කිරිවෙහෙරට දාස් පෙතියා මල් පූජාවක්
කිරිවෙහෙරට
දාස් පෙතියා මල් පූජාවක්
කතරගම ඓතිහාසික කිරි වෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ අබියසදී දාස් පෙතියා මල් පූජා
කිරීමේ පූජෝත්සවයක් ජනවාරි මස 10 වන දින උදෑසන පැවැත්වේ. කිරිවෙහෙර විහාරාධිපති
කොබවක ධම්මින්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම නව වසරේ රටටත් ජනතාවටත්
සෙත්පතා පැවැත්වේ. හොරණ පදිංචි රවීන්ද්‍ර වීරකෝන් මහතා තම ඉඩමේ වගා කළ දාස් පෙතියා
මල් එම පූජාව සඳහා රැගෙන ඒම විශේෂත්වයකි. |
|
|
දුරුතු අව අටවක පෝය
දුරුතු අව අටවක පෝය ජනවාරි 08 වන දා සඳුදා අපරභාග 03.53 ට ලබයි. 9 වන
දා අඟහරුවාදා අපර භාග 04.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 08 වනදා
සඳුදා ය.
මීළඟ පෝය ජනවාරි 16 වන දා ය.
|
|
|
|
|
|
|