මහනුවර ඇසළ පෙරහර ගමන් මග
2018 වැන්නෙහි අගෝස්තු මස 12 වෙනි රිවි දින පෙරවරු 06 පසුවී විනාඩි 02 ට දකුණු
දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලද “පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව්
දේවාලයන් ප්‍රධාන කොට ඇති සියලු විහාර, දේවාලයන්හි පූර්වාභිමත්ව ඇසළ “කප්” සිටුවීම
සිදු කෙරිණි.
2018 අගෝස්තු මස 16 දින, ගුරු දින සම්මත වේලාවෙන් අපරභාග 06 පසුවී විනාඩි 01 ට වයඹ
දිශාභිමුඛව දේවාලයන්හි පෙරහර පිටත්ව, සිරිත් පරිදි ශ්‍රී දන්තධාතු මන්දිරය
ඉදිරිපිටට පැමිණි පසුව, රාත්‍රී 06 පසුවී විනාඩි 16 ට වයඹ දිශාභිමුඛව පෙරහර පිටත්ව
දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ පන්සල
පාරේ ඉහළට පැමිණ, දේවවීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය), යටිනුවර
වීදිය, රජ වීදිය, ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.
ඉතිරිය»
පොළොන්නරුව රන්කොත් වෙහෙරේ
අරහන්තක වන්දනාව
18 වනදා සවස 4.00 සිට පසුදා පහන් වනතුරු
පොළොන්නරුව සොළොස්මස්ථාන රාජමහා විහාරාධිපති මහා
විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා
විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර ශාස්ත්‍රපති
වේඬරුවේ උපාලි අනු නා හිමිපාණන් වහන්සේගේ
ආශිර්වාදයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ
අනුශාසකත්වයෙන් මේ මස 18 වන දින සවස 4.00 සිට
අසිරිමත් අරහන්තක වන්දනා පින්කමක් පොළොන්නරුව
රන්කොත් වෙහෙර වහන්සේ අභියස පැවැත්වීමට කටයුතු
යොදා ඇත.
ඉතිරිය»
සෙංකඩගලපුර
සිරි දළදා වරුණ:
දිය කැපුම් මංගල්ලය
අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන දිනයෙහි පෙරහර ආරම්භවීමට පෙර පුල්ලෙයාර් එනම් ගණදෙවි
කෝවිලේ භාරකාර මණ්ඩලය පූජා වස්තූන් රැගෙන පැමිණ වතාවත්හි යෙදී දියවඩන නිලමේතුමාට ද
ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම වර්තමානයෙහි වැදගත් චාරිත්‍රයකි.
මෙම අවසන් මහ පෙරහර වීදි සංචාරය අවසානයේ මධ්‍යම රාත්‍රියේ දී කෙටි පෙරහරකින් පෙරහර
කරඬුව අස්ගිරියේ ගෙඩිගේ විහාරය වෙත වැඩම වීම අතීතයේ සිට පවතින චාරිත්‍රයකි.
අස්ගිරි ගෙඩිගේ විහාරය වෙත පෙරහර ළඟා වූ විට පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයෙහි තැන්පත්
කිරීම සිදුවේ.ඇසළ හෝ නිකිණි පෝය දින අවසන් රාත්‍රී මහ පෙරහර ගෙවැදීමෙන් අනතුරුව පසුදින දියකැපුම්
පෙරහර ආරම්භ වේ. සතර මහා දේවාලයේ කපු මහත්වරු සමඟ පවත්වන දිය කැපුම් පෙරහර ගැටඹේ
තොටට ළඟා වේ. එහි බෝධීන් වහන්සේ අසල දෝලාවන් තැන්පත් කොට. කපු මහත්වරුන් ගඟ දිය
මැදට ගොස්, අටමඟල ඇඳවා ස්ත්‍රෝත්‍ර ගායනා කොට, රැගෙන ගිය කප හා පසුගිය වසරේ පුරවා
ගත් දිය කොටස ගඟ දියට එක්කොට රන් කඩුවෙන් දිය දෙබෑ වන සේ දිය කපා රැගෙන යන කෙණ්ඩියට
යළි ගං දිය පුරවා ගැනීම සිදුවේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
අයං වසසාන කාලො: සැප කැමැත්තෝ සිත් සකසාගත යුතු
දුන්නිග්ගහස්ස ලහුනෝ - යත්ථ කාම නිපාතිනෝ
චිත්තස්ස දමතෝ සාධු -චිත්තං දන්තං සුඛා වහං
රුචි අරමුණු පසුපස යන සිත, දමනය කිරීම යෙහෙකි. හික්මවූ එම සිත, සැපය සඳහා හේතු වේ.
තථාගතයන් වහන්සේගේ නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ කරුණු අතර මූලික ස්ථානයක් සිත
පිළිබඳව යොමු වී ඇති ආකාරය ත්‍රිපිටක ධර්මය තුළින් අනාවරණය වේ. ධම්ම පද පාලියෙහි
චිත්ත වග්ගය ද සිත පිළිබඳව ඉතා සරලව අපට තොරතුරු සපයන ස්ථානයකි. විවිධ උපමා
උපමේයයන් ද මේ සඳහා යොදා ගෙන ඇති අයුරු දැක ගත හැකි ය. සිත නොරැකිය හැකි බව පමණකුදු
නොව වංක බව පිළිබඳවත් එසේ ඇද ගැසෙන සිත වඩු කාර්මිකයෙකු ලීයක ඇද හරින්නාක් මෙන් ඍජු
කර ගත යුතු ආකාරය ද දැක්වේ. එසේම සිතෙහි ඇති සැළෙන බව දැක්වීම සඳහා දියෙන් ගොඩගත්
මත්සයෙකුගේ හැසිරීම් රටාව අපේ අවධානයට ලක්කොට ඇත. පුහුදුන් සත්වයින්ගේ නිරන්තර
අපේක්ෂාව වන්නේ සැප කැමතිවීමය. එමෙන් ම එම සැප ළඟා කරගැනීම සඳහා ක්‍රියාත්මක වීම ය.
සැපයෙහි ස්වභාවය ලෞකික සහ ලෝකෝත්තර යනුවෙන් දෙආකාර වේ.
ඉතිරිය» |