[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිසාගෝතමිය බුදුරදුන්ගේ
පිහිට පැතීම

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

සදහම් යාත්‍රා දඹදිව වන්දනාව...

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට සියවසක් පිරීම නිමිත්තෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කළ සදහම් යාත්‍රා දඹදිව චාරිකාව සියක් දෙනෙකුගේ සහභාගීත්වයෙන් නව දිල්ලිය, ආග්‍රා, සංකස්සපුරය, සැවැත් නුවර, කපිලවස්තුපුරය, ලුම්බිනිය, කුසිනාරා නුවර, විශාලා මහනුවර, බුද්ධගයාව, රජගහ නුවර, බරණැස යන සිද්ධස්ථානයන් හි වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපය තුළ පැවැත්විණ. සැවැත් නුවර ජේතවනාරාමයේ දී වප් පොහොය දින උදෑසන කිරිපිඬු දානය පෙරහරකින් වඩමවා සියක් දෙනෙකුගේ සහභාගීත්වයෙන් සීල සමාදානය ද සිදුකරන ලදී. එදින හීල් දානමය පින්කමක් ද බෞද්ධ සම්මේලනය මඟින් සිදුකළ අතර, සවස් යාමයේ ජේතවනාරාමයේ සුගන්ධ කුටිය වෙත චීවර පූජාවක් ද පවත්වා සන්ධ්‍යා භාගයේ ආනන්ද බෝධිය අභියස සත්බුදු වන්දනාව සහ බෝධි පූජාමය පින්කමක් ද පැවැත්විය. බුදුන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාරා නුවර දී බුදුන් වහන්සේ වෙත චීවර පූජාවක් සිදුකළ අතර, සවස් යාමයේ දී සියවස් සැමරුම වෙනුවෙන් කුසිනාරා නුවර ආදාහන චෛත්‍යයේ දී පහන් 1000 ක පූජාවක් ද සිදුවිය.

ධර්ම දේශනාව:

අසිරිමත් බුද්ධ රත්නය

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ දීර්ඝ කාලයකට පසුව ය. “බුද්ධෝත්පාදෝව දුල්ලභෝ” “කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ” යනාදී වශයෙන් ධම්ම පදයෙහි සඳහන් ගාථා ධර්ම තුළින් ඒ බව මනාව පැහැදිලි වේ. බුදුවරුන් ලොව පහළ වන්නේ මිනිස් සන්තානය පිරිසුදු කොට සසර දුකින් මුදවාලීම උදෙසා ය. මිනිසුන්ගේ ආයුෂ ලක්ෂයකට වැඩි නොවීමත්, සියයකට අඩු නොවීමත් යන කාල තුළ බුදුවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වනු ඇත. දීපංකර බුදු හිමිගේ පටන් කාශ්‍යප බුදු හිමි දක්වා පහළ වූ සියලු බුදුවරු අවුරුදු දහස් ගණන් ආයුෂ ඇති යුගයන්හි ඉපදීම සිදු වූයේ එම හේතුව නිසා ය. නමුදු ගෞතම බුදු හිමිට බුද්ධ කෘත්‍යය දහම් ( බුදුකුරු දහම්) මුහුකුරා යෑම පමාවීම හේතුවෙන් බුදු වීම ද ප්‍රමාද විය. ඒ අනුව උප්පත්තිය මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු සියයක් පැවති යුගයක සිදු වූයේ එම යුගය ඉක්ම යෑමෙන් එම බුදු උපතට කාලය නොලැබෙන නිසා විය යුතු ය. ගෞතම බුදු හිමිගේ පහළ වීම ඉතා දුෂ්කර යුගයක සිදු වූ බැවින් ගිනි ජාලාවක් මැද සුපිපි පියුමක් විලසින් එය ඉතා දුෂ්කර සේ ම දුර්ලභ කාරණයක් වශයෙන් සිතීමට පුළුවන. ගෞතම බුදු හිමිට තම සේවාවන් සිදු කිරීමට තිබුණේ අවුරුදු 45 ක් වැනි ඉතා සීමිත කාලයකි. එම කෙටි කාලය තුළ උන් වහන්සේ දීර්ඝ කාලයක් ගතකොට කරන සියලු සේවාවන් සිදු කළහ.
 

ගිහි ගෙදරට දහම් වැටක්:

දෙන හැම දෙයක්ම දානයක් බවට පත්වන්නේ නැත

දානය අනිකකි. දීම තවත් එකකි. දෙන හැම දෙයක් ම දානයක් බවට පත්වන්නේ නැත. දානය මූලික කොටස් තුනකට දක්වා ඇත. එනම්, ආමිස දානය , අභය දානය හා ධර්ම දානය ලෙසිනි. වර්තමාන සමාජයෙහි ඇතැමුන් දානය ලෙස සලකනු ලබන්නේ ආමිස දානයයි. දානයක් දීමේ දී දානය වශයෙන් තමා දෙන ලද දෙය (දෙය්‍යධම්ම) තමාගේ ම දහදිය මහන්සියෙන් උපයන ලද ධාර්මික වස්තුවක් විය යුතු ය. අධාර්මික ව උපයනු ලැබූ දෙයින් ලබාදෙන දානයෙහි පින අඩු බව දහම පෙන්වා දෙයි. කුමන චේතනාවකින් දුන්නත් තමා සාහසික ලෙස හරි හම්බ කරමින් දෙන දානය මහත්ඵල මහානිශංස වන්නේ නැත. ආමිස දානයේ දී ප්‍රධාන වශයෙන්ම චේතනාව අත්‍යවශ්‍ය වුව ද, දන්දෙන ලද දෙය හරි හම්බ කරනු ලැබූ ක්‍රමය ද ඉතාමත් වැදගත් ය. සාහසික ලෙස හරි හම්බ කළ විට ඉන් ලැබෙන ආනිසංශයක් ද නැත. පුද්ගලයකු හෝ සත්වයකුª මරණයෙන් නිදහස් කළ හැකි නම්, එය ආමිස දානයට වඩා වැඩි ලෙස පින් වැඩෙන කුසලයකි. එසේ වුව ද, තමන් අභය දානය දුන් පසු ඒ සඳහා යම්කිසි මුදලක් හෝ වෙනත් යමක් තමනට ලැබෙන්නේ නම්, ඉන් තමාට කුසලයක් ලැබෙන්නේ නැත. සියලු දාන අභිබවා පෙරමුණ ගනු ලබන්නේ කුසල කර්මයයි.
 

ජීවිතයට අරමුණක් අරමුණට සැලසුමක්

තම අරමුණට අදාළ ගමනක් යාමේ දී කවර බාධා පැමිණිය ද, ඒවා පසෙකලා අරමුණට යා යුතු ය. එහෙත් යා යුතු ස්ථානයට යාම අත හැර බොහෝ අය මග දී නතර වනු ලැබේ. අපගේ ජීවිතය සකස් කරගත යුත්තේ අරමුණ වෙත නිරන්තරයෙන් ගමන් කිරීම සඳහා ය. ඒ අරමුණට යාම සඳහා තම මනස තීව්‍රකර ගැනීම ද අනිවාර්යයෙන් කළ යුත්තකි. ජීවිතයේ මෙතෙක් අරමුණක් නොමැති වූ අය අරමුණක් ඇතිකරගත යුතු යි. එමෙන්ම අරමුණු ඇති අය නින්දෙන් පිබිදුනු හිමිදිරියේම තම අරමුණ මෙනෙහි කළ යුතුය. එසේ මෙනෙහි කළ දිනයන්හි දින සටහනේ ද එය ලකුණු කර ගත යුතු වේ. ඒ අයුරෙන් අත්දකින එම ක්‍රියාවන් හෙට සිට ආරම්භ කළහොත්, හෙට දින සටහන් පොතේ හරි ලකුණක් සටහන් වේ. හෙට මෙන් ම අනිද්දා ද එසේම සිහියට නැගි දින සටහන් පොතෙහිද ලකුණු වේ. එහෙත් අනිද්දා දිනයෙන් පසු දින දෙකක් අරමුණ සිහියට ගැනීම එක දිගට ම සිදුවීමට පටන් ගනී. එසේ වූයේ කෙසේදැයි විමසා බලන්න. අරමුණ සිහිකිරීමේ පුරුද්දට හුරුවීම නිසා එසේ සිදුවන බව අවබෝධ වනු ඇත. එක දිගට ම තම අරමුණ මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් ඒ අරමුණෙහි හිත තීව්‍රව ගමන් කරන ආකාරයට හිත සකස් කර ගත යුතු ය. අනතුරුවත් වැරැදී ගිය අවස්ථා පවා නැවත නැවතත් පිරික්සා කළ යුතු වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]