UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර ගමන් මග

මහනුවර ඇසළ පෙරහර ගමන් මග

2018 වැන්නෙහි අගෝස්තු මස 12 වෙනි රිවි දින පෙරවරු 06 පසුවී විනාඩි 02 ට දකුණු දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලද “පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන් ප්‍රධාන කොට ඇති සියලු විහාර, දේවාලයන්හි පූර්වාභිමත්ව ඇසළ “කප්” සිටුවීම සිදු කෙරිණි.

කුඹල් පෙරහර

2018 අගෝස්තු මස 16 දින, ගුරු දින සම්මත වේලාවෙන් අපරභාග 06 පසුවී විනාඩි 01 ට වයඹ දිශාභිමුඛව දේවාලයන්හි පෙරහර පිටත්ව, සිරිත් පරිදි ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණි පසුව, රාත්‍රී 06 පසුවී විනාඩි 16 ට වයඹ දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ, දේවවීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය), යටිනුවර වීදිය, රජ වීදිය, ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 17 වන දින, කිවි දින රාත්‍රී 07 පසුවී විනාඩි 07 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානයක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 18 වන දින, ශනි දින රාත්‍රී 07 පසුවී විනාඩි 41 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 19 වන දින, රිවි දින රාත්‍රී 06 පසුවී විනාඩි 59 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඊ.එල්.සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 20 වන දින, සඳු දින රාත්‍රී 06 පසුවී විනාඩි 55 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

රන්දෝලි පෙරහර

2018 අගෝස්තු මස 21 වැනි දින, කුජ දින රාත්‍රී 06 පසුවී විනාඩි 35ට දකුණු දිශාභිමුඛව සිව්දේවාලයන්හි රන්දෝලි බහා එදින සවස 07 පසුවී විනාඩි 02 ට සිරිත් පරිදි දකුණු දිශාභිමුඛව රන්දෝලි පෙරහර පිටත්ව ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ පසුව රාත්‍රී 07 පසුවී විනාඩි 37 ට දකුණු දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර සමඟ දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාරේ ඉහළට පැමිණ දේවවීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය, (කොටුගොඩැල්ල වීදිය) හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 22 වන දින, බුධ දින රාත්‍රී 07 පසුවී විනාඩි 02 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය), යටිනුවර වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 23 වන දින, ගුරු දින රාත්‍රී 06 පසු වී විනාඩි 50 ට වයඹ දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, (වෝඩ්වීදිය) ඊ.එල්. සේනානායක (කොටුගොඩැල්ල වීදිය), කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය), යටිනුවර වීදිය, කුමාර වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, (කොටුගොඩැල්ල වීදිය) හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 24 වන දින, කිවි දින රාත්‍රී 07 පසුවී විනාඩි 25 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

අගෝස්තු මස 25 වන දින, ශනි දින රාත්‍රී 07 පසුවී විනාඩි 58 ට උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, කන්දේ වීදිය (හිල් වීදිය) ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම.

දියකැපුම් පෙරහර

2018 අගෝස්තු මස 25 වන ශනි දින රාත්‍රී 01 පසුවී විනාඩි 03 ට උතුරු දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව්දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ ගෙඩිගේ විහාරයට (ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව් දේවාලයන්හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු කිරීම.

දවල් පෙරහර

2018 අගෝස්තු මස 26 වැනි දින රිවි දින, දවල් 11 පසුවී විනාඩි 45 ට නැගෙනහිර දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පෙරහර පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කන්දේ වීදිය (හිල් වීදිය) ඔස්සේ ඩී.එස්. සේනානායක වීදියේ (ත්‍රිකුණාමල වීදියේ), මංසන්ධියට පැමිණ එදින සවස 02 පසුවී විනාඩි 12 ට නැගෙනහිර දිශාභිමුඛව (ආදාහන මළුව) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර කැටුව, ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාර, ඔස්සේ දේව වීදියෙන්, රජවීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණාකොට සවස 04 පසුවී විනාඩි 15 ට නැගෙනහිර බලා ගෙවදීම ශුභවේ යැයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිකුත් කර ඇති මහනුවර ඇසළ පෙරහර වේලාවන් සහ ගමන් මාර්ග විස්තරයෙහි සඳහන් කර ඇත.

වේලාවන් සහ ගමන් මාර්ග වෙනස් කිරීමේ බලය ශ්‍රී දළදා මන්දිරයේ දියවඩන නිලමේ සතුය.

 

නිකිණි මස පුර අටවක පෝය


නිකිණි මස පුර අටවක පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා පූර්වභාග 01.06 ට ලබයි. 19 වන දා ඉරිදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 18 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]