UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකාවට පැමිණි භූතානයේ සිවුවැනි රජුගේ බිසව වන ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව සහ ජිග්මේ ජිග්ටෙන් වැන්ග්චැක් කුමරු ඇතුළු රාජකීය පවුලේ දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වූ අයුරු.
 

 

 

භූතාන රජබිසව ඇතුළු රාජකීයයන් ගංගාරාමයේ ආගමික වතාවත්වල

පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි භූතානයේ සිවු වැනි රජුගේ බිසව වන ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව ඇතුළු රාජකීය පවුලේ දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වූහ.ගංගාරාම විහාරස්ථානය වෙත ඉකුත්දා (28) පෙරවරුවේ පැමිණි ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව සහ ජිග්මේ ජිග්ටෙන් වැන්ග්චැක් කුමරු ඇතුළු දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණීස්සර නාහිමියන් සහ ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් විසින් පිළිගැනීමෙන් අනතුරුව විහාරස්ථානය වෙත කැඳවාගෙන ගියහ.අනතුරුව භූතාන රජ පවුලට, භූතාන වැසියන්ට සහ ශ්‍රී ලංකාවාසී සැමට ආශිර්වාද කරමින් බෝධි පූජාවක් පවත්වන ලද අතර අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ කෞතුකාගාරය නැරැඹීමට එක්වූහ. 1976 වසරේ අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි එවකට භූතානයේ ජිග්මෙසින්ගි වැන්චාග් රජු විසින් මුල්ගල තබා ආරම්භ කරන ලද බෝධි බැම්ම විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ද මෙහි දී සිදුවිණි.

ඉතිරිය»

 

 දුරුතු අව අටවක පෝය 


 දුරුතු අව අටවක පෝය ජනවාරි 08 වන දා සඳුදා අපරභාග 03.53 ට ලබයි. 9 වන දා අඟහරුවාදා අපර භාග 04.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 16 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]