[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් යාත්‍රා දඹදිව වන්දනාව...

සදහම් යාත්‍රා දඹදිව වන්දනාව...

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට සියවසක් පිරීම නිමිත්තෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කළ සදහම් යාත්‍රා දඹදිව චාරිකාව සියක් දෙනෙකුගේ සහභාගීත්වයෙන් නව දිල්ලිය, ආග්‍රා, සංකස්සපුරය, සැවැත් නුවර, කපිලවස්තුපුරය, ලුම්බිනිය, කුසිනාරා නුවර, විශාලා මහනුවර, බුද්ධගයාව, රජගහ නුවර, බරණැස යන සිද්ධස්ථානයන් හි වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපය තුළ පැවැත්විණ.

සැවැත් නුවර ජේතවනාරාමයේ දී වප් පොහොය දින උදෑසන කිරිපිඬු දානය පෙරහරකින් වඩමවා සියක් දෙනෙකුගේ සහභාගීත්වයෙන් සීල සමාදානය ද සිදුකරන ලදී.

එදින හීල් දානමය පින්කමක් ද බෞද්ධ සම්මේලනය මඟින් සිදුකළ අතර, සවස් යාමයේ ජේතවනාරාමයේ සුගන්ධ කුටිය වෙත චීවර පූජාවක් ද පවත්වා සන්ධ්‍යා භාගයේ ආනන්ද බෝධිය අභියස සත්බුදු වන්දනාව සහ බෝධි පූජාමය පින්කමක් ද පැවැත්විය.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාරා නුවර දී බුදුන් වහන්සේ වෙත චීවර පූජාවක් සිදුකළ අතර, සවස් යාමයේ දී සියවස් සැමරුම වෙනුවෙන් කුසිනාරා නුවර ආදාහන චෛත්‍යයේ දී පහන් 1000 ක පූජාවක් ද සිදුවිය.

බුද්ධගයා පුද භූමිය තුළදී ද සියක් දෙනෙකුගේ සහභාගීත්වයෙන් සීල සමාදානය සිදු වූ අතර, කිරිපිඬු දානය ද පෙරහරකින් වඩමවා බුදුන් වහන්සේ විෂයෙහි පූජා කළේ ය. සියක් දෙනා එකට එක් වී සත්සතිය වන්දනා කළ අතර, එදිනම බුද්ධගයා පුද භූමියේ දී අලංකාරමත් චීවර පූජාවක් ද පැවැත්විය. සියලුම ස්ථානවල පුද පූජා පවත්වා මූලගන්ධ කුටි විහාරය වන්දනාමාන කර අවසානයේ දී එම ස්ථානයේ ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාවට ද සියලු දෙනා සහභාගී වූ හ.

එම වන්දනාමාන කළ ස්ථානයන් හි ස්වාමීන් වහන්සේලා වෙත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් සියවස් සැමරුම වෙනුවෙන් සිහිවටනයන් ද ප්‍රදානය කෙරුණි.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]