UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භූතාන රජබිසව ඇතුළු රාජකීයයන් ගංගාරාමයේ ආගමික වතාවත්වල

පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි භූතානයේ සිවු වැනි රජුගේ බිසව වන ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව ඇතුළු රාජකීය පවුලේ දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වූහ.ගංගාරාම විහාරස්ථානය වෙත ඉකුත්දා (28) පෙරවරුවේ පැමිණි ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව සහ ජිග්මේ ජිග්ටෙන් වැන්ග්චැක් කුමරු ඇතුළු දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණීස්සර නාහිමියන් සහ ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් විසින් පිළිගැනීමෙන් අනතුරුව විහාරස්ථානය වෙත කැඳවාගෙන ගියහ.අනතුරුව භූතාන රජ පවුලට, භූතාන වැසියන්ට සහ ශ්‍රී ලංකාවාසී සැමට ආශිර්වාද කරමින් බෝධි පූජාවක් පවත්වන ලද අතර අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ කෞතුකාගාරය නැරැඹීමට එක්වූහ.

ඉතිරිය»

ස්වර්ණමාලි සෑරදුන් අභියසදී භික්ෂූන් වහන්සේ පන්සිය නමකගේ සහභාගීත්වයෙන් පංච මහා අධිෂ්ඨාන පූජාවක්

ලෝක වාසී බෞද්ධ ජනතාවගේ එකමුතුවෙන් බිහිවුණු කළණ මිතුරෝ සංවිධානයේ මෙහෙයවීමෙන් මේ වසරේ නිකිණි පුන් පොහෝ දින අනුරාධපුර ස්වර්ණමාලි මහ සෑ රදුන් අභියසදී භික්ෂූන් වහන්සේ පන්සිය නමකගේ සහභාගීත්වයෙන් පංච මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට නියමිත ය.

සම්බුදු සසුන පුණරාලෝකනය පිණිස මෛත්‍රී බෝසතුන් වහන්සේ, සක් දෙව් රජතුමන්, සතර වරම් දේව රාජයාණන් වහන්සේලා ප්‍රධාන සම්මා දිට්ඨික දේව රාජයාණන් වහන්සේලා, බ්‍රහ්ම රාජයාණන් වහන්සේලා මනු ලොවට වැඩම කරත්වා යන්න පෙරදැරිව, පන්සිල් රකින, අට සිල් සුරකින දැහැමි බොදු සමාජයක් බිහිව සියලු ජාතීන් එකම දරු පවුලක් මෙන් සමඟි සම්පන්නව ජීවත් වන රටක් නිර්මාණය වේවායි යන්න ප්‍රාර්ථනය කරමින් එම අධිෂ්ඨාන පූජාව පැවැත්වෙයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සත්වගට සෙත් සදන මග

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
නහනෙය්‍ය න ඝාතයෙ

සකල ජන සෙත සදන අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි සවග භික්ෂූන් හා සතළොස්වග භික්ෂූන් අතර ඇති වූ ගැටුමක් අරබයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක. මෙ කල සවග හෙවත් සයනමක් ප්‍රධානත්වයෙන් වර්ග වූ භික්ෂු පිරිසක් හා සතළොස්වග හෙවත් දාහත් නමකගෙන් වර්ග වූ භික්ෂු පිරිසක් අතර ගැටුමක් හටගෙන එය දණ්ඩනයෙන් කෙළවර විය. හේතුව සෙනසුන්වල අයිතිය බෙදා ගැනීමට යාම ය. එක් දිනක් සතළොස්වගට අයත් භික්ෂූහු සැතපීමට සෙනසුන් පිළියෙල කරගත්හ. සවග භික්ෂූන් වැඩිමහල් වන අතර එම සෙනසුන් බලහත්කාරයෙන් ගන්නට ප්‍රයත්න දරනවිට සතළොස් භික්ෂූන් එයට අකමැති වූ බැවින් සවග භික්ෂූහු සතළොස් වග භික්ෂූන්ට පහර දුන්හ.

ඉතිරිය»

සැහැල්ලු ජීවන ගමනක්

බෞද්ධ අනුගාමිකයාට මූලික අරමුණු දෙකක් ඇත. පුද්ගලයෙකු මෙලොව උප්පත්තිය ලැබුවාට පසුව මරණය දක්වා කාලය තුළ සාර්ථක, යහපත් ,අර්ථවත් ජීවිතයක් ගතකිරීම හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීම එම අරමුණු ෙවි. සෑම පුද්ගලයෙකුම තමාගේ ජීවිත කාලය තුළ තමා බලාපොරොත්තු වූ සියල්ල ලැබෙන්නේ නැත. සෑම පුද්ගලයෙකුම තමා අපේක්ෂා කරන සියල්ල ලැබුවද, තමන් බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා කිසියම් අඩුවක් තුළ එය ලබාගනී. තමන් ලැබූ සියලු බලාපොරොත්තුවල අඩුවක් පවතී. එය සෑම පුද්ගලයෙකුටම පොදු කාරණාවක් බව අවබෝධ කරගත යුතු වේ. පුද්ගලයෙකු වශයෙන් තනි තනිව සිතීම නිසා තමනට පමණක් එය නොලැබුණ බවත්, අනෙක් පුද්ගලයාට එය ලැබෙන බවටත් සිතයි.තමන්ට යම් දෙයක් නොලැබීමත් ,අනෙකාට එය ලැබීමත් සත්‍ය බවක් පැවැතිය හැකි ය

ඉතිරිය»

බුදුරදුන් සෝපාකට පිහිටවීම

 

 දුරුතු අව අටවක පෝය 


 දුරුතු අව අටවක පෝය ජනවාරි 08 වන දා සඳුදා අපරභාග 03.53 ට ලබයි. 9 වන දා අඟහරුවාදා අපර භාග 04.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 16 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]