[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

හැම සුවඳ පරදවන සිල් සුවඳ

ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනය කරුණු කීපයක් නිසා ශාසන ඉතිහාසයේ සුවිශේෂී පෝය දිනයක් ලෙසින් සැලකෙයි. ප්‍රථම ධර්ම දූත පිරිස ධර්ම ප්‍රචාරය ඇරඹීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිල දමනය පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් තෙරුන් වහන්සේ නාලක නම් උපන් ගමේ, උපන් නිවසේ දී පිරිනිවන්පෑම යන මේ ශාසනික කරුණු සිදු වූයේ මෙම උතුම් පොහොය දිනයේ දී ය. පසුවස් පවාරණය හා කඨින චීවර පූජා කළ හැකි අවසන් දිනය වීම නිසා ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දිනය සියලූ බෞද්ධයන්ට ඉතා වැදගත් පොහෝ දිනයක් වේ. ඉහත දැක්වූ සංයුක්ත නිකායේ ජටා සූත්‍රයේ එන ගාථා පාඨයන්ට අනුව “මුළු සත්ත්ව ප්‍රජාව ම ඇතුළත හා පිටත දෙක්හි ම අවුලෙන් අවුල්ව සිටිති, මේ අවුලෙන් නිදහස් විය හැක්කේ කෙසේදැයි” ගෞතම සර්වඥයන් වහන්සේගෙන් විමසන ලදුව, භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ, “සීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව වැඩීමෙන් කෙලෙස් නමැති අවුල නිරවුල් කර ගත හැකි බව ය. රාගයත්, ද්වේශයත්, අවිද්‍යාවත් දුරු කිරීමෙන්, නාම රූප කෙරෙහි ඇලීම හා රූප සංඥාවන් ඉතිරියක් නොමැතිව දුරු කිරීමෙන් මෙම තෘෂ්ණාව නමැති අවුල නිරවුල් කර ගත හැකි බව” දේශනා කොට වදාළ සේක.


ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]