|
|
සියම් මහා නිකායේ
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක
අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මා
හිමිපාණන් වහන්සේගේ අසූ හතර වැනි ජන්ම
දිනය සමරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ
දළදා සමිඳුන් වැඩ සිටින ගන්ධකුටියේ
ප්‍රධාන දොරටුව සඳහා රිදියෙන් කළ දොර
වියන් දෙකක් සහ උළුවස්සක් පූජාකළ අතර එම
අවස්ථාවට දරණාගම කුසලධම්ම හිමි සහ ආර්ථික
සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාද
සහභාගි වූහ. |
|
උඩුගම ශ්‍රී
බුද්ධරක්‍ඛිත මහ නා හිමියන්ගේ අසූ හතර
වැනි ජන්ම දිනයට උපහාර වශයෙන් මහ නා
හිමියන් වෙත ආර්ථික සංවර්ධන අමාත්‍ය
බැසිල් රාජපක්‍ෂ මහතා විසින් රිදී කරඬුවක්
පූජා කළ අවස්ථාව. |
|
|
ශ්‍රී ලාංකේය 260 කට තායිලන්තයේ දී
පැවිදිවීමට අවස්ථාවක්
මිහිඳු මාහිමියන් විසින් අප රටට ගෙන එනු ලැබූ සම්බුදු දහම චිරාත්
කාලයක් අප රටේ යෙහෙන් වැජඹුණත් වරින් වර අප රටේ බුදු දහමට විදේශීය
තර්ජන එල්ල වුණා.
එවන් අවස්ථාවලදී අපේ මිත්‍රරටවලින් උපසම්පදාව ලබා ගැනීමට මෙන්ම දූත
පිරිස් හුවමාරු කර ගැනීමද සිදුවුණා. මේ ඇසුරෙන් උපසම්පදාව යළි ලබා
දීමෙන් අපට සුවිශාල දායකත්වයක් ලබා දුන් රටක් ලෙස අද තායිලන්තය නමින්
අප හඳුන්වන එදා සියමය හඳුන්වන්න පුළුවන්.
ඉතිරිය»
|
|
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26
වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය. |
|
|
|
|
|
|