UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බටුගොඩ ජයසුන්දරාරාමයේ දී පින්කම් මාලාවක් 13 වන දා

බටුගොඩ ජයසුන්දරාරාමයේ දී පින්කම් මාලාවක් 13 වන දා

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති, හාරිස්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක නාලන්දේ විමලවංශ නා හිමියන්ගේ අනුශාසනා පරිදි ගලගෙදර පොලිස් ස්ථානය, පූජාපිටිය පොලිස් ස්ථානය, බටුගොඩ උතුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටුව, විහාරස්ථ දායක සභාව, කුළඟන සමිතිය, ඊගල් යෞවන සමාජය, ශ්‍රී සාරිපුත්ත දහම් පාසල ඇතුළු ස්වේච්ඡා සංවිධානවල මූලිකත්වයෙන් සංවිධානය කරනු ලබන අටවිසි බුද්ධ වන්දනා, බෝධි පූජාව සහ චතුමධුර සහිත ගිලන්පස පූජාව මහා සංඝරත්නය අසූ පස් නමකගේ සහභාගීත්වයෙන් ජනවාරි මස දහතුන් වැනි දින බටුගොඩ උතුර ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

ශ්‍රී සර්වඥ ධාතු කරඬුව සහ අටවිසි බුද්ධ ප්‍රතිමා සහ අනෙකුත් පූජා භාණ්ඩ රැගත් දර්ශනීය පෙරහර බටගල්ලේ ධම්මරතන පිරිවෙනේ සිට මෙදින පස්වරු තුනට පිටත්වෙයි. රටට, ජනතාවට ආශීර්වාද පතා පවත්වනු ලබන ආශීර්වාද පූජාව මල්වතු පාර්ශ්වයෙහි කර්මවාගාචාර්ය මඩුගහවත්ත පුරාණ ශ්‍රී ආනන්දාරාම විහාරාධිපති කුඹුරේගම මේධානන්ද හිමියන් විසින් මෙහෙයවනු ලැබේ.

 

 දුරුතු අව අටවක පෝය 


 දුරුතු අව අටවක පෝය ජනවාරි 08 වන දා සඳුදා අපරභාග 03.53 ට ලබයි. 9 වන දා අඟහරුවාදා අපර භාග 04.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 16 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]