UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භූතාන රජබිසව ඇතුළු රාජකීයයන් ගංගාරාමයේ ආගමික වතාවත්වල

භූතාන රජබිසව ඇතුළු රාජකීයයන් ගංගාරාමයේ ආගමික වතාවත්වල



ශ්‍රී ලංකාවට පැමිණි භූතානයේ සිවුවැනි රජුගේ බිසව වන ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව සහ ජිග්මේ ජිග්ටෙන් වැන්ග්චැක් කුමරු ඇතුළු රාජකීය පවුලේ දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වූ අයුරු.

පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි භූතානයේ සිවු වැනි රජුගේ බිසව වන ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව ඇතුළු රාජකීය පවුලේ දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වූහ.

ගංගාරාම විහාරස්ථානය වෙත ඉකුත්දා (28) පෙරවරුවේ පැමිණි ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව සහ ජිග්මේ ජිග්ටෙන් වැන්ග්චැක් කුමරු ඇතුළු දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණීස්සර නාහිමියන් සහ ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් විසින් පිළිගැනීමෙන් අනතුරුව විහාරස්ථානය වෙත කැඳවාගෙන ගියහ.අනතුරුව භූතාන රජ පවුලට, භූතාන වැසියන්ට සහ ශ්‍රී ලංකාවාසී සැමට ආශිර්වාද කරමින් බෝධි පූජාවක් පවත්වන ලද අතර අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ කෞතුකාගාරය නැරැඹීමට එක්වූහ. 1976 වසරේ අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි එවකට භූතානයේ ජිග්මෙසින්ගි වැන්චාග් රජු විසින් මුල්ගල තබා ආරම්භ කරන ලද බෝධි බැම්ම විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ද මෙහි දී සිදුවිණි.

ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව සමඟ ශ්‍රී ලංකාවට පැමිණි භූතාන රජ පවුලේ ජිග්මේ ජිග්ටෙන් වැන්ග්චැක් කුමරු විසින් මේ සමරු ඵලකය නිරාවරණය කිරීම සිදු වූ අතර අනතුරුව ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ සංස්කෘතික අංගයකට ද එක්වූහ.

මෙහි දී අදහස් දක්වමින් ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව සඳහන් කළේ තම රජ පවුලේ සාමාජිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවත් බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් ය. ශ්‍රී ලංකාවේ භූතාන තානාපති කාර්යාලය විසින් මේ සංචාරය සඳහා අවස්ථාව ලබා දී තිබෙන බව කී එම බිසව එම සංචාරයේ දී ගංගාරාමයට පැමිණීමට අවස්ථාව ලබාදීම අගය කරන බව ද පැවසුවාය.1976 වසරේ දී එවකට භූතාන රජතුමා මෙරට සංචාරයක නිරතව තිබෙන බව සිහිපත් කළ වැන්ග්චක් බිසව එම සංචාරය දෙරට අතර ආගමික සහයෝගීතාවය වර්ධනය කරන්නක් බව ද මේ වන විට දෙරට අතර සබඳතා ඉහළ මට්ටමක පැවතීම සතුටට කරුණක් බව ද පෙන්වා දුන්නා ය.

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නා හිමියෝ පෙන්වා දුන්නේ අභාවයට යමින් පැවැති ගංගාරාමයේ බෝධිය රැක ගැනීම වෙනුවෙන් 1976 දී මෙරටට පැමිණි භූතාන රජතුමා විසින් බැම්මක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබූ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් බෝධිය රැක ගැනීමට අවස්ථාව සැලසුණු බවත් ය. මෙරටට පැමිණි භූතාන රජ බිසව ඇතුළු දූත කණ්ඩායමට ආශිර්වාද කරමින් බෝධි පූජාවක් පැවැත් වූ බව ද එමඟින් භූතාන රජ පවුල ඇතුළුව සැමට සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන බව ද පැවැසූහ.

පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්, විජය පුවත්පත් ආයතනයේ සභාපති රංජිත් විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

 

 දුරුතු අව අටවක පෝය 


 දුරුතු අව අටවක පෝය ජනවාරි 08 වන දා සඳුදා අපරභාග 03.53 ට ලබයි. 9 වන දා අඟහරුවාදා අපර භාග 04.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 08 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 16 වන දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]