UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික සේරුවාවිල මහ සෑරදුන්

 

ඓතිහාසික සේරුවාවිල මහ සෑරදුන් වහන්සේ

ඓතිහාසික සේරුවාවිල මංගල මහ සෑ රදුන් අබියස පැවැත්වෙන නිකිණි මහා පූජෝත්සව පින්කම් මාලාව මෙම මස 25 වනදා සිට සැප්තැම්බර් මස 02 වනදා දක්වා පැවැත්වේ. සේරුවාවිල මංගල රාජමහා විහාරාධිපති මංගල ධර්මකීර්ති ශ්‍රී නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදුකෙරේ. විදේශීය පාලන සමයන්හි දී සේරුවාවිල පුදබිම විනාශයට පත්ව තිබූ අතර දඹගස්ආරේ ශී‍්‍ර සුමේධංකර නා හිමිපාණන් වහන්සේ සිංහල ධාතුවංශය හදාරා තිබූ හෙයින් උන්වහන්සේ සේරුවාවිල පුදබිම සොයා දුෂ්කර ගමන් මගක නිරතවූහ. දඹගස්ආරේ සුමේධංකර නා හිමියන් දොඩන්දූවේ සිට තිරිකුණාමලය දක්වා රුවල් නැවකින් වැඩමවා, එතැන් සිට බත්තලකින් මුත්තූර් වෙත ද, එහි සිට බක්කි කරත්තයකින් තෝප්පුවට ද වැඩම කර වූහ. අනතුරුව අලි ඇතුන් ගමන් කළ පා සටහන් ඔස්සේ ඓතිහාසික සේරුවාවිල පුදබිම සොයා වැඩම කළ බව කියැවේ. එවකට ගරා වැටී තිබූ මංගල සෑ රදුන් ඩී. ඩී. වීරසිංහ මුදලිතුමා මුල්කර ගනිමින් ප්‍රතිසංස්කරණය කරවූ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමිපාණන් වහන්සේ 1931 දී කොත් පැළඳවීමේ පුණ්‍යෙීත්සවය පැවැත්වූහ. සේරුවාවිල ප්‍රජා සංවර්ධනයට උන්වහන්සේ කළ මෙහෙවර අපමණ ය.

ඉතිරිය»

 

නිකිණි මස පුර අටවක පෝය


නිකිණි මස පුර අටවක පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා පූර්වභාග 01.06 ට ලබයි. 19 වන දා ඉරිදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 18 වන දා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]