ශ්‍රී ලාංකේය 260 කට තායිලන්තයේ දී
පැවිදිවීමට අවස්ථාවක්
මිහිඳු මාහිමියන් විසින් අප රටට ගෙන එනු ලැබූ සම්බුදු දහම චිරාත්
කාලයක් අප රටේ යෙහෙන් වැජඹුණත් වරින් වර අප රටේ බුදු දහමට විදේශීය
තර්ජන එල්ල වුණා.
එවන් අවස්ථාවලදී අපේ මිත්‍රරටවලින් උපසම්පදාව ලබා ගැනීමට මෙන්ම දූත
පිරිස් හුවමාරු කර ගැනීමද සිදුවුණා. මේ ඇසුරෙන් උපසම්පදාව යළි ලබා
දීමෙන් අපට සුවිශාල දායකත්වයක් ලබා දුන් රටක් ලෙස අද තායිලන්තය නමින්
අප හඳුන්වන එදා සියමය හඳුන්වන්න පුළුවන්.
ඉතිරිය»
මැදින් පෝදා
සිරිපා කරුණා කිරීමට
බොදු ජනතාව පුරුදු වී සිටිනවා
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේත්, දෙස් විදෙස් සංචාරකයන්ගේත්
ගෞරවනීයත්වයටත්, පූජනීයත්වයටත් පත්ව තිබෙන ශ්‍රීපාදස්ථානය, එහි
පෞරාණිකත්වය සුරැකෙන අයුරින් සංරක්ෂණය කර සංවර්ධනය කරන බව වත්මන් ශ්‍රී
පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ශ්‍රද්ධාව ධනයකි බලයකි
බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම විවෘත වූ තරමට ම බබළන්නේය, වැසුණු
තරමට එහි බැබළීමක් නොවන්නේ ය යනු බුªද්ධදේශනාවයි. නිදහස් චින්තනයෙන්
විමසීමෙන් හා පරීක්ෂා කිරීමෙන් තොරව හුදෙක් ගෞරවය, භක්තිය හා බිය පදනම්
කරගෙන විශ්වාසයන්හි බැස ගැනීම හා ඇදැහීම භක්තියයි.ලොව පවත්නා සෙසු
සියලු ආගම්වලට පදනම් වී ඇත්තේ භක්තිය යි. බුදුදහමේ ඇත්තේ භක්තිය නොව
ශ්‍රද්ධාවයි.
ඉතිරිය»
සධාතුක ධා කරඬුවක් බඳුවූ
බුද්ධංගල
මුරපළක් වූ බුද්ධංගල ගැන හැම සිංහලයකු තුළම කැක්කුමක් ඇති විය යුතුයි “
බුද්ධංගල තපෝ වනය නම් වටිනා පොත් පිංච ලියා පල කළ පුරාවිද්‍යා
චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ එහි පෙර වදනෙහි ඉහත සඳහන
සටහන් කර තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයට කි.මී. 7 ක් පමණ උතුරෙන් බුද්ධංගල
වන සෙනසුන පිහිටා ඇත.
ඉතිරිය»
|