UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අයං වසසාන කාලො:

සැප කැමැත්තෝ සිත් සකසාගත යුතු

දුන්නිග්ගහස්ස ලහුනෝ - යත්ථ කාම නිපාතිනෝ
චිත්තස්ස දමතෝ සාධු -චිත්තං දන්තං සුඛා වහං

රුචි අරමුණු පසුපස යන සිත, දමනය කිරීම යෙහෙකි. හික්මවූ එම සිත, සැපය සඳහා හේතු වේ. තථාගතයන් වහන්සේගේ නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ කරුණු අතර මූලික ස්ථානයක් සිත පිළිබඳව යොමු වී ඇති ආකාරය ත්‍රිපිටක ධර්මය තුළින් අනාවරණය වේ. ධම්ම පද පාලියෙහි චිත්ත වග්ගය ද සිත පිළිබඳව ඉතා සරලව අපට තොරතුරු සපයන ස්ථානයකි. විවිධ උපමා උපමේයයන් ද මේ සඳහා යොදා ගෙන ඇති අයුරු දැක ගත හැකි ය. සිත නොරැකිය හැකි බව පමණකුදු නොව වංක බව පිළිබඳවත් එසේ ඇද ගැසෙන සිත වඩු කාර්මිකයෙකු ලීයක ඇද හරින්නාක් මෙන් ඍජු කර ගත යුතු ආකාරය ද දැක්වේ. එසේම සිතෙහි ඇති සැළෙන බව දැක්වීම සඳහා දියෙන් ගොඩගත් මත්සයෙකුගේ හැසිරීම් රටාව අපේ අවධානයට ලක්කොට ඇත. පුහුදුන් සත්වයින්ගේ නිරන්තර අපේක්ෂාව වන්නේ සැප කැමතිවීමය. එමෙන් ම එම සැප ළඟා කරගැනීම සඳහා ක්‍රියාත්මක වීම ය. සැපයෙහි ස්වභාවය ලෞකික සහ ලෝකෝත්තර යනුවෙන් දෙආකාර වේ. ලෞකික සැප අපෙක්ෂාවෙන් නිරන්තරව උත්සාහ වන බොහෝ පිරිසක් ඇතිවා මතු නොව අස්සාදනීයත්වය එහි ස්වභාවය වේ. එම ආශ්වාදනීය බවෙහි තාවකාලිකත්වය දන්නේ නමුදු බොහෝ දෙනා ශීඝ්‍රයෙන් හඹා යනුයේ ඒ සඳහාම ය. ලෝකෝත්තර සැපයෙහි සුවිශේෂත්වය වන්නේ අවින්දනීය බවය. එය සැපයක් වන්නේ ද එනිසාම ය. කෙසේ නමුත් කිනම් සැපයක් සඳහා වුව ද අපේ සිතට හිමි වන්නේ ප්‍රමුඛතාවයක් ම ය. ඉහත ගාථා ධර්මයෙන් පැහැදිලි කරනුයේ ද සිතෙහි ඇති මෙම ‘ස්වභාවය පිළිබඳව“ “දුන්නිගහස්ස” යනු දමනය කිරීමට ඇති අසීරුතාවය පැහැදිලි කරන යෙදුමකි.

ඉතිරිය»

 

නිකිණි මස පුර අටවක පෝය


නිකිණි මස පුර අටවක පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා පූර්වභාග 01.06 ට ලබයි. 19 වන දා ඉරිදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 18 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]