිනවල භික්ෂූන් වහන්සේ විසින් හැඳ පෙරව ගන්නා සිවුර පිළිබඳ පොදුවේ බොදු ජනතාව අතර වඩාත් කතාබහට ලක්වන කාලයක්. කවුරුත් බලන්නේ පන්සලේ පැවැත්වෙන කඨිණ පින්කමේ දී ඊට සම්බන්ධ වී පින් එක්රැස් කර ගන්නට යි. සිවුර පිළිබඳ බොදු ජනතාව තුළ ඇත්තේ මහත් ගෞරවයක්, අසීමිත භක්තියක්. අරහත් ධජය ලෙසයි මෙය හඳුන්වන්නේ. ඒ නිසා මේ සිවුර හෙවත් චීවරය ගැන අපේ බුදුරජාණන් වහන්සේගේ දෙසුම් ඇසුරෙන් යමක් විමසා දැන ගැනීම වටිනවා කියා සිතනවා. දවසක් බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට විශාලා නුවරට පා ගමනින් වැඩම කරමින් සිටියා. හදිසියේ මේ ගමන් මාර්ගයෙහි ඈත එපිට කෙළවරෙන් ඉදිරියට පැමිණෙමින් සිටි පිරිසක් උන්වහන්සේගේ නෙත ගැටුණා. මේ අය හොඳට වෙහෙසට පත්වෙලයි මේ ඉදිරියට එන්නේ. තව තවත් ළං වෙන පිරිස දුටු උන්වහන්සේට ඒ වෙහෙසට හේතුව වැටහුණා. එක උරහිසක් මත කුමක් දෝ මහ බරක් දරමින් ඒ උරහිස එක් ඇලයකට පාත් කර ගෙන එන මේ හෙම්බත් වුණු පිරිසක්. තවදුරටත් ළං වෙන කොට උන්වහන්සේට වැටහුණා මේ කවරෙකුත් නොව සිවුරු රැසක් බරින් බරට කරට ගත් තමන්වහන්සේගේ ම ශ්‍රාවක භික්ෂූන් පිරිසක් මෙසේ ඉදිරියට වඩිමින් සිටින බව.


ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]